මංගලගේ දේශපාලනයේ පළමු ඉනිම නිමයි දෙවැනි ඉණිම සැකයි

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉනිම නිමා වන්නට පෙර පිටියෙන් ඉවත්වීම සිදු කරනු ලබන අතර නැවත එම ඉනිමේ පන්දුවට පහර දීමට නොහැකි අතර දෙවැනි ඉනිමේ පන්දුවට පහර දීමට හැකිය මංගල එම තීරණ ගන්නේ කණ්ඩායමේ නායකයාගේ උපදෙස් අනුවද නැතිනම් පුහුණු කරුගේ උපදෙස් අනුවද නැතිනම් හිතුවක් කාරී තීරණයක් ද මංගල දෙවැනි ඉනිම මංගල පරිස්සම් විය යුතුද?? නැතිනම් මංගලගෙන් පරිස්සම් විය යුතුද??

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙරට දේශපාලන භූමිකාවට නව අරුතක් එක්කල මංගල සමරවීර මහතා තම මන්ත්‍රී දේශපාලන ජීවිතයට අද දින සිට සමුදෙන බව සදහන් කරන ලදී තමන් මන්ත්‍රී වරයෙකු වශයෙන් පත්වීම සිදු නොකරන ලෙස හිටපු අමාත්‍ය වරයා මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී තමන්ට අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට නොහැකි නිසා තමන්ට මනාපය ලබා නොදෙන ලෙස හිටපු අමාත්‍ය වරයා ඉල්ලා සටින ලදී දශක තුනකට අධික කාලයක් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කල මංගල සමරවීර මහතා 1994 සිට පවතී රජයන් වල විවිධ අමාත්‍ය දුරයන් හෙබවූ අතර අවස්ථා දෙකකදී පක්ෂ මාරුකරන ලදී 1994 දී පොදුජන එකසත් පෙරමුණ නිර්මාණය කිරීම වෙනුවෙන් ඉදිරියෙන් ම කටයුතු කල මංගල සමරවීර මහතා එම රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍ය දුරයක් හොබවන ලදී

ඒ තැපැල් විදුලි සංදේශ අමාත්‍ය දුරය සහ නාගරික සනවර්ධන අමාත්‍ය දුරය ඇතුළු වග කිව යුතු අමාත්‍ය දුරයන් හොබවන ලදී එම කාලය තුල තම පාක්ෂිකයන් වෙනුවෙන් එම අමත්යනශවල රැකියා අවස්ථා ලබාදීම සහ මාතර නගරය සහ බස්නාවතුම සහ මාතර සනත් ජයසුරිය ක්රීදනගනය ඇතුළු සංවර්ධන ව්‍යප්ති රැසක් සිදුකරන ලදී 1994 රජයේ වැඩක් කල ඇමතිවරයෙකු වූ මංගල සමරවීර මහතා පසුව 2004 රජයේ ගුවන් තොටුපල සහ වාරය සහ විදේශ කටයුතු අමාත්‍ය වරයා වශයෙන් කටයුතු කල අතර අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් එම තනතුරු වලින් 2006 වසරේදී ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම පාර්ශවය නමින් සන්ධානයක් පිහිටුවා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන ලදී 2015 වසරේදී නැවත මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිවරයා පත්කිරීම වෙනුවෙන් දැඩි සටනක් කල මංගල සමරවීර මහතා එම රජයේ විදේශ කටයුතු අමාත්‍ය වරයා වශයෙන්ද අනතුරුව මුදල් අමාත්‍ය වරයා වශයෙන්ද කටයුතු කරන ලදී

එම රජයේ පැවති ක්‍රියා කාරකම් නිසා දිනෙන් දින මංගල සමරවීර මහතා මහජනයා හමුවේ සහ මහා සංඝ රත්නය හමුවේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන ලදී මෑත කාලයේ මහා සංඝ රත්නයට විවිධ ප්‍රකාශ කරමින් සංඝ සමාජයෙන් සහ ජනතාවගෙන් නොයෙක් අපවාද හිමි මංගල සමරවීර මහතා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබාදෙන සමගි ජන බලවේගයෙන් තරග කිරීම සදහා නාමයෝජනා ලබා දුන් අතර එම පක්ෂයේ ක්‍රියාකාරී ඉදිරි පෙළ එතුමාට අහිමි වන ලදී එම පක්ෂයේ කිසිම තනතුරකට හෝ ජාතික මට්ටමේ කිසිම අවස්ථාවකට මංගල සමරවීර මහතා ඇදා නොගැනීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදී

මේ හේතුව ඇතුළු මාතර ජනතාව අතර තම ජනප්‍රියත්වය ක්‍රමයෙන් හීනවීම නිසා මන්ගල සරවීර මහතා මෙවර මැතිවරණයේදී පසු බා සිටින ලදී ඒ 1994 රජය නියෝජනය කල සමයේ සිදුකල සංවර්ධන ව්‍යාප්ති සහ රැකියා අවසථා මාතර ජනතාව වෙනුවෙන් ලබා දීමට මංගල සමරවීර මහතාට නොහැකි වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ පහල සාමාජිකයන් කෙරෙහි මන්ගල ගැන පැහැදීම අඩුවීම දිනෙන් දින වර්ධනය වෙමින් පැවතීම ඇතුළු දේශපාලන කරනා රැසක් නිසා අවසානයේ මංගල සමරවීර මහතා අද දිනයේ මන්ත්‍රී දේශපාලනය නැවත පිවිසීම සිදුනොකරන බවට සදහන් කරන ලදී

මහානාම සමරවීර සහ ඛේමා සරවීර මැතිනියගේ පුත්‍රයෙකු වන මංගල සරවීර මහතා මෙරට දේශපාලනයේ යටි බිම්ගත උපක්‍රම රැසකින් සමන්විත උපක්‍රමශීලී දේශපාලන චරිතයකි ඔහු දේශපාලනයේ ගේම් ගසන්නෙකු ලෙස ප්‍රකටව සිටියද ඒ සියලු ජීව ගුණයන් පසුගිය වසර පහ තුල ක්‍රමයෙන් හීන වන තත්වයක් ඇතිවන ලදී ඒ දේශපාලන ක්‍රියාකාරකම් වලින් තොර අමාත්‍ය දුරයේ පමණක් කටයුතු කරමින් සිටි මංගල සමරවීර මහතා දේශපාලනයේ පසුපසට තල්ලු වන ලදී දේශපාලන පොර පිටියේ අලගු තබන්නෙකු වශයෙන් ප්‍රකට නමක් තබා තම පර්දේශයට රජයේ ව්‍යප්තීන් රැගෙන යමින් ජනතාවට ජනතා මුදල් මතින් සංවර්ධනය කල බවට පත්කළ දේශපාලකයෙකු වශයෙන් නැවතීමේ තිත තබන්නට සිදුව ඇත මෙරට දේශපාලනයේ යුග තුනක සංදර්ශනය මංගල නමින් කල වැඩ වලට වඩා දේශපාලන කුමන්ත්‍රණ පරබලව පෙරට පැමිණ ඇත ඔහු දේශපාලනයෙන් සම්ගනීම සිදු කරන බවක් නොකී නිසා මංගල මෙවර හදන්නේ කුමන කුමන්ත්‍රණයක් ද යන්න එක පැනයක් පමණක් ඉතිරි කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *