සිංහරාජයේ අවසන් අලි දෙදෙනාගේ අවසාන කතාන්දරය

අලි ඇල්ලීම වෙනුවට සිංහරාජ වනයේ ජාවාරම්

අනාදිමත් කාලයක සිට අලි ඇතුන් ජීවත් වූ සිංහරාජයේ සිටින අවසන් අලි දෙදෙනා අල්ලා ගෙන ගොස් හොරොව්පතාන ප්‍රදේශයට දැමීමට මේ වනවිට වනජීවී අමාත්‍යංශය කටයුතු කරමින් සියින බවට පුවතක් රටම අලි කුලප්පුවකට පත් වූවා සේ දැකැගත හැකිය.

කලවාන, රක්වාන ආශ්‍රිත ගම්මාන කිහිපයකට මෙම වන අලි දෙදෙනාගෙන් තර්ජන එල්ල වී ඇති අතර ඊට විසඳුමක් ලෙස වනජීවී අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ එම වන අලින් දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් කිරීමටයි. මිනිසුන් හා සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග තිබියදී එම සතුන් දෙදෙනා ජීවත් වූ පරිසරයෙන් ඉවත් කොට නුසුදුසු පරිසරයකට බලෙන් අතහැර දැමීම එම සතුන්ගේ මරණය ඉක්මන් කිරීමක් බවයි පරිසරවේදීන් දෙති.

අප හිතවත් අප ගරැ කරන නව වනජීවී අමාත්‍යවරයා කලක් හමුදාව පාලනය කළ ආකාරයෙන් වන සතුන් පාලනය කිරීමට කටයුතු කරමින් සිටින අතර එය කෙතරම් ගැලපෙන්නේද යන්න පිළිබඳව සිතා බැලිය යුතුය. දිනෙන් දින හීන වන, වන අලි ගහනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගතයුතු වකවානුවක එම සතුන්ගේ මරණය ඉක්මන් කරන ක්‍රියාමාර්ග ගැනීමට වගකිවයුතු ආයතන කටයුතු කරන්නේ නම් එම සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන්ද?

වනජීවී අමාත්‍යංශය අයත් wp – IN 0513 දරන ලොරි රථය ඇතුළු තවත් වාහන කිහිපයක මේ වනවිටත් අදාළ ප්‍රදේශ වෙත පැමිණ ඇති අතර මෙම ක්‍රියාමාර්ගය වහා නවතා දැමිය යුතු බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටී.නමුත් ජනතාවගේ හා පරිසර වේදින්ගේ විරෝධය නිසා මෙම අලි ඇල්ලිම නතරකරනවාද නැද්ද යන්න රට හමුවේ ඇති ප්‍රශ්ණයකි.

කෙසේ නමුත්,සිංහරාජ  රක්ෂිතයේ සිටින දුර්ලභ අලි   දෙදෙනා එම රක්ෂිතයේම රඳවා තබන ලෙස  වන නිලධාරීන්ටජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.සිංහරාජ වනාන්තරයේ වෙසෙන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සිංහරාජ අඩවිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇතැයි යුනෙස්කෝ සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් එවමින් දන්වා තිබිණි. එම දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.

සිංහරාජ අඩවියේ සැරිසරන අලි දෙදෙනා ඉන් ඉවත් කළහොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවධානමට ලක්වෙන බවට යුනෙස්කෝ සංවිධානය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දී ඇතැයි (13) මාධ්‍ය හමුවක් පවත්වමින් සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසූහ.

ලෝක ප්‍රජාවගේ අවධානය යොමුව ඇති ඉතා සුවිශේෂී ජෛවීය වැදගත්කමකින් යුතු සිංහරාජය රැක ගැනීමට වත්මන් බලධාරීන්ට කිසිඳු උවමනාවක් නොමැති බව ආනන්ද සාගර හිමියෝ චෝදනා කරයි.

මේ වන විට සිංහරාජයේ ජීවත්වන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට වනජීවී අමාත්‍යවරයා තීරණය කර ඇති බවත් එසේ සිදුවුවහොත් එහි අහිතකර ප්‍රතිවිපාක රටක් වශයෙන් සියළු දෙනාට විදීමට සිදුවන බවත් ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවැනි තීරණයක් ගැනීමට පෙර මේ සම්බන්ධ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයන් සම්බන්ධ කරගත යුතු බවත් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගැනීම වැදගත් බවත් එම සංවිධානය පෙන්වා දෙයි.එසේම අමාත්‍යවරයා ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් කණගාටුව පලකරන බවත් ආනන්ද සාගර හිමියේ ප්‍රකාශ කරයි.කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුව සඳහා පරිසර සංරක්ෂණවේදීන් රැසක් එක්ව සිටි අතර ඔවුන් කියා සිටියේ, හොරොව්පතානට ගෙන ගොස් දමා අලි දෙදෙනා මිනිසුන් ඝාතනය කිරීමට පෙළඹුනහොත් හිතාමතා එවැනි තත්ත්වයක් ඇති කළ බැවින් ඒ සම්බන්ධයෙන් නඩු මඟට හෝ බැසීමට පසුබට නොවන බවයි.

මේ සතුන් දෙදෙනා ගම් වන්දින්නේ ඇයි ද යන්න සෙවිය යුතුව ඇත. සිංහරාජ අඩවියට ආසන්යේ පිහිටි මෙයට හේතු රැසක් පවති. හදපාන් අල්ල හා රක්වාන දක්නා ප්‍රදේශයේ අනවසර මැණික් ගැරිම, මේ නිසා අනවසර මැණික් හාරන පිරිස වෙඩි ගසා අලින් බියපත් කරමින් වනයට හා වනාන්තරයේ අනෙක් සතුන්ටද හානියක් සිදුකරමින් මහා විනාශයක් සිදුකරයි.

මේ නිසා බියට පත්වන අලි ගම්වැදිනට හේතුවේ. මෙයට විසදුම් දිය යුතුව ඇත. එසේ නැතුව අලි ඇල්ලිම හොරු අල්ලනට පෙර සිදුකරන්ට පියවර ගන්නේ කිසිදු හේතුවක් පදනමක් නොමැතිවයි.මේ අපත වැඩ කරන අපතයෝ අලි වෙඩි ගසා සතුන් බියපත් කරන නිසා මේ අහිංසකයෝ අසරණවෙති.

මෙයට අමතරව, කාලයක් තිස්සේ සිදුවන මහා පරිමාන දැව ජාවාරම නිසා අලියා ඉදිරියට යවා කටයුතු කරන බවක් පෙනේ. මේ අනුව, ජාවාරම් කරුවෝ අලියා බිය ගන්නවා අලි වෙඩි ගසා වන සංරක්ෂක නිලධාරිහු එන ගම්මානවලට මාර්ග අසලට අලි පන්නා දමති.

මේ නිසා බියට පත්වන නිලධාරිහු අලි අසරණතත්ත්වයකට පත්වේ. මේ නිසා කැලෑ පාළුවෝ නිසා පරිදි කලාව අල්ලාගෙන ගස් කපා ජාවාරම් කරති. මේ නිසාද අලි ගම් වැදිති.

මේය තේරුම් ගන්නට අලින්ට වඩා මනසින් ලොකු මොලයක් තියන මිනිසාට නොහැකිය දැව හොරු  සිදුකරන උපායට අලි දෙන්නා බිලි දේ. මේ නිසා අලි අල්ලන්ට යන්විට සිදුවන්නේ මේ අයගේ කතාන්දරයට සේවයක් ද නැද්ද යන්න සිහිපත් කළ යුතුව ඇත.

මතට තිත තිබන ද මහා කසිප්පු ජාවාරමක් මේ ප්‍රදේශවල සිදුවේ. මේ නිසා අලියා බිල්ලට දී මෙම් ජාවාරම සිදුකරන අමනයෝ කටයුතු සිදුකරන බවක් ජනතාව පෙන්වා දෙති.වනාන්තරයේ අසාන්නයේ මේ කසිප්පු ජාවාරම සිදුකන අතර අලින්ට රා පොවා බුදුන්ට ගල් පෙරලු දේවදත්තලා වාගේ මේ කසිපු ජාවාරම් කරුවෝ ද අලි යොදවා ගන්නේ මේ අයගේ ආරක්ෂාවටයි.

ඒ අනුව. අලින්ට නොමිලයේම ගොඩා පානය කරන්ට අවශ්‍ය පරිසරය ඇති කරන කසිප්පු ජාවාරම්කරුවෝ ඒ අනුව අලියාට බිය ගන්නවා ජනතාව එම ප්‍රදේශවලට නොයෙන ආකාරයට ආරක්ෂ නිලධාරිහු එම ප්‍රදේශවලට නොයෙන ආකාරයට අලින්ට ගෝඩා පානයට අවස්ථාව සලසා තම කසිප්පු ජාවාරම සිදුකරන්නට මේ අමනයෝ පියවර ගනි. මේ සම්බන්ධයෙන් ජනතාව අප සම්ග විවිධ දේ පැවසුහ.

මෙම ප්‍රදේශයේ දී 2000 දි අලියෙක් ඇල්ලු අවස්ථාවේ දි අලි නිර්වින්දනයට අවශ්‍ය පස් ගුණයටත් වඩා නිරවින්දන ඔසු මේ අලියට ලබා දෙන්ට සිදුවුයේ මේ ගෝඩා පානය කිරිම නිසා අලියාට වී ඇති වියාකූල තත්ත්වයයි. මේ නිසා අලියාට කෙක්ක දෙනවා වාගේ අලියාට ගොඩා ලබා දී අලි කුලප්පු කර කසිප්පු ජාවාරම් කරුවෝ ජාවාරම සිදුකරයි. 

මේ නිසා මෙයට විසදුමක් ලබා නොදි අලි දෙන්නා අල්ලනට යන අලි මෙහෙයුම පිටු පස ඇත්තේ තවත් අලි කතාන්දරයකි.සත්තකින්ම මේ අලි මෙහෙයුම පිටු පස මහා දේශපාලන බලවේගයක් පවතින බව නම් කිව යුතුව ඇත.මේ සම්බන්ධයෙන් ඇමති සරත් පොන්සේකා හෝ පාලිත තෙවරක්  පෙරුම ඇමති වරුන් දන්නේ නැත. මේ අයියලාගේ නොදන්නා කමට වෙනුවට මේ අලි දඩයම සිදු කිරීමට යන්නේ බොලඳ වැරදි ක්‍රියාවකි.

වනාන්තර අයිතිය තිබු  හිටපු ඇමති වරයෙක් කල කී දෑ නිසා සිංහ රාජවනයේ පමණක් නොව ලංකාවේම වනාන්දර වලට හෙණ ගැසු අතර එවිට මෙහි සතුන්ට හා ශාඛ වලට සිදු වු දේ දන්නේ වනයට සතාට ආරරය කරන පරිසරයට හිතකාමින් ම පමණි.සමහර මැති ඇමති ඇත්තෝ යක්ෂයෝ මෙන් වනාන්තර විනාශ කළ නිසා එහි පාඩුව ජනතාට විදින්ට සිදුව ඇත.ගාමිණි විජිතමුනි සොයිසා මහතා වන ඇමති කාලයේ සිදු කළ වනාන්තර විනාශය සුළු පටු නොවේ.

අප දන්නා පරිදි අලියන් ගමන් කරන අලි මංකඩවල් ඇත. මේවා අවහිර කරනවිට අලි යන්නේ ඇමතිවරන්ගේ හෝනිලධාරින්ගේ හෝ බඩ උඩෙන් දැයි අලි භාෂාවෙන් අහන්නට අලින්ට නොහැකිය.

නමුත් මේවන විට රක්වාන කුදුවැටිටට සමාන්තරව, මහ කැලය අසල මානම් වත්ත, රජමල් වත්ත, කෝපිකෑල්ල හරහා වැටී ඇති අලි මංකඩ අහුරා අපේ අපතයෝ යස පදමට සම්පායම් වී මේවන විට හොටෙල් දෙකක් සකස් කරන අතර ඒ නිසා විශාල භූමියක් එළි පෙහෙලි කර ඇත. පහේ කණුව අසල මේ එක් හෝටලයක් මේවන විට ඉදිවෙමින් පවති.

මෙයට අමතරව, මේ ප්‍රදේශවල තේ වගාව අලුතින් වගා කර තිබේ. මේ නිසා කැලය හා අලි මංකඩ අලින්ගෙන් උදුරා ගත් නිසා අලි යන්නේ කෑලේ නොවේ අලි යන්නේ එන්නේ ගම්මානවලටයි. මේ නිසා මේ අපතයන් සිදුකරන වැරදි නිසා අලි ගම්මානවලට එයි. පාර නැති කල පිරිසට දඩුවම් දෙනවා වෙනුවට ගම්මුනට අලි දෙදෙනො හෝ තිදෙනා ගම්වාසිනට හිරිහැර කරති.

කළ යුත්තේ මේ ඒ ආණ්ඩු හෝ මේ ආණ්ඩුවල අපතයින් සිදුකරන අලි මාවතතේ හොටෙල් ගහන අපරාධය නතර කිරිම ය. එය වනය විෂය අයිතිව ඇති ජනාධිපති තුමා සිදුකළ යුතුව ඇත.

ජනතාවගේ අදහස එයයි. ඒ නිසා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දන්නවාද නොදන්නවාද අපි නොදනිමු. මේ අලි අල්ලන සෙල්ලම නතර කරන්ට පියවර ගත්තාය කියන පුවත ඇසු පමණින් මේ ප්‍රදේශවල ගම්මාන ජනතාව රතිඥ්ඥා පත්තු කරමින් සහාය දැක්වුයේ කිසිවෙකු කියනා නිසා නොවේ. මේ නිසා අලි කතාන්දරයට පිටු පසු ඇති අලි ජාවාරමට මුවා වු ජාවාරමට යහපාලන නාමයෙන් තිත තබන්නට මෛත්‍රි ජනපතිට හැකියාව තිබිය යුතුව ඇත.එය සිදුවන තෙක් ජනතාව ද අපි ද බලා සිටින්නේ දැඩි විස්වාසයෙනි.

එහෙත් මේ අවසන නොවේ තවත් කියයුතු දේ බොහොමක්ම ඇත.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් මේ ප්‍ර දේශවල ඉඩම්වල මේවන විට දැවැන්ත ආකාරයට තේ වගාව සිදු කරමින් පවති. ඒ නිසා වනය විනාශ වේ.වන සතුන්ට හෝ අපගේ කතාන්දරයේ අලියන් දෙදෙනොට හෝ තුන්දෙනාට කැලේ නැතිවේ. අලි ගම් වදින්නේ දෙයියනේ මේ නිසාය. බලධාරින්ගේ ඇස්ගෙඩිවලට හෙණ ගසන්ට හෝ මැති ඇමතිවරන්ගේ ඇස්හෙඩිවලට හෙණ ගහන්නේ නැති නම් මේයට විසදුම් දිය යුතුව ඇති තේ වගාව වහාම නතර කිර අලින්නට වනය දිය යුතුව ඇති වන සතුන්ට වනාන්තරය දෙන්න යැයි, අපි කියන්නෙමු.

වනජීවී, වන සංරක්ෂ,පොලිසිය,මැණික් හා පතල් ,සුරාබදු නිලධාරිහු නියමිත්ව තම රාජකාරි සිදුකරන සෙයක් දැකිය නොහැකිය මෙය ඇත්තය. නමුත් තිත්ත වු නමුත් ඇත්ත කියන්ට සිදුව ඇත. නිතිය ක්‍රියාත්මක කරන්නේ නැත.එය මනිද් රාපක්ෂ ආණ්ඩුවේද යහලාන ආණ්ඩුවේද සිදුවෙන්නේ.එය මේ ප්‍ර දේශවල මේ අඩුපාඩුව සිදුවේ.

මේ නිසා සරත් පොන්සේකා හා පාලිත තෙරවක් පෙරුම මැති ඇමතිවරුන්ට අප තෙවලා කියන්නේ යුද්ධයට දැවැන්ත මෙහෙවරක් කළ හිටපු අප ආදරය කරන යුධ හමුදාපති  තුමණි! ජාවාරම් කරුවන් මෙල්ල කරන්නට පියවර ගන්ට කියාය.

පාලිත නියෝජ්‍ය ඇමති තුමා ඇත්තටම ගමේ අපේ කොල්ලන් කියනා පරිදි චණ්ඩියෙක් නම් සිංහරාජයේ හා වෙනත් වනාන්තර  සිදුවන මේ අපරාධ ජාවාරම් නතර කන්න පියවරගන්නා ලෙසයි.

වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, හා වන සංරක්ෂ දෙපාර්තුමේන්තුව එකක් නොව දෙකකි. එකක් අයිතිය ඇත්තේ සරත් පොන්සේකා ඇමතිටය. අනෙක් අයිතිය ඇත්තේ අපේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමා යටතේ ඇති මහවැලියට ද කොටසක් ඇති අමාත්‍යංශයකටය. ‍

එහෙම තියෙද්දි හිටපු හමුදා පතිතුමා අලි අල්ලන්ට යන්නට නොහැකිය. එදා යුද්ධයේ දී ජාතියේ නාමයෙන් කොටි අල්ලන්නට හැකි නමුත් අලි අල්ලන්නට යන විට දෙවරක් එතුමාට සිතිය යුතුව ඇත.

අලියා හෝ අලි දෙන්නා  හෝ අලි තුන්දෙනා ජනතාවට ගම්වලට  අහිතකර නම් කළ යුත්තේ ඒ සඳහා හේතු තිරසාර ආකාරයට විද්‍යාමකව සිදුකිරිම වේ. මේ අනුව, ඒ සඳහා ඇති විශේෂ පිරිස් විශේෂඥ පිරිස් හා අමාත්‍යංශ දේපාරිතුමේනුතුව සතුවවු සිටින විද්වත් මන්ඩවල සහයෝගය ඇතිව විද්‍යාමකව මේය සොයා බලා පළමුව ජාවාරම් නතර කර වනයේ අයිතිය සතුන්ට අලින්ට දි කටයුතු කළ හොත් නිවැරදිය. එසේ කල පසුව ද අලි ගමට එනවා නම් අපේ වන ජීවී ඇමති තුමාගේ  අලි අල්ලන කතාන්දරය නිවැරදිය.

අපේ කාලයේ පොහොට්ටු වට සම්බන්ධ වැවේ කුඹුරේ නියරේ සිටින රට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රි තුමාද අලි ගමට එකන කතාන්දරයට වගකිය යුතුව ඇත.

මේයට අමතරව ඒ ප්‍රදේශයේ පොහොට්ටුවේ පළාත් පාලන ආයතන රැසක සභාපති උපසභාපති මන්ත්‍රිවරුන් පිරිසක්ද අලි ගමට එන්නට හේතු වී ඇත.ඒ ඇත්තන්ගේ සරණින් පිහිටින් ආරක්ෂාවෙන් රැකවරණයෙන් සිදුවන ජාවාරම් නිසා අලි ගමට එයි.

ඒ ඇත්තන්ගේ සහයෝගයෙන් සිදුවන ජාවාරම් වලට අලියා බිල්ලට දෙන්ට සුදනාමන් අලියා ඉදිරියට දමා පෙර පරිදිම ජාවාරම් කරුවෝ තම ජාවාරම් සිදුකරයි.

මේ සම්බන්ධයෙන් හිටපු අපේ හිතවත් හමුදා පති තුමා නොදන්නවාට අප දනිමු.  ඒ ගම්වල ජනතාව දනිමු. එහෙමනම් මෙහෙයුමක්  කරමු බලන්න මේවා නතර කරන්නට පියවරක්. මෙහෙයුමක් ඇමති තුමාට කළ හැකි නම් අලි අල්ලනවාට වඩා මේ ජාවාරම්කරුවෝ අල්ලනට හැකි ද නැද්ද යන්න අපි නොදනිමු.

කොටින්ට වඩා අලින්නට වඩා මේ අමනයෝ දරුණුය. ඒ ජනතාව අතර සිටින මේ දේශපාන අමනයන් අල්ලා වැරදි වැඩ වලට දඩුවම් දෙනවා නම් අලි ගම්වැදින්නේ නැත. අලි අල්ලන්නට උවමනාවක් නැත. වනාන්තර ද සුරක්ෂිත වනු ඇත.සරත් පොන්සේකා ඇමතිතුමාගේ ආදරණිය සිහිනයට සනනහවක්  එක්වනු ඇත.

ඒ ආදි ආකාරයට උපාය උපක්‍රම සිදුකර උපදෙස් ගෙන ඇත්තටම විද්‍යාමකව කරුණු සලකා බලා වනය ආරක්ෂා කරන්ට හා වන සතුන් ආරක්ෂා කරන්නට පියවර ගත යුතුව ඇත.ඒ අනුව ,මේ අලි ඇල්ලිම නිසා ලෝක උරුමයෙන් ගැලවෙන්නට හැකි සිංහරාජය ආරක්ෂාවනු ඇත.

මේ දේවල් කර අලි අල්නට යන් මෙන් අපි අහිංසකව මැති ඇමතිවරුන්ට හා නිලධාරින්ට හා ජනපති තුමට කියන්නෙමු….

තවද, මෙරට අති බහුතරයක්‌ වන අලින් සිටින්නේ වියළි කලාපයේය. තෙත් කලාපයේ මෙරට අලින් සිටින්නේ අඩු ප්‍රමාණයකි. ඔව්හු ශ්‍රී පාද අඩවියේ සහ සිංහරාජයේ ජීවත් වෙති.

අප කළ නිරික්ෂණයේ දී පෙර සිටියේ අලි තිදෙනෙකි. නමුත් මේ සටහන ලියන විට( 2018.06.15 ) අලි දෙන්නාට මේ අලි ගණන සීමා වී ඇත. එක් අලියෙකුට සිදු වුයේ කුමක්ද ? අප දන්නේ නැත. ඌ පෙනෙන්නට දකින්ට නැත. ඒ අලි සිටින සිංහ රාජකැලැයේ අලි ගණනයි.

සිංහරාජ අඩවියේ අලින් දෙනෙක්‌ හෝ ඔවුන් තිදෙනාගෙන් නව ජනිතයන් බිහි නොවන්නේ ඔවුන් අතර ලිංගික සබඳතාවයන් නැති නිසාය. ඒ තරම්ම ශීලාචාර සහජ පුරුද්දක්‌ සද්දන්ත කුලේ මේ ඇත්තන්ගේ ලෝකයේ තිබේ. එකම පවුලේ මව ඇගේ පුතා හා දියණිය වශයෙන් සිංහරාජයේ මේ අලි තිදෙනා ජීවත්වේ. එයින් පිරිමි අලියා පණු දළයා වශයෙන් හඳුන්වන අතර ඔහු තම මවට මව ලෙසද නැගනිය නැගනිය ලෙසද සලකමින් කුමර බඹසර රකිමින් ගෙන යන ජීවිතය එවන් ශීලාචාරකමක්‌ නොමැති අපේ සමාජයට කොතරම් නම් ආදර්ශයක්‌ද?.

ඉතිහාසයේ සිය ගණනක්‌ සිංහරාජයේ අලි ඇතුන් වාසය කළද අද තිදෙනෙක්‌ දක්‌වා එම සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති ප්‍රධානතම හේතුව සිංහරාජයට අයත් කැලෑ ප්‍රදේශය ශීඝ්‍රයෙන් එළි කිරීමයි.

එනිසා සිංහරාජය ඊට අයත්ව තිබූ යාබද වනාන්තර වලින් වෙන් වූ හුදකලා වනාන්තරයක්‌ බවට පත්ව ඇත. අලි ඇල්ලීම්ද සිංහරාජයේ අලි ගහනය අඩුවීමට හේතුවී තිබේ.

තොණ්‌ඩු තබා එවකට අලින් ඇල්ලූ අතර පසුව ප්‍රසිද්ධ වෙන්දේසියේ ඔවුන් වෙන්දේසි කෙරිණි. ඒ ආකාරයට මීට වසර40 පමණ පෙර ද සිංහරාජයේ තොණ්‌ඩුවකට හසුවූ අලියෙක්‌ රත්නපුරයේ ව්‍යාපාරිකයෙක්‌ රු. 20000 කට ආසන්න මුදලකට මිලදී  ගෙන ඇති අතර පසුව එම අලියා අකාලයේ මිය ගියේය.ඒ අතිත කතාන්දරයකි.

සිංහරාජයේ වාසය කරන අලි වසරේ වැඩිම කාලයක්‌ වාසය කරන්නේ හඳපාන් ඇල්ල ප්‍රදේශයේය. ඒ ආශ්‍රිතව ඇති කජුගස්‌වත්ත, රඹුක, පොලේකන්ද හා කෝපි කෑල්ල යන ප්‍රදේශ ඔවුන්ගේ සුපුරුදු නවාතැන්ය. අලින්ගේ චර්යා රටාවන්ට අනුව ජීවිත කාලය තුළ වර්ග කි. මී. 50-200 අතර වපසරියක සැරිසරන  අතර ඒ අනුව යමින් මෙම අලි වසරකට වරක්‌ හෝ දෙවරක්‌ දෙල්වල රක්‌ෂිතය, වලන්කන්ද රක්‌වාන හා සිංහරාජයේ කුඩව යන ප්‍රදේශවලට ඒමට අමතක නොකරති.

සිංහරාජයේ වෙසෙන අලි දෙනාගේ ප්‍රධානතම ආහාර වන්නේ කිතුල්, දොතළු හා මල් බට යන ශාකයන්ය. මෙයින්ද කිතුල් ඔවුන්ගේ ප්‍රියතම ආහාරයය. සිංහරාජය තුළ ඔවුන් වැඩි වශයෙන් වාර්තා වන්නේ මුහුදු මට්‌ටමේ සිට මීටර් 500-700 අතර ප්‍රදේශයේය. මෙම අලි තමාගේ වාසස්‌ථාන කළාපය (Home rang) පෙරට වඩා මෑත කාලීනව වැඩි කරගෙන ඇත. එනම් ඔව්හු වර්තමානයේ වැඩි වපසරියක සැරිසරති.

සිංහරාජයේ වනපෙත රකින ආරක්‍ෂකයන් ලෙසද මෙම අලින් හැඳින්විය හැක. එනම් දැව ජාවාරම්කරුවන්, හොර මත්පැන් පෙරන්නන්, මැණික්‌ ගරන්නන් මෙන්ම දඩයම්කරුවන්ද වනයට ඇතුළු වීමට බියක්‌ දක්‌වන්නේ මෙම අලින් සිටින නිසාය. මෙම අලි තිදෙනා සිංහරාජයෙන් සමුගත් දිනෙක සිංහරාජයේ ගහකොළ වලට සේම සතා සිවුපාවාටද අඳුරු කලදසාවක්‌ උදාවනු නොඅනුමානය.

කෙසේ වුවත් සිංහරාජයේ අලින් මේ වන විට සිටින්නේ දැඩි ජීවිත අවදානමකය. මේ වන විටත් ඔවුන්ට වෙඩි තැබීම් සිදුකර ඇත. එමෙන්ම පෙට්‌ට්‍රල් ඇඟට දමා ඔවුන්ට ගිනි තබන්නට විවිධ අවස්‌ථා වලදී උත්සාහ කර ඇත. ගමක්‌ ආසන්නයට පැමිණි විට ඉවක්‌ බවක්‌ නැතිව අලි වෙඩි පත්තු කිරීම් නිසාද ඔවුන්ට ශ්‍රවණාබාධ ඇතිවී තිබෙනවාට සැකයක්‌ නැත. නිරන්තරවම අලි වෙඩි පත්තු කිරීම නිසා එම අලින් මිනිසුන්ට දක්‌වන බියද අඩුවී තිබේ.

සිංහරාජය අවට ගම් කිහිපයක ජනතාවටද මෙම අලින් යම් යම් හානියක්‌ සිදුවීමද අමතක කළ නොහැක. අලි ගම්වැසියන් පිරිසක් මරා දමා ඇති බව ද ඇත්තය. එමෙන්ම ගම්මානවලට අලි පැමිණි විට කෙසෙල් ගස්‌ හා පොල් ගස්‌ ආහාරයට ගැනීමද සිංහරාජය අවට ගම් වැසියන්ට පවතින තවත් ගැටලුවකි. නමුත් මෙවැනි කරදරද ඉවසමින් සිංහරාජයේ මෙම සද්ධන්තයිගේ හෙට දවස වෙනුවෙන් කැපවී සිටින සිංහරාජය අවට අති බහුතරයක ගම්වැසියන් පිළිබඳව ප්‍රසංශනීය ලීලාවෙන් යුතුව සිහිපත් කළ යුතුය.

එහෙත් සිංහරාජයේ අලින්ගේ වටිනාකම බලධාරීන්ට තවමත් පෙනී නැතිගානය. ඊට ද හේතු ගණනාවක්‌ ඇත. ඒ බව අප ඉහතින් සඳහන් කළහ.

තිදෙනකුට පමණක්‌ සීමාවී ඇති සිංහරාජයේ අලි ගැන විධිමත් පර්යේෂණයක්‌ තවමත් සිදුවී ද නොමැත. සිංහරාජයේ දැනට සිටින්නේ අලි තිදෙනෙක්‌ නොව දෙදෙනෙක්‌ පමණක්‌ යෑයි ඇතැම් බලධාරීන්ගේද මතයයි. නමුත් වාර්තා නොවන අලියාට සිදු වූයේ කුමක්‌දැයි සෙවීමට තරම් වත් නුවණක්‌ ඔවුන්ට පහළ නොවීම කොතරම් නම් කනගාටු දායක තත්ත්වයක්‌ද? සිංහරාජයේ සිටින අලින් ගැන පමණක්‌ නොව මෙරට තෙත් කලාපයේ අලින් වාසය කරන අනෙක්‌ ප්‍රදේශය වන ශ්‍රී පාද අඩවියේ අලින් පිළිබඳව විධිමත් පර්යේෂණයක්‌ සිදුකිරීම ඉක්‌මන් අවශ්‍යතාවයකි.

සිංහරාජය අසල පාරවල් කැපීම පාරක්‌ කැපීම, මෙම මාර්ගය සංවර්ධනය වූ පසු ඊට යාබද ඉඩම් විවිධ පිටස්‌තර පුද්ගලයන් මිලදී ගෙන සංචාරක ව්‍යාපාරය අරමුණු කරගත් හෝටල් ආදිය ඉදිකිරීම සැලසුම් කිරීම ස්‌වාභාවිකය. එම ජනාකීර්ණ වීම තුළ සිංහරාජයේ අලින්ගේ සංචාරක මාර්ග ඇහිරී යන අතරම මිනිසුන් සමග තිබෙන ගැටුම තීව්‍රර වනුද ඇත.

කිසිවෙකුගේ හව්හරණක්‌ නොමැතිව සිටින සිංහරාජයේ මෙම අහිංසකයන් අලි ජීවත් වන කාලය වැඩි කිරීමට බලධාරීන්ට කළ හැකි තවත් කාර්යයක්‌ ඇත.

එනම් අලි තිදෙනා වසරේ වැඩිම කලක්‌ හැසිරෙන ප්‍රදේශයට බොහෝ දුරින් තිබෙන වනජීවී කාර්යාලය රඹුක හෝ කජුගස්‌වත්ත වැනි ප්‍රදේශයකට ගෙන ඒමට හැකිනම් එය ඉතා ඵලදායක විය හැක. එමෙන්ම සිංහරාජයේ වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට මීට වඩා රාජකාරියට අවශ්‍ය මූලික සම්පත් ලබා දියයුතුව ඇත. සිංහරාජය අවට ගම්වැසියන්,වනජීවි නිලධාරීන් හා වනසම්පත් නිලධාරීන් අතර තිබෙන සබඳතාවය මීට වඩා මිත්‍රශීලී විය යුතුව ඇති බව ගම්මුන් සමග කතා කිරීමේදී පැහැදිලිවිය. අලියෙක්‌ ගමට පැමිණි විට ඔහුව ප්‍රකෝප නොකර දෙපාර්ශ්වයටම හානි නොවන ලෙස අලියා යළි කැලයට යවන ආකාරය පිළිබඳ ගම්මුන් විධිමත්ව දැනුවත් කිරීම අවශ්‍ය බව යළි යළිත් සිහිපත් කළ යුතුව ඇත.

කාලයක්‌ තිස්‌සේ යෝජනාවෙමින් පවතින නමුත් තවමත් ක්‍රියාත්මක නොවූ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාව සතු සිංහරාජයට යාබද ඉඩම් සිංහරාජයට පවරා ගැනීම ඉක්‌මන් විය යුතුය. එසේ වන්නේ නම් සිංහරාජයේ අලි නිදහසේ හැසිරිය හැකි වපසරිය තවත් පුළුල් වනු ඇත.

පරිසරය හදාරන්නට මිහිපිට ඇති ස්‌වභාවික විද්‍යාගාරයක්‌ බඳු වූද, මානසික සුවය, සෞන්දර්යය රසය අගයන්නන්ට නිසල වන අසපුවක්‌ වූද, සොබා දහම අගයන අප සැමටම සිංහරාජය නිවහල් පවිත්‍ර බිමකි. ඒ පවිත්‍ර බිමට අභිමානය කැන්දන පරපුරක අවසානය බඳු වූ සද්ධන්තයින් රැකගැනීම අපගේ වගකීමක්‌ නොවන්නේද? ඔවුන් සිංහරාජයෙන් මිහිදන් වන තෙක් ඒ අයිතිය මේ අලින්ට දෙමු.අලි අලි අල්ලන කතාද්රයට හෝ සෙල්මට නොගෙසේ අලිට මුවා වී සිදුකරන ජාවාරම් නැතිකරනා දිනයකට ගමන් කරමු.

ජනපතිතුමානි! සරත් පොන්සේකා ඇමති තුමනි! පාලිත නියෝජ්‍ය ඇමතිතුමානි! කරමුද අලි අල්ලීම වෙනුවට සිංහරාජ වනයේ ජාවාරම් ඇල්ලීම එවිට රටත් සමාජයත් අලිත් සුරක්ෂිත වන බව අවසාන වශයෙන් කිව යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *