හරකා බැදලා හැරෙන කොටම කන්ද කඩා වැටුනා !! පස්කන්දේ ඛේදවාචකය ඇසින් දුටු සාක්ෂිය!!

ශාල ශබ්ධයක් සමග නිවස යට වුණේ තත්පර කිහිපයකින් මම ගමේ මිනිසුන්ට කෑ ගසලා කීවා දෙවනගල පුදබිම අසල නිවසට පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ වෙල්ලයයේ හරකා බදිමින් සිටිපී ප්‍රේමරත්න මහතා සදහන් කරයි

මාවනැල්ල සහ අරණායක පොලිස් බල ප‍්‍රදේශයන්හි සීමාවේ පිහිටා ඇති දෙවනගල ගම්මානය අරණායක සහ මාවනැල්ල ප‍්‍රදේශිය ලේකම් කලාපයන් වල සීමාවෙහි පිහිටා ඇත. මුළු රටම කම්පා කරමින් දෙවනගල නාය යෑම සිදු වුයේ අරණායක කලාපයට අයිති බල ප‍්‍රදේශයේ ඉඩමක් තුලයි. මෙම අවාසනාවන්ත ඛේදවාචකයෙන් එකම පවුලේ සිව් දෙනෙක් මිය ගියේ අධික වැසි තත්වයත් සමග ඇති වු නාය යෑම හේතුව නිසාය එම දිනයේ සහ ඊට පෙර දින දිවයින පුරා අධික වර්ෂාවක් පැවැති අතර 05 වැනි දින උදෑසන 6 ත් 6.30 අතර කාලයේ මෙම නාය යෑම සිදු වි තිබු අතර අප එහි ලගා වන විටත් නිවසක් තිබු ස්ථානයක් වත් සොයා ගැනිමට නොහැකි ලෙස මහා පස් කන්දක් සමග ගස් කොළන් මෙන්ම ගල් පර්වත කිහිපයක්ම නිවස මතට පෙරළි තිබෙනු දැක ගැනිමට හැකි විය. ඒ වන විටත් වැසි තත්වයයේ අඩුවක් දැක ගැනිමටද නොහැකි වු අවට පිහිටා ඇති කුඹුරු වල ජලය පිරි තිබුණේ වැවක ස්රූපයෙනි.


පසුගිය දින වල මාධ්‍යයේ දැඩි ලෙස කතා බහට ලක් වු ඓතිහාසික දෙවනගල පුජා භූමිය පිහිටා ඇති ගර්පර්වතයේ ගල වටේ ඇති පාදමේ මෙම සිදු විම සිදු වි තිබුණි. අක්කර 50 කට වටා වැඩි ගල් පර්වත කොටස පූජා භූමියට අයිති ඉඩමක මෙම නිවස පිහිටා තිබුණේ ගල් පර්වතය මත පිහිටා ඇති පස් තට්ටුවක් මතයි. අරණායක ප‍්‍රාදේශිය ලේකම් කලාපයට අයිති කරහම්පිටිගොඩ ගම්මානයේය. මෙම නිවස නාය යෑමත් සමග ඒ අවට නිවාස දෙකක පවුල් මේ වන විට ආරක්ෂිත ස්ථානයක රදවා ඇත.


කෙසේ වෙතත් මහ වැසි මැද නාය ගිය නිවසට වැටි තිබු පස් තට්ටුව සහ ගල් පර්වත ඉවත් කිරිමට යුධ හමුදාවට මෙන්ම සියලූ ආරක්ෂක අංශ වලටත් ප‍්‍රදේශවාසී ජනතාවටත් දැඩි පරිසමයක් දැරිමට සිදු වු අතර එම ස්ථානයේ පස් ඉවත් කිරිමේ කටයුතු වලට තරමක් විශාල බැකෝ යන්ත‍්‍ර එම ස්ථානයට ලගා විමට ඇති මාර්ග දුෂ්කරතා හේතුවෙන් කුඩා බැකෝ යන්ත‍්‍ර දෙකක් යොදා පස් සහ අනිකුත් දෑ ඉවත් කරමින් පස් වලට යට සැගවි ගිය මිනිස් ජීවිත එකින් එක සොයා ගැනිම සිදු විය. පැය 6 කට ආසන්න කාලයක් තිස්සේ කරන ලද දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව ඔවුන්ගේ මළ කඳන් නිරුපද්දිතව ගොඩට ගත් අතර ඒවා යුධ හමුදාව විසින් රැුගෙන විත් ගිලන් රථයකින් මාවනැල්ල මූලික රෝහලට යැවිමට කටයුතු කරන ලදි.


මෙම ආවාසනාවන්ත සිදු විම බොහෝ දෙනෙකුගේ හදවත් කම්පා කරන සිදු විමක් වු අතර එය දැක බලා ගැනිමටත් ඔවුන් සොයා ගැනිමේ කටයුතු වෙනුවෙන්ද විශාල පිරිසක් කටයුතු කරමින් සිටි අතර රජයේ වගකිව යුතු සෑම නිලධාරියෙක්ම එම ස්ථානයේ රැුදි සිටිමින් ඊට අවශ්‍ය සහාය ලබා දෙන්නට විය. උදෑසන 9 පමණ වන විට පස් කන්දට යට වි තිබු 23 හැවිරිදි කංකානමලාගේ උමේෂා මධුවන්තී විජේරත්න යන අය ගොඩට ගත් අතර ඉන් පසුව එම පවුලේ 57 හැවිරිදි කංකානමලාගේ විජේරත්න දරුවන්ගේ පියාත් මව වන 55 හැවිරිදි වීරසිංහ පේඩිගේ ලලිලා වීරසිංහ සහ එදින දහවල් මෙම දෙමාපියන්ගේ එකම පුතණුවන් වන 29 හැවිරිදි කංකානමලාගේ ශානික පුෂ්ප කුමාර යන අයගේ දේහය සොයා ගත්තාය.


මේ සියලූ දෙනාම එකම පවුලේ මව, පියා සහ දියණිය මෙන්ම පුතනුවන්ය. මව පියා රැුකියාවක් නොකරන අතර දියණිය මාවනැල්ල ප‍්‍රදේශයේ පෞද්ගලික පාසලක ගුරුවරියෙක් ලෙස සේවය කරන අතර 29 හැවිරිදි පුතණුවන් වසර කිහිපයක් මාලදිවයිනේ රැුකියාවක් සිදු කොට මිට මාස කිහිපයකට කලින් ලංකාවට පැමිණ ඇත්තේ නාය ගිය ස්ථානයට ඈතින් ආරක්ෂිත ස්ථානයක බාගෙට සකස් කර තිබු ඉඩමේ වැඩ අවසන් කර නැවත රැුකියාව සඳහා පිටත් විම අරමුණු කරගෙනයි.


නාය යෑමට පෙර දිනයේ අලූත් නිවස කපරාදු කිරිමට සිමෙන්ති මිටි 18 ක් පමණ ඊට පෙර දින ගෙනවිත් උදෑසන වැඩ පටන් ගන්නට තම ගමේ පෙදරේරුවන් කිහිප දෙනෙකුටද වැඩට එන්නට ඔහු ආරාධනා කර ඇත. මාලදිවයිනේ රැුකියාව සිදු කරන අතරවාරයේ මාස කිහිපකට සැරයක් තම නිවසට ආ ගිය මිය ගිය ශානික පුෂ්ප කුමාරගේ එකම බලාපොරොත්තුව වි තිබුණේ කෙසේ හෝ තම අලූත් නිවස ඉක්මනින් සකස් කර ගැනිමයි. මේ වන විට එම නිවසේ වැඩ අවසන් වි තිබුණා නම් මෙවැනි ඛේදනිය තත්වයකට ඔවුන් කිසි දිනක මුහුණ දෙන්නේද නැත.
අප ජිවිත වල තිබෙන අස්ථිරත්වය බුදු දහමේ යථාර්තය පෙන්වා දෙමින් මෙම ඛේදවාකය සිදු වු අතර මේ ගම්මානයේ කිසි වෙකුටත් එය අදහා ගැනිමට නොහැකි කරුණකි.


එදින උදෑසන තම ගවයා වෙනත් ස්ථානයක බැද සතාට අවශ්‍ය ආහාර සැපයිම පුරුද්දක් කර ගත් කරම්පිටිය ගමේ පදිංචි 53 හැවිරිදි පී. පේමරත්න නාය ගිය නිවස පසු කරමින් ඊට ඉදිරිපිට ඇති වෙල් යායේ සතා බැද සිටි ඉන්න ගලවා අඩි කිහිපයක් ඉදිිපිටට ගමන් කරද්දි මහ විශාල ශබ්දයක් ඇසි පසු පස බලන විට මෙම නාය යෑම දැක ඇත. ඔහු පවසන පරිදි ඒ සියල්ල සිදු වන්නට ගත වුයේ තත්පර කිහිපයකි. නිවස යට කරගෙන පස් කන්ද තම සිටින වෙල් යාය දෙසට ඇදි එන අන්දම ඔහු දැක ඇත්තේය. ජිවිතයේ කිසිම දිනක මෙවැනි බිහිසුණු අනතුරක් දැක නැති ඔහු මහ අහියෙන් ගම්මුන්ට කෑ ගසා සිදු වි ඇති ඛේදවාකය කියන්නට වු අතර ඉන් පසුව එම ස්ථානයට ගම්මුන් පැමිණියත් ඒ වන විටත් සියලූ දේ අවසන් වි තිබුණි.

පසුව පොලිසිය මෙන්ම ප‍්‍රදේශයේ වගකිව යුත්තන් දැනුවත් කර ඒ දෙස බලා සිටින්නට වුයේ මහත් වු දුකකිනි. ගම්මානයේ බොහෝ දෙනෙක් මේ අවාසනාවන්ත සිදු විමෙන් කම්පනයට මෙන්ම ඇඩු කදුළුලින් පසු වෙන අයුරු එහි ගිය අපට දැක ගත හැකි වු අතර ගම්මානයේ පැවැත්වෙන සමාජිය වැඩ කටයුතු වලදි මෙන්ම මළගෙදරකදි මංගල කටයුත්තකදි මෙන්ම වෙනත් කටයුතු වලදි සහ ආගමික කටයුතු වලදි මෙම පවුලේ උදවිය ඊට වැඩි දායකත්වයක් ලබා දෙමින් ගම්මානයේ හොඳ හිත දිනා ගනිමින් කාලය ගත කර ඇති බව ඒ සියලූ කතා වලින් දැන ගැනිමට හැකි විය.


මාලදිවයිනේ සිට පැමිණි පුෂ්ප කුමාර එහි සිට නිරෝධායන කාල සීමාවේ සෙම්ප‍්‍රතික්ෂාව අමාරුවක් සෑදි යාළුවන්ට බයෙන් දුරකතනයෙන් කතා කර අයුරු යාළුවන් තම ෆෙස් බුක් ගිණුමේ සටහන් කර ඇත. එමෙන්ම මෙම වැසි තත්වය ඇති වි ඇති අවස්ථාවේ උදෑසන 6 ට කලින් යාළුවෙකුට යැවු චැට් පණිවිඩද ගණනාවක්ම ශානිකගේ යාළුවන් සමාජ මාධ්‍යයේ පල කරමින් ඔවුන්ගේ දුක පවසා ඇති අන්දමද අපට දැක ගත හැකි විය.


දෙවනගල මේ සිදු වුයේ එක් නාය යෑමක් පමණි නමුත් දෙවනගල ගල වටේට අනවසර පදිංචි කරුවන් සිටින බව අප මාධ්‍යයෙන් කිහිප වතාවක් රටට කියා ඇත්තේය. එයින් බොහෝ නිවාස මේ අන්දමට ගල් පාදමේ පස් තට්ටු මත සකස් කර ඇත්තේය. දෙවනගල ගල් පර්වත මුදුනේ පුජා භූමියේ මහා ජල කඳම්බ මහ වැස්ස සමග පහල ගලා ගෙන එම නිවස වෙතට මෙන්ම ගල සහ පස් තට්ටුව මතට කාන්දු විම මගින් නාය යෑම් ඉදිරියේදිද ඇති විම වැලැක්ය නොහැකි කාරණයකි. ඒ නිසා අප කලින් මේ අවදානම පෙන්වා ඇති දෙවනගල කටුගහවත්ත සහ උඩපමුණුව ගම්මානයේ ගලේ පස් තට්ටුව මත අනාරක්ෂිත නිවාස ගැන රජය මේ සිදු විම හරහා සැලකිලිමත් විය යුතු විම වැදගත් වනු ඇත.


අරණායක ප‍්‍රාදේශිය ලේකම් ඉසඞ් ඒ.එම්.ෆයිසාල් මහතා.
මේ නිවසේ හතර දෙනෙක් ඉදලා තියෙනවා. අම්මයි, තාත්තායි, පුතයි, දුවයි මට කරන්න තියෙන එකම ඉල්ලීම වන්නේ මේ වාගේ අරණායක විතරක් නොවෙයි ලංකාවේ තිබෙන අනික් තැන් ද අවදානම්. ඒ නිසා පොඞ්ඩක් අවදානම් ඇති තැන් වල ජිවත් වන පවුල් ඒ අවදානමෙන් ඉන්න ඔනෑ. ගෙවල් වලින් ඉවත් විම වැදගත් ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට සියලූ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව රජයේ නිලධාරින් එවැනි අවදානම් පවුල් දැනුවත් කර තිබෙනවා පන්සලකට හෝ පාසලක් වෙත යන්න කියලා අපි උපදෙස් දිලාත් තියෙනවා.


මෙම ස්ථානයේ තිබෙන අවදානම ඇගට ගත්තේ නැති නිසා තමයි මෙහෙම අවසනාවන්ත සිදු විමක් සිදු වුනේ. මේ අය අලූතෙන් නිවසක් සකස් කරලා තිබෙනවා අවදානමක් නොමැති ස්ථානයක නමුත් ඒ ගෙදරට නොගින් මේ අවදානම් සහිත ස්ථානයේ ජිවත් වෙලා තියෙනවා. මහ වැස්ස තියෙද්දි තමයි මේ වාගේ අවදානමක මේ නිවසේ ඉදලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි වැසි දින වල අවදානම් ඇති අය පරිස්සමින් ජිවත් විමට මේක ආදර්ශයක් කර ගන්න.

දෙවනග රජමහ විහාරයේ භාරකාර මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්

විශේෂයෙන්ම කියන්න ඔනෑ දෙවනගල රජමහ විහාරයේ දෙවනගල පුදබිම අවට අනාරක්ෂිත ජිවිත ආරක්ෂා කරන්න බොහෝ වැඩ පිළිවෙල් යොදනවා. එහිදි අපි කිවා අනාරක්ෂිත නිවාස අයින් කරන්න කියලා. වර්ෂාවත් එක්ක දෙවනගල රජමහ විහාරයේ සිට එන මහ ජල කඳ මේ ජල කඳට මේ ගල් සේදි සේදි ඇවිත් නිවෙස් මතට කඩා වැටෙනවා. ඒ නිසා මේ අවට ආනාරක්ෂිත නිවාස මෙන්ම දෙවනගල කටුගහවත්ත සහ උඩපමුණුව යන ප‍්‍රදේශ වල ඇති අනාරක්ෂිත නිවාසද වහාම ඉවත් කර මේ අවදානමෙන් ගලවා ගන්නා ලෙස රජයේ වගකිව යුතු නිලධාරින්ට මා මෙහිදි සිහිපත් කරනවා. අපි මේ සම්බන්ධයෙන් අද ඊයේ නොවෙයි කාලයක් තිස්සේ මේ ගැන කියනවා අධික වැස්ස තියෙන වේලාවට විතරක් නොවෙයි මේ තීරණ ගත යුත්තේ ඉදිරිය ගැන හිතලා තීරණ ගත යුතුයි කුඩා දරුවන් තරුණ ජිවිත මේ වාගේ ඛේදවාක වලින් නැති වෙන්න ඉඩ දෙන්න බැහැ. අද කියන්න කණගාටුයි අපේ ලගින් හිටපු හොඳ දායක පවුලක් තමයි මේ ආවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ එක අපේ ප‍්‍රදේශයට විශේෂයෙන් විහාරස්ථානයට විශාල පාඩුවක් මේ සිදු විම හරහා සිදු වුනා.


කෑගල්ල අපදා කළමණාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා.
දිස්ත‍්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයත් එක්ක. වර්ෂාවේ වැඩි විමක් අපෙක්ෂා කරනවා ඉදිරි දින දෙකෙදි මෙහිදි අපි අධි අවදානම් කියලා අප හදුනාගෙන තියෙන ඒ වාගේම අධි අවදානම් කියලා හදුනා ඇති අධි අවදානම් පවුල් කඩිනමින් ඔවුන්ගේ තොරතුරු සංන්නිවේදනයත් එක්ක ඉවත් කිරිම තමයි කර යුතු වන්නේ. මොකද වර්ෂාව වැඩි විමත් සමග පසුගිය කාලයේ තිබෙන අත්දැකිම් එක්ක කදු සහිත කෑගල්ල දිස්ත‍්‍රීක්කයේ වැඩිපුරම කණ්ඩි කඩා වැටිම් සිදු වෙන්න පුළුවන් ඒ නිසා නිරන්තයෙන් මාධ්‍ය අපදා කළමණාකරණ මධ්‍යස්ථානය අපේ ප‍්‍රාදේශිය නිලධාරීන්ගේ දැනුවත් කිරිම එක්ක සම්බන්ද වේලා තමන්ගේ ජිවිත සුරක්ෂිත කර ගත යුතුයි.


මෙම සිදු විම හරහා අප ද අප ඔප්පු කර ඇත්තේ අප මිට සැතපුම් 05 කට පමණ දුරින් පිහිටා ඇති සාමසර කන්දේ ඛේදවාකය ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කර නොමැති වගයි. ඒ නිසා අවදානම ගැන පසු වි ඔබගේ ජිවිත සුරක්ෂීත කර ගැනිමට ඔබට කටයුතු කර යුතුව ඇත. මහ ගස් කපා දමද්දි වන සම්පත විනාශ කරද්දි ඇල දොළවල් ගලා ගිය මාවත වෙනස් කර කරන සංවර්ධනයේදි ස්භා දහම අපට පාඩම් උගන්වන්නේ ඒ ගැන යලි සිතා බැලිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *