ගං වතුර අවධානම පහව යයි

අනතුරු ගැන අවධානයෙන් සිටින්න

වාර්තාව : උදයන්ත නාගොඩ

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල (08) අද දිනයේ වැසි සහ සුළං ඇති විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥ ලලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.දිවයින හරහා හමායන සුළං ප්‍රවාහයේ වේගය පැ කි මී 60 පමණ වේගයක් ගන්න බව සදහන් කරයි

(07) ඊයේ රාත්‍රියේ ඉහළ යමින් පැවති කළු සහ මහ වැලි ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය මට්ටමට පත්වෙමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවාය.තවදුරටත් වැසි ඇති වන්නේනම් ගංගා වල ජාල මට්ටම ඉහල යාහැකි බව සදහන් කරයි

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කෙරුණු නාය යෑමේ අවදානම් නිවේදනය තවදුරටත් බල පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.මධ්‍යම, සබරගමුව,ගාල්ල,මාතර ප්‍රදේශ වලට පනවා තිබු අනතුරු ඇගයීම් තවදුරටත් ක්‍රියාත්මකයි . එම ප්‍රදේශවල ජල උල්පත් මතුවීම ගස් ඇලවීම නිවාස පුපුරා යාම පිළිබද අවධානයෙන් සිටින ලෙස දැනුම්දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *