ෆොන්සේකා, රංගේ …. ඇමති රංගනය මේ සතියේ නිමවන ලකුණු

ඇමති දුරයන් නොලැබීම සම්බන්ධයෙන් විවිද අදහස් පලකරන ලදී

අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ද යන්න නීතිපතිවරයාගේ මතය විමසා ඇති පසුබිමක ලැබෙනා තීරණයට අදාලව මෙලෙස තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙපලක් පත්වීමටද ඉඩ ඇති බවද හෙතෙම පැවසිය.
කෙසේ වෙතත් මේ දක්වාම කිසිදු අමාත්‍යධුරයක දිවුරුම් දී නොමැති පාලිත රංගේබණ්ඩාර හා සරත් ෆොන්සේකා යන මන්ත්‍රීවරුන් ඉදිරියේදී කැබිනෙට් අමාත්‍යධුර සදහා පත්කිරීමේ සුදානමක් පවතින බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි. විශේෂයෙන්ම මිට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය පෙරලා දමා නැවතත් එජාප රජයකට පාර කැපු තීරණාත්මකම දේශපාලන සාධකය වූ පාලිත රංගේබණ්ඩාර මහතාට අමාත්‍යධුරයක් මේ දක්වාම නොලැබීම ඉතා බරපතල වරදක් යන මතයද එජාපය ඇතුළතින්ම පැමිණෙමින් සිටිනා බවද වාර්ථා වෙයි.

“මේ දවස්වල මට කියනවා ඇමතිකම ගන්න ඕනෙ නම් සමාව ගන්න කියලා. අර රාජපක්ෂ මාව හිරේ දාලා, අවුරුදු දෙකහමාරක් මං හිරේ හිටියා. මට පණිවිඩ පිට පණිවිඩ එව්වා, සමාව ගනිං, හිරෙන් එළියට ගන්නම්, උඹට මිලියන මෙච්චර දෙන්නං, ඒත් මම දණ ගැහුවෙ නෑ. එතකොට සිරිසේන හිතනවා නම් මම සිරිසේන ගාවට ගිහින් ඇමතිකමක් වෙනුවෙන් දණ ගහයි කියලා මම එන්නෙ නෑ, සමාව ගන්න. අපට කොඳු නාරටියක් තියෙනවා.

මම එක් එක් පුද්ගලයින් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරන තුට්ටු දෙකේ මිනිසෙකු නෙමෙයි. එලොව යවන්න සැලසුම් කළේ එක් පුද්ගලයෙක් පමණයි.ඒ ප්‍රභාකරන්. ඒකත් කලේ එයාට ඊට අවුරුදු දෙකකට කලින් කියලයි..” – ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා  සදහන් කරයි

පසුගියදා වේදිකා කිහිපයකදී පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ තමන්ට කැබිනට් ඇමති දුරයක් ලැබිය යුතු බවත් ඉන් මෙපිට කිසිදු අමාත්‍ය දුරයක් ලබාගැනීමට සුදානම් නැති බවත් එසේනම් මන්ත්‍රී දුරයම සුදුසු බවද තමන් පක්ෂයේ යහපත වෙනුවෙන් පක්ෂය තුල අරගල කරන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් දිනවීම බව සදහා කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *