විදින තුවක්කුවකින් උණවටුන වෙරළේ මසුන් මැරූ විදේශීකයාට දඩ

ගාල්ල උණවටුන ජංගල් බිච් වෙරළ අසල මුහුදේ විදින තුවක්කුවකින් මසුන් මැරීම සම්බන්ධයෙන් වරදකරු වූ විදේශිකයකුට රුපියල් 50,000 ක් දඩයක් ගෙවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා ඊයේ (27) නියෝග කළේය. මෙසේ දඩ නියම වූයේ ලැබුවේ ස්පිවැක් දිමිත්රෝ නමැති 35 හැවිරිදි යුක්රේන ජාතිකයෙකුටය.

අදාළ සැකකරු ඉකුත් 24 වැනිදා ලංකාවට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක නතරව සිට උණවටුන මුහුදට පැමිණ විදින තුවක්කුවකින් මසුන් මරමින් සිටියදී නාවික හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන හබරාදුව පොලිසියට භාර දීමෙන් පසුව හබරාදුව පොලිසිය සැකකරු ගාල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *