පොහොර හිගයට විසදුම් ඉල්ලා ගොවීන් උද්ගෝෂණය කරයි

මේ වන විට යල කන්නයේ වී වගාව ඇතුළු මෙරට වගාවන් රැසක් වෙනුවෙන් රට තුල දැඩි පොහොර හිගයක් උද්ගතව ඇති නිසා මේ දිනවල රට පුරා ගොවීන් දිනෙන් දින දැඩි දුෂ්කර තාවයන්ට පත්ව ඇත මේ හේතුවෙන් කන්නයේ වගාකරන ලද ගොවීන්ට අවශ්‍ය පොහොර නොමැතිකමින් තම වගාවන් විනාශවීමේ අනතුරකට පත්ව ඇති නිසා පොහොර බෙදාහරින ගොවිජන සේවා මද්‍යස්ථාන අසල අලුයම් කාලයේ සිට පෝලිම් වලට වී සිටීමට ගොවීන්ට සිදුව ඇත

එහෙත් තම අවශ්‍ය පොහොර එම ස්ථානවලින් තබා මුදලට ගැනීමට නොහැකිව ගොවීන් හිස් අතින් ආපසු යාමට සිදුව ඇත ආත්ම ස්‌ථානවල පොහොර සුළු වශයෙන් බෙදා හැරීම් කලද ඇතැම් ස්ත්නවල කිසිම පොහොර වර්ගයක් නොමැතිව ගොවීන් අසරණව ඇත මේ නිසා පවතින තත්වය හමුවේ ගොවීන් අසරණ නොඅකර හැකි ඉකමනින් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් දඹුල්ල නගරයේ උද්ගෝෂණයක් අද දින පවත්වන ලදී.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු එම සම්මේලනයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්විණි. “බොරු කතා එපා… ගොවිතැන අනතුරේ… පොහොර හිඟයට වහා විසදුම් ලබාදෙනු…”, “මැති ඇමතීන් සැප විඳිනවා… කෘෂිකර්මයට වින කරනවා…” යන සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් පොහොර හිඟයට විසදුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් උද්ඝෝෂණයක නිරතවූ

මෙවර යල් කන්නයේ වී, ලොකු ලුණු හා එලවලු බෝග ඇතුළු වගාවන් සදහා නිසි කලට යෙදීමට අවශ්‍ය පොහොර තොග නොමැතිවීමෙන් වගාවන් විනාශවී යාමේ අනතුරකට ලක්ව ඇති බව මෙහිදී නාමල් කරුණාරත්න මහතා පැවසී ය. රටේ පොහොර හිඟයක් නොමැති බව රජය ප්‍රකාශ කළත් සත්‍ය වශයෙන්ම විවෘත වෙළඳපොළ හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි ගොවීන්ට මිලදී ගැනීමට සුදුසු පොහොර තොගයන්හි හිඟයක් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මෙය සහල් මාෆියාව මෙන් පොහොර මාෆියාවක් බව අවධාරණය කළ නාමල් කරුණාරත්න මහතා ඊට අදාල ක්‍රියාමර්ග ගැනීම ආණ්ඩුවේ වගකිමක බැවින් ඒ සදහා වහාම මැදිහත්වී පොහොර හිගය මඟ හරවා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දායකවී සිටින ගොවියා ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.මෙලෙසම විරෝධතාවයක් අද අම්පාර නගරයේදීද පැවති අතර ඒ සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික වසන්ත පියතිස්ස මහතාද එක්වී සිටි යේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *