තවත් කොරෝනා මරණ පහක් සමස්ථය 181 යි
අද දිනයේ තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.මේ අතර බන්ධනාගාර රැදවීයෙකු සිටින බවත් මිය ගිය අය අතර පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු සහ කාන්තාවක් සිටින බව පැවසේ. මිය ගිය පිරිමි අය අවුරුදු 68,55,77, 83 හැවිරිදි වන අතර කාන්තාව 63 හැවිරිදි බව පැවසේ. ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත ගණන 181 දක්වා වැඩි වී තිබේ. මෙම මිය ගිය පිරිස අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකුද සිටින බව පැවසේ.