ලොව එකම රිටි පන්න ධීවරයෝ අසරණයි // රිටි පන්නයේ අතීතයේ සිට අනාගතයට

නොගැඹුරු මුහුදේ මාළු අල්ලන ක්‍රමයක් විදියටයි මේක ජනප්‍රිය

හබරාදුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කතළුව ධීවර තොටුපොළ ගල්බැමි යොදා සංවර්ධනය කරදෙන ධීවර ජනතාව ඉල්ලා සිටිති.මේ බව සඳහන් කරමින් ඔවුන් පසුගියදා උද්ඝෝෂණයක ද නිරත වුහ.

ගාල්ල  මාතර මාර්ගයේ ඵක් මංතීරුවක් වසා හබරාදුව කොග්ගල සිංහ ධීවරගම දී  ධිවරයන් පිරිසක් උද්ඝෝෂණයක් කල අතර පසුව ඵම පිරිස සාමකාමීව විසිර ගියහ. 2018.09.28 දින පෝස්ටර් බැනර්,නාමපුවරු එල්ලා ගෙන ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණය පුරා පැයක පමණ කාලයක් පැවැතිනි. මේ නිසා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ එක් මන්ත්‍රිරුවක් ගමනා ගමන කටයුතු සම්පුරණයෙන්ම අඩපන වුහ.

කොක්කු කොකා ගැන විවිධ කතාන්දර ඇත. සත්තකින්ම අප දන්වා පරිදි පොකුණක් අද්දරට වෙලා තනි කකුලෙන් හිටගෙන බකතපස් රකින කොක්කුන්ව අදටත් ඔය ගමේ ගොඩේ පැත්තක දැකගත හැකිය. මාළුවෙක් දැක්ක ගමන් ඔය සීලේ ඉවරයි. ඒත් මිනිස්සුත් ඔය තාලෙන් මාළු බාන හැටි දැකලා තියෙනවද? මේ පිරිසට කියන්නේ “රිටිපන්න ධීවරයෝ” ලෙසයි. ලොව මේ ආකාරයට ධීවර කර්මාන්තය කරන එකම රට ලංකාවයි හබරාදුව මුහුදු වෙරළට පමණක් මෙය සීමා වී තිබිමද සුවිශේෂත්වයකි.

මේක ලංකාවට ආවේණික මාළු බාන ක්‍රමයක්. දකුණු පළාතේ මුහුදු තීරය දිගේ මාතර පැත්තට යද්දී මේක දැකගන්න හැකිය. ගාල්ල, කොග්ගල, කතළුව, අහංගම, වැලිපැන්න, මිදිගම වගේ පැතිවල මේක සෑහෙන්න සුලභ දසුනක්. හැබැයි අවුරුද්දේ හැම කාලේ ම නෙවෙයි. මැයි මාසයේ ඉඳන් දෙසැම්බර් වගේ වෙනකන්.

“රිටිපන්නය” හැදෙන්නේ නොගැඹුරු මුහුදේ සිරස් අතට සිටවන රිටකිනුයි, ඒකෙ තිරස් අතට සවි කරන දණ්ඩකිනුයි. ජල තලයේ ඉඳන් මීටර් දෙකක් විතර උඩින් බඳින මේ දණ්ඩ මාළු බාන කෙනාට සමබර ව වාඩිවෙලා ඉන්න ඉඩ සලස්වනවා. කදුරු, කඩොල්, ඇට්ටෝනියා වගේ මුහුදු වතුරට ඔරොත්තු දෙන ලී වර්ගයක් ආධාරයෙන් තමයි මේක හදන වැඩේට හරියන්නේ. මේ කෙළින් අතට හිටවන ඉන්න ජල තලයේ ඉඳන් අඩි 8-10 උසින් යුක්ත වෙනවා. බිලී පිත්ත හැදෙන්නේ කිතුල් ලීයෙන්ය.

මේකේ  තියෙන විශේෂත්වය වෙන්නේ මේ වගේ රිටක් උඩ ඉඳගෙන මාළු බාන එක ම නෙවෙයි. සාමාන්‍යයෙන් මාළු බානකොට ඇමක් පාවිච්චි වෙනවනේ. ගොඩක් වෙලාවට ඇම විදියට යොදාගන්නේ පණුවෝ, හාල්මැස්සෝ මාළු වගේ ජාති. ඒත් රිටිපන්න ක්‍රමේට මාළු බානකොට කොයිම විදියෙවත් ඇමක් භාවිතා වෙන්නේ නැහැ. නොගැඹුරු මුහුදේ මාළු අල්ලන ක්‍රමයක් විදියට තමයි මේක ජනප්‍රිය වී ඇත.

රිටිපන්න ක්‍රමයට දිග ඉතිහාසයක් තියෙන බව කියවුණත්, ඒකෙ දින වකවානු ගැන හරි කතාවක් දැනගන්න ලැබෙන්නේ නැහැ. අප ධීවරයන්  පවසන පරිදි මේක ඉස්සර රුවල් නැව්වලින් ලංකාවට ආව ධීවර කාර්මිකයන්ගෙන් අපේ මිනිස්සු ඉගෙනගත්ත දෙයක්.

ගන්දර හිටපු රාළහාමි කෙනෙක්‌ තමයි මේ වැඩේට මූලික වෙලා තියෙන්නේ. දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ මේ වැඩේ පටන් ගැනුණ බවත් පිරිසක් කියති. පරම්පරාගත ව මේ තාක්ෂණය අද ඉන්න පරපුරට ලැබුණු බවක් පේන්න ඇත.

ඇම නැතුව මාළු බාන්න පුළුවන් මේ බිලී කටුව හැදෙන හැටි ගැන මේ වෙලාවේ කතා නොකළොත්, ඒක ලොකු අඩුවක්. බිලී කටුවේ අච්චුව විදියට යොදා ගැනෙන්නේ දැලි පොත්තයි. දැලි පොත්ත කියන්නේ දැල්ලාගේ පිට වැහිලා තියෙන පොත්තට. දැල්ලා වයසෙන් වැඩෙද්දී, උගේ ප්‍රමාණය ලොකු වෙනවනේ. එතකොට මේ පිටපොත්ත හැලෙනවා. වෙරළට ගහගෙන එන දැලිපොතු එකතු කරගන්න රිටිපන්න ධීවරයන් මිරිදිය ජලයෙන් හෝදලා දුමේ දානවා. ඒකෙන් දැලිපොතු වේලෙනවා. සාමාන්‍යයෙන් සති තුනක් වගේ මේ විදියට දැලිපොතු දුමේ වේලීම සිදු කරයි.

ඊළඟට වෙන්නේ දැලිපොත්ත කෑලිවලට කපන එක. මේ කුඩා කැබලි ගල් ලෑල්ලක අතුල්ලලා මට්ටම් කරගැනීමක් කරනවා බව ධීවරයෝ කියති. මැදගත්ත දැලිපොතු ගින්දරෙන් රත් කිරීමකුත් වෙනවා. මේක බිලීකටු අච්චුව බවට පත්වෙන්නේ ඉන්පස්සෙයි. මේ අච්චුවට රත් කරපු සුදු ඊයම් වත්කරලා විනාඩි පහකට වගේ පස්සේ අච්චුවෙන් ගලවලා අයින් කරනවා. මෙන්න මේක තමයි රිටිපන්නයෙදී පාවිච්චි වෙන ඊයම් බිලීකටුව වෙන්නේ.

හැබැයි මෙතැනිනුත් මේ වැඩේ ඉවර වෙන්නේ නැහැ. සියුම් මිටි උදව් කරගෙන මේ බිලීකටු ඔප මට්ටම් කරලා පීරකින් ගෑමක් සිද්ධ කරනවා. මාළු රැවටෙන්නේ මෙන්න මේ ඔපේට. ඒ නිසා කොරබුරුවා, බෝල්ලෝ වගේ මාළු ලේසියෙන් ම අල්ලාගන්න ගැන්නට හැකිය. ඒ අල්ලගත්ත මාළුන් ව තමන්ගේ ළඟ තියෙන මල්ලට දාගන්නවා දැකගත හැකිය.

මුහුදේ වඩදිය, බාදිය මට්ටම්වල හැටියට බිලීකටුවේ සයිස් එකත් වෙනස් වෙනවා. වඩදිය තියෙනවනම් භාවිතා කරන්නේ ලොකු බිලීකටුවක්. බාදිය නම් පොඩි බිලීකටුවක්.

මේ වැඩේට නියමෙට ම හරි යන්නේ ළඟින් ළඟින් ගැට තියෙන කිතුල් පිත්තක් කියලා තමයි ආරංචි වෙන්නේ. මේ පිත්ත පවනේ වේලලා, ගින්නෙන් පුච්චන ගමන් සිරස් අතට හදාගන්නවා. ඊටපස්සේ මේකට යොත සම්බන්ධ කරනවා. යොත කියන්නේ බිලී පිටතට සවි කරන ලණු පොටකට. ඉස්සර යොත විදියට පාවිච්චි වුණේ අන්නාසි ගස්වලින් ඉරාගන්න පොතු. මේ පොතුවලින් හදන කෙඳි එකට එකතු කරලා හදාගන්න ලණු කැරැල්ලක් මේ විදියට භාවිතා වුණා. හැබැයි දැන් තත්ත්වේ ඊට වඩා වෙනස් ය.

මේවන විට සත්තකින්ම  රිටිපන්න ධීවරයෝ යොත හදන්නේ ලෝකේ තියෙන හොඳ ම තංගුස් නූලකින්. කොටින් ම කියනවනම් ඇහැට පෙන්නේ නැති තරමට සිහින් මේ තංගුස් නූල් වර්ගය ලංකාවේ ඇත්තේවත් නැහැ. මේ ධීවරයන්ට ඒ නූල් ලැබෙන්නේ රිටිපන්න ක්‍රමය ගැන කුතුහලයක්, කැමැත්තක් දක්වන විදේශිකයන්ගෙන් ලැබේ.ඔවුන්ට මෙය අමුතුම විස්මය ගෙනදෙන පන්නා ක්‍රමයකි.

සත්තකින්ම දැන් කාලේ වෙනස්, තාලේ අලුත්නේ. ඒ නිසා රිටිපන්න ක්‍රමයටත් අලුත් තාක්ෂණයේ දේවල් එකතුවෙච්ච බවක් පේන්න තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඒ දවස්වල මුහුදේ හිටවන රිටිපන්නයට යොදාගත්තේ ඇලිස්ටෝනියා ගහෙන් ගන්න රිටකුයි. ඒ වෙනුවට දැන් ගැල්වනයිස් කරපු බට පාවිච්චි වෙනවලු. මොකද සවි ශක්තියත් හොඳයි, මළකඩ කෑමත් අඩුයිනේ.

ඉස්සර ඔහේ විටකුත් හපහප බිලී බෑව රිටිපන්න ධීවරයෝ අද වෙද්දී පොඩි සංගීතයක් එහෙම අහගෙන ඒ වැඩේ කරන ආකාරයක් දැකිය හැකිය. මොකද එයාලා හැමෝම වගේ ළඟ මොබයිල් ෆෝන්, පොකට් රේඩියෝ තියෙනවනේ. කොහොමත් මේක සෑහෙන්න ඉවසීමකින් කරන්න ඕනේ වැඩක්. ඒ නිසා ඒ වගේ දේවල්වල උදව් ගත්තට පාඩුවක් නැහැ.සංතිය අසමින් මසුන් අල්ලන ක්‍රමය නම් අපේ කාලයේ තරුණ පිරිසට ඇත්තටම නව ඉසව්වුකට කැදවාගෙන යන්නක් දැයි සිතේ.

මේ රිටිපන්න ධීවරයන්ගෙන් ගුරුහරුකම් අහගෙන, ඒ දර්ශන පටිගත කරගෙන ගියත්, අදටත් මේ තාක්ෂණය උදව් කරගෙන එක මාළුවෙක් හෝ බාගන්න විදේශිකයන්ට පුළුවන් වෙලා නැහැ. චීන, ජපාන රටවල් පවා මේක උත්සහ කළා. ඒත් වැඩක් වුණේ නැහැ. මේකෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ දෑතේ හැකියාවයි. අනාගත පරම්පරාවටත් දැක බලාගන්න පුළුවන් විදියට ඒක ආරක්ෂා කිරීම අපේ බලධාරීන් සතු ලොකු වගකීමක් වන්නේ ය.

ඉතිං හිරුසදු වියකි තවත් සුන්දර උදෑසනක්  කොග්ගල මුහුදු වෙරළට තළ දැකිය හැකිය. වෙරළත ඈත පාවෙන ධීවර ඔරු බෝට්ටු මසුන් සොයා ඈත මුහුදට ඇදේ.ධීවර ගීතයක රසය සමගින් රන්වන් වූ මුහුදු රළ රිද්මයකට ගී ගයනා වැනිය.

රළ නැති නිදියන සුන්දර මුහුදු වෙරළ අසල එක රෑනට එක යායට රිටි පප්නා ධීවර කර්මාන්තයේ දෙනෙන ධීවරයෝ අදත් උදෙන්ම මසුන් ට ඇම දා බලා සිටිති.එය සුන්දර දසුනකි. නමුත් මෙය දියුණු කර අපේ ධීවරයන්ට සන්තානම් මෑණියන්ගේ ආශිර්වාදයෙන් ධීවරයන්ට අදක් හෙටත් අනාගතයක් ඇති කරන්නට මේ රටේ පාලනය කළ කිසිදු පලකයෙක් කටයුතුකර නොමැති සියල්ලෝම සිදු කළේ ධීවරයන්ට ඇම ධිමක් පමණි. මාළු කෑල්ලක් දෙනවා වෙනුවට බිලි පිත්තක් දෙන්නට වගකිවයුතු ඇත්තෝ කටයුතු නොකර පාරම්බාති. රට වටේ  ඇති මුහුද දෙස බලමින් අප පුවක් කෑලි මෙන් කුඩා මාළු කැලි කන අතරේ ලංකාව  මාළු , කරවල උම්බලකඩ  විදෙස් රටවලින් ගෙන්වන   අමුතුම දිවයිනකි ශ්‍රි ලංකාව …….ලජ්ජයි. හිරිකිතයි…

මෙයට හේතුව කොග්ගල ධීවර තොටුපොළ ආරක්ෂාකර දෙනමෙන් හා විනාශ වෙන තොටු පොල ආරක්ෂා කර දෙනමෙන් ද තොටුපොලේ පහසුකම්  ඉල්ලා සිටිමින මෙම උද්ඝෝෂණය සිදු කළහ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දකුණු පළාත් සභා මන්ත්‍රි ඒ.ජී.සී පියසිරි, හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මක්ත්‍රි මණ්ඩලය ද විශාල ධීවර ජනතාවක්ද මෙම අවස්ථාවට එක්ව සිටයහ.

අදාළ මධ්‍යම ආන්ඩුවේ  ධීවර මැති ඇමති හා පළාත් සභාවේ ධීවර ඇමති වරායා මේ සම්බන්ධයෙන් දැනුවත් කර පහසුකම් ලබාදෙන්නට කටයුතු කරන බැව් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පැවසීමෙන් පසුව පිරිස සාමකාමිව විසිර ගියහ.

කතලුව ධීවර තොටුපොළ දීර්ඝ කාලයක් තිස්සේ සාම්ප‍්‍රදායික පන්න යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදීම සදහා කතලුව,කොග්ගල,මෝදරගොඩ,කබලාන ආදී ගම්වල ධීවරයින් යොදාගත්  ධීවර තොටුපොළක් වේ.

කෙසේ වෙතත් සුනාමි ව්‍යසනයෙන් පසුව එකී සාම්ප‍්‍රදායික බිලිපිති පන්නය ඇතුලු කර්මාන්ත බොහොමයක් අඩපණ වී ඇත අතර මේ වන විට කතලුව ධීවර තොටුපොළෙන් පිටත එන්ජිම සහිත ෆයිබර් ග්ලාස් බෝටිටු 30 පමණ ධීවර වෘතියේ නියැලිම සදහා දෛනිකව පිටත්වේ.මේ ධීවර තොටුපොළෙන් මාළු වෙළඳාමේ සිටින ධීවරයින්ද ඇතුලුව ධීවරයින් 150 කට අධික ප‍්‍රමාණයක් පහසුකම් ලබා ගන්නා බවද කතලුව ග‍්‍රාමීය ධීවර සංවිධානයේ සාමාජිකයන් පවසති.

කෙසේ වෙතත් කතලුව ධීවර තොටුපොළ රැකියාව සදහා භාවිතා කර හැකි වන්නේ වසරේ මාස 06 ක කාලයක් පමණක් වන අතර ඉතිරි මාස 06 ක කාල සීමාව පුරාවට මුහුද රළු වීම නිසාවෙන් එම ධීවරයන්ට තොටුපොළ තමන්ගේ ධීවර කටයුතු වලට භාවිතා කිරීමට නොහැකි වන අතර එම කාලයේදී ඔවුන් ගාල්ල සහ ම්රිස්ස ධීවර වරායන් වෙත ඔවුන්ගේ ධීවර යාත‍්‍රා රැගෙන ගොස් එම ප‍්‍රදේශ වල ධීවරයන්ගෙන් නොයෙකුත් හිරිහැර හා අඩම්තේටිටම් වලටද ලක් වනබව කියා සිටී.

මෙම හේතුව මත වරකන් කාලයේදී කතලුව ධීවර තොටුපොළේ රැකියාව කරගත හැකි පරිදි සංවර්ධනය කර ගැනීම සදහා ප‍්‍රදේශවාසී ධීවරයන් විසින් ඉල්ලීමි ගනනාවක් කර ඇති අතර සංවර්ධන කටයුතු සදහා වන භුමිය මැණීම් කටයුතුද අවසන් කර ඇති බව ඔවුන් කියා සිටී.

ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ කතලුව ධීවර තොටුපොළ දෙපසින් ගල් බැමි දෙකක් යොදා සකස් කොට මැදින් ධීවර බෝටිටු ඇතුලු කිරීමට හෝ පිටවීමට හැකි වන පරිදි කපෝලක් ආකාරයට සකස් කර දෙන ලෙසයි එමගින් වාරකන් කාල සීමාවේදී ධීවර තොටුපොළට ඇතුලවන සහ පිටවන යාත‍්‍රා වට ස්වාභාවික ගල්පර මගින් සිදුවන හානිය අවම කරගතහැකි බවද ඔවුන් කියා සිටී.

ප‍්‍රදේශයේ ධීවරයන්ට දැඩි ලෙස බලපාන ගැටළුවක් වන මෙම ගැටලුව විසඳා දීම සදහා අදාළ විෂය භාර අමාත්‍ය විතිජමුනි සොයිසා මැතිතුමගේ අවධානය යොමුකරන්නට සාකච්ජාවක් සිදුකකළ බවත් ඒ අනුව, ඉදිරිපියවර ගන්නා බැව් හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක නිතිඥ තාරක නානායක්කාර මහතා පවසයි.

හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රි ලංකා නිදහස්පක්ෂ නව ආසන සංවිධයක තිසර ගුණසිංහ මහතා ද කීවේ හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ ධීවර ජනතාවගේ ප්‍රණ්ණ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාන් සමඟ කතාකර විසදුම් ලබාදෙන්නට ඉදිරියේ දී පියවර ගන්නා බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *