අති සුන්දර රූමස්වලට මොකද වෙන්නේ // ඝවේෂණාත්මක සටහන

රුමස්වල සුරක්ෂිත කරන්න කියලා අපි කීවා. ආණ්ඩුව දැනුවත් කළා.රාජ්‍ය ආයතන නිලධාරින් හා සියලුම අංශ ජනතාවද දැනුවත් කළා. නමුත් ආණ්ඩුව උනවටුන වනාන්තරය විනාශය නතර කරලා නෑ.මැති ඇමතිවරු හා රජයේ නිලධාරින් කිසිදු ප්‍රතිචාරයක් නෑ. අපි උනවටුන සුරක්ෂිත කරන්නට වනාන්තරය රැක ගන්නට අපි ලංකාවේ  ජාතික පරිසර සංවිධාන  11 එක්ව, ජනතාව හා මහා සඟරුවන එක්ව මරාන්තික උපවාසියක් අරබුනවා යැයි දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි ජනතා විමුත්ති පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක නලීන් හේවගේ මහතා පවසයි.

2021.03. 19 වන දින විවෘත කරන්නට නියමිත ඩඩ්ලි සිරිසේන හෝටලය විවෘත කරන්නට හැකිද? නොහැකිද ?

අඩි 40 පාර කපයිද නැද්ද උනවටුන රූමස්වල පරිසර හානිය වලක්වන්නට පියවර ගනීද .

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු ඇමති චන්දිම විරක්කොඩි ටත් අයිත් ඉඩමක් ඉදිකිරිමක් ද මෙම රක්ෂිතයේ තිබේ.

දැන් අද 25 දිනද හොරට පරිසරය විනාශ කරමින් අඩි 40 පාර සෙමෙන් සෙමෙන් කපයි.

@ රෑ මස්වල නැති නම් රූමස්වල වනාන්තරයේ වන විනාශයේ ඇත්ත කතාව මෙන්න.

සංචාරක ආකර්ෂණය හිමි රූමස්සල රක්ෂිතය මැදින් පාරක් තැනීමේ උත්සාහයක නිරත වන්නේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ සහෝදරයාය. මෙහි මේවන විට කාමර 350 ක අංග සම්පුරණ හොටෙල් සංකිරණයක් සකස් අවසන්ව ඇත. විවෘත කිරීම 2021 මාර්තු 19 වන දින බව රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජිවය අයිතිය පරිසර සංවිධානයේ කැඳවුම්කරු  සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ පැවසීය.

රෑමස්සල සිදුවන පරිසර හානීය වළවක්වා ගැනීමට රටේ ජනතාව යොමු විය යුතු බව සදහන් කල අතර, මෙය ජාතික සම්පතකින් එහා ගිය ලෝක උරුමයක් බවත්, රෑමස්සල පරිසරයට හානී සිදුවන ව්‍යාපෘතින්ට එරෙහිව රටේ ජනතාව සංවිධානය කිරීම ආරම්භ කර ඇති මෙම මාර්ගය ඉඳි කරන්නට කිසිවිටක අවසරය ලබානොදෙන බව ඒ මහතා පවසයි. රූමස්වල නැති නම් රෑමස්සල සිදුවන පරිසර හානීය වළවක්වා ගැනීමට රටේ ජනතාව යොමු විය යුතු බව සඳහන් කල අතර, මෙය ජාතික සම්පතකින් එහා ගිය ලෝක උරැමයක් බවත්, රෑමස්සල පරිසරයට හානී සිදුවන ව්‍යාපෘතින්ට එරෙහිව රටේ ජනතාව සංවිධානය කිරීම ආරම්භ කර ඇති බවත් තහවුරු කරන ලදි.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා රූමස්සල පරිසරය වනසමින් පාරක් කපමින් සිටිනවා.රූමස්වල පරිසරයට ඩඩ්ලි සිරිසේන පාරක් කපන්න හැදනවා. මොන ජගතා ආවත් මේ පාර හදන්න අපි ඉඩ දෙන්නේ නෑ.අපි ජනතාව එක්කරගෙන මේගැන කතා කර රූමස්ල ආරක්ෂා කරනවා රුමස්වල අඩි 40 පාර හදන්න අපි ඉඩ දෙන්නේ නෑ හිටපු ජනපතිගේ සිරිසේනගේ සහෝදරයටා මේ පාර කපන්න අපි ඉඩ දෙන්නේ නෑ.ජනතාවගේ තින්දුව වෙනස් කරනවා.ජනතාවගේ නාමයෙන් අපි පරිසරය ආරක්ෂා කරනවා.

ජීවය සුරකිමු පරිසර එකමුතුවේ කැඳවුම්කරු සංජය  ධනුෂ්ක මහතා මෙසේ පවසයි.

ශ්‍රී ලංකාවේ,දකුණු පළාතේ,ගාල්ල දිස්ත්‍රික්කයේ,හබරාදූව ප්‍රාදේශිය ලේකම් බල පෙදෙසට අයත් පෞරාණික සහ පාරිසරික වැදගත්කමකින් යුත් රෑමස්සල රක්ෂිත භුමියේ සංවේදී පරිසර කලාපය මැදින්,නීතීය උල්ලංඝනය කරමින් අඩි 40 ක් පළල මාර්ගයක් ඉදිකිරීමට දරන පරිසර විරෝධි උත්සාහයට එරෙහි අනීතිකව ඉදිකර ඇති මහා පරීමාණ හෝටලයේ මල අපද්‍රව්‍ය,අධිසාන්ද්‍ර රසායනික අපද්‍රව්‍ය සහ අපවිත්‍ර ජලය රෑමස්සල බොනවිස්ටා කොරල්පරය ආශ්‍රිත මුහුදු කලාපයට මුදා හැරීමට මේවන විට කටයුතු සිදුකරමින් සිටිනවා.

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත ආරක්ෂා කිරීම නියාමනය කිරීම සිදු වෙනවා.2003.01 .03 දින  1269 /25 දරණ රජයේ ගැසට් පත්‍ර යේ රූමස්වල අභය භූමියක් ලෙස නම් සත්ත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ,සංරක්ෂණයට බඳුන් කළ ප්‍රදේශයකි.මේ යටතේ, මෙම රක්ෂිත ප්‍රදේශයේ කිසිදු අනවසර ඉදිකිරිමක්,මාර්ග තැනිමක්, ගස් කැපීම,සතුව දඩයම,තහනම්වන අතර, මෙමම භූමියේ පිහිටි භෞතික පරිසරය කිසිදු වෙනසකට ලක් කිරිමට හැකි යාවක් නැත . නමුත් මහා පරිමාන සංචාරක ව්‍යාපෘති සහ සමහරක් ප්‍රදේශවාසිනගේ අනිසි ක්‍රියාකාරිකම් නිසා මෙම පරිසරයේ සිදු නොකළ යුතු උක්ත සියලු කාරණා මේවන විට සිදුවෙමින් පවති. අප සමඟ සිටින ජාතික පරිසර සංවිධාන  11ක පිරිසක් මේයට විරොධය ප්‍රකාශ කරමින් සිටිති. මේ අනුව,බලධාරින් දන්වා පරිසර විරෝධි සැලසුම් හකුලා ගන්නා ලෙසයි.

සුරැකිමු රෑමස්සල ජනතා ව්‍යාපාරයේ සභාපති ලාල් වල්පිට ගමගේ මහතා පවසන්නේ මේ පරිසර හානියට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවයි. ගම්මාන මටිටමින් මෙය වලවන්නට අපි පියවර ගන්නවා ජනතාවගේ දැවැන්ත විරෝධයක් මේ සම්බන්ධයෙන් තියනවා.රෑමස්සල ඇති පෞරාණික ගල්ලෙනක් නිරීක්ෂණය දැකිය හැකි උනා. මෙය මේවන විට කිසිදු පරික්ෂණයකට ලක් කර නැති බව කියන්නට කැමැතියි.

මෙයට විරෝධය පල කරමින් විහාරාධිපති හිමිවරුන්,ප්‍ර දේශවාසිහු,පරිසර හිතකාමි සංචාරක ව්‍යාපාරිකයන් සහ පරිසර වේදීන් සුරකිම රූමස්වල පරිසර ව්‍යාපාරය ශක්තිමත් කරමින් මෙම පරිසර පද්ධතය ආරක්ෂා කරන්නට පියවර ගනිමින් සිටිති.

රූමස්වල ලංකාවේ සියලුම දේශගුණික කලාප වල අතඹුලකි.මිරිදිය ජලය නැව්වලට ලබාදුන් පොකුණ ද මෙහි අදටද දැකිය හැකිය. ඔසු වනය මැදින් ගලා යන මිරිදිය දිය පහර හරහා පෙර කී යෝජිත මාර්ගය සකස් කරමින් තිබේ.

බොනවිස්ටා කොරල්පරය,කුළුණු කන්ද,බොනවිස්ටා පාසල,පැරණි ඕලන්ද සුසාන භූමිය, ගල්ලෙන් , මහා පරිමානයෙන් මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කිරිමට මුහුදු කාඳනයෙන් හැකි පරිදි  සුවිසාල පාෂාණයක් ආරක්ෂිත වැටක් ලෙස පවති.පැරණි වදකාගාරය වෙඩිබෙහෙත් තැම්පත් කළ ස්ථානය,ආදි වටිනා ස්ථාන රැසකි.

මෙම පරිසර පද්ධතියේ පිහිටි ගල් ලෙනකි. මෙහි සුවිශේෂිතා බොහොමයක් ඇති අතර ඒ අතරින් කටාරම් නිර්මාණය ප්‍රමුඛයි. ඈත අතීතයේ සිට මෑත වකවානුව දක්වා අප්‍රකටව පැවත එන මෙම ගල් ලෙන අපේ මිතුන් මිත්තන් භාවිතා කර ඇති බවට සාක්ෂි බොහෝමයි. මෙම ගල්ලෙන විවිධ කාලවල දී මානවයන් භාවිතා කළ බැවට සාක්ෂි දැනටද ඇත.මෙම පුරාවිද්‍යාමක වටිනාකාමක් ඇති ස්ථානය ආරක්ෂා කිරිමට සංරක්ෂණය කරන්නට මෙතෙක් කිසිදු ආයතනයක් පියවර ගෙන නොමැත.

පවතින රජයටත්,පුරාවිද්‍යා බලධාරීන්ටත් මෙම සුවිශේෂිතාව පෙන්වා දෙන අතර ඔබ සැමගේ අවධානය යොමුකර මෙම පුරාවිද්‍යා වටිනාකමක් ඇති භුමිය සංරක්ෂණය කොට ජනතා දේපලක් ලෙස ආරක්ෂාකළ යුතු බවට අවධාරණය ප්‍රදේශ වාසිහු ඉල්ල සිටිති.

රූමස්වල නැති නම් රෑමස්සල සිදුවන පරිසර හානීය වළවක්වා ගැනීමට රටේ ජනතාව යොමු විය යුතු බව සදහන් කල අතර, මෙය ජාතික සම්පතකින් එහා ගිය ලෝක උරැමයක් බවත්,රෑමස්සල පරිසරයට හානී සිදුවන ව්‍යාපෘතින්ට එරෙහිව රටේ ජනතාව සංවිධානය කිරීම ආරම්භ කර ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

හබරාදුව සම්බන්ධිකරණ රැස්විමේ සභාපති  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා

මෙම සංවේදි පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න පියවර ගන්නවා.මෙහි සියලුම ඉඩම් සංවේදි කලාපයට අයත් කරමු.ඉඩම් සියල්ලම ගැසට් කරන්නට මම අවශ්‍ය කටයුතු ඉදිරියේ දී සිදු කරනවා.

මෙම ප්‍රදේශය් පක්ෂ විපක්ෂ දැනට පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන්ටද මෙම භූමියේ ඉඩම් ඇති අතර ඒවා පරිසර විරෝධි ආකාරයට සකස් කරඇති බව දැක ගත හැකිය.  

දකුණු පළාත් හිටපු ඇමති ඒ.ජී.සි පියසිරි මහතා (එ.ජා.නි.ස)

උනවටුන පරිසර කලාපයේ රුමස්වල පරිසර පද්ධතිය විනාශ වෙනවා. මේය ආරක්ෂා කරන්නට යම් පියවරක් ගන්න. පරිසරය පද්ධතිය තව ටික දිනකින් නැතිවි යනවා.රජයේ සියලුම ඉඩම් වලට ඔප්පු හදලා විකුනා තිබෙනවා.රජයේ ඉඩම් ද සියලුම වාගේ නැති වෙලා තියනවා.

හබරාදුව ප්‍රදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ)

මෙහි ඉඩම් සියලුම වාගේ යම් පිරිසක් අල්ලාගෙන තිබෙනවා. මෙහි පාරක් කපන්නට අවසර දී නෑ. හබරාදුව සභාව නම් එවැනි කටයුත්තකට තවම අවසරය දී නෑ.

ගාල්ල දිස්ත්‍රික් ජ.වි.පෙ ප්‍රධාන සංවිධායක නලින් හේවගේ මහතා පවසන්නේ මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කරන්නට පියවර ගන්නා ලෙස බලධාර්නට දැනුවත් කළා. මේය සිදුවන්නේ නෑ අපි මේයට විරුද්ධව මරාන්තික උපහාසියක් සිදුකරන්නට ඉදිරියේ දි පියවර ගන්නවා

රුහුණු විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සම්මික ලියනගේ මහතා මෙසේද පවසයි.

දැන් බලන්න රූමස්වල වනාන්තරයේ හිමාලයේ දකින්නට ලැබෙන බෙහෙත් පැළෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳු වැටියේ දකින්නට ලැබීම මෙම කඳුවැටියේ ඇති විශේෂත්වයයි. කලාපයටවියළි කලාපයට මෙන්ම ශුෂ්ක කලාපයට ද අයත් ශාක ප්‍රජාවන්ගේ නිවහනකි. අතීතයේ රුහුණු ඔසු උයන ලෙසින් ප්‍රකටව පැවති මෙහි 1991 වන විට බෙහෙත් පැළෑටි 150ක් පමණ තිබී ඇත. එයින් බෙහෙත් පැළෑටි 141 ක්ම රූමස්සලට ආවේණිකව එහි ස්වාභාවිකවම වැඩී තිබුණු ඒවාය. බක් මීමිල්ලඅරළුබුළුවෙනිවැල්කෝන්තාලම් ආදිය මෙහි ඇති දුර්ලබ බෙහෙත් පැළෑටි කිහිපයකි.    

අන්තර්ජාල මාර්ගගත පෙත්සමක් ( ඔන්ලයින් පෙත්සම්) ක්‍රියාත්මකයි.පෝස්ටර් ව්‍යාපාරයක්,අත්පත්ත්‍රිකාවක් මගින් ජනතාව දැනුවත් කර ඇත.පරිසර සම්මන්ත්‍රණයක් මගින් ජනතාව දැනුවත් කර ඇත.

මහා පරිමාණ මල අපද්‍රව්‍යඅධි සාන්ද්‍ර අපද්‍රව්‍යකරදිය ජලය පිරිපහදු කිරීමෙන් නැවත පරිසරයට එක්වන අධිසාන්ද්‍ර ලවන සංඝටක සහ මහාපරිමාන හෝටලයක දෛනික ක්‍රියාකාරකම් ඔස්සේ එක්වන අධිසාන්ද්‍ර පිරිසිදු කාරක නිසා සිදුවන රෑමස්සල සහ උණවටුන සංවේදී ජීවි පද්ධතිය අසමතුලිත කිරීම නැවත කිසිඳු ආකාරයකින් නිවැරදි කර ගත නොහැකි මහා පරිසර සංහාරයක් වනු නියතය. රෑමස්සල හරහා අඩි 40 ක පාරක් ඉදිකිරීම ඔස්සේ මෙම සංවේදී කළාපය හරහා දිවා රෑ සිදුවන මහා පරිමාන වාහන ගමනාගමනය හේතු කොට ඒ අවට පරිසරයේ සිදුවන පරිසර දුෂණයශබ්ද දුෂණයවායු දූෂණය සහ ජල දූෂණය මෙන්ම ජෛව විවිධත්වයට එනම් එම සංවේදී පරිසරයේ ජීවත්වන ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ට සිදුවන හානීය ගණනය කිරීමට පවා අපහසු විශාල පරිමානයකින් සිදු වීම නියතයක් වන අතර එය ධන කුවේරයන්ගේ ධනය භාවිතයෙන් නැවත නිවැරදි කල නොහැක.  මේ සියල්ල සළකා බැලිමෙදී අපට ප්‍රත්‍යක්ශ වන්නේ රෑමස්සලට රෑමස්සල ලෙස පැවතීමේ අයිතිය උදුරා ගැනීමට භු දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් සහ මහා පරිමාණ ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් සැළසුම් කෙටුම්පත් සකස්වන බවයි. විවිධ දේශපාලනික ප්‍රවාහයන් සහ ව්‍යාපාරිකයින් රෑමස්සල දෙස බලන්නේ විවිධ කෝණයන්ගෙන් පටු ආර්ථික වුවමනාවන් වෙනුවෙන් වුවද පරිසරයට ආදරය කරන පරිසරයේ අයීතින් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන්පරිසර ලෝලීන් සහ සබුද්ධික ජනතාව රෑමස්සල දෙස බලන්නේ සජීවි සංවේදී පරිසර පද්ධතියක් ලෙසයි. රෑමස්සල සුවිශේෂි පරිසර පද්ධතිය ගාල්ලේ උරැමයකිදකුණු පළාතේ උරැමයකිජාතික උරැමයකිලෝක උරැමයකි. රෑමස්සලට රෑමස්සල ලෙස ජීවත්වීමේ අයිතිය සුරැකිමු. බොනවිස්ටා නාමයේ ගැබ් වූ දැකුම්කළු දසුන ආරක්ෂා කරමු.

රූමස්සල කියූ සැණෙන් මතකයට නැග එන්නේ ඉපැරණි කතා පුවතකි. එනම් රාම-රාවණා යුද්ධය ගැනය. හනුමන්තලා රාවණාලා හා රාමා-සිතා ගැනය. තවත් පිරිසකගේ මතකයට එන්නේ විද්වත් ආතර් සී. ක්ලාක් වැනි විද්වතුන් මතු කළ විද්වත් තොරතුරු පද්ධතීන් ගැනය. ඒත් පරිසරවේදීන් දිගින් දිගටම ලියන්නේ මෙහි ඇතැයි කියන ජෛව විවිධත්වයන්,කොරල්පර වැනි ස්වාභාවික සම්පත් ගැන හා නමට පමණක් ගැසට් කොට ඇති අභය භූමියක් ගැනය. මේ සියල්ලටම වඩා වෙනස් ලෙස සිතන උදවිය ද සිටිති. ඒ කොටස වන්නේ ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් ය.

ඔවුන් පවසන ආකාරයට පෘතුගීසින් පළමුව ගොඩබැස්සේ මේ බිමිකඩටය. පසු කලෙක ලන්දේසීන් මෙම භුමියේ තවත් කොටු දෙකක් නිර්මාණය කිරීමට පිඹුරුපත් සකස් කළද ඉංග්‍රීසින් විසින් ලන්දේසින් පන්නා දමා බලය ගත් නිසා මෙහි තවත් කොටුවක් ඉදිවූයේ නැත. වර්තමානයේ රූමස්සල ගැන පොත් ලියන්නෝ පට්ට ගසන්නේ මේ අතීත පුවත් හා කතන්දරයන්ය. මේවා ගැන බලන කියන පිටස්තර උදවියද පාසල් ළමයිද මේ කියන දේවල් බලන්නට ඉගෙන ගන්නට අධ්‍යාපන චාරිකා සකස්කර ගනිති. ඒ නිවාඩු කාලයේ ය.  

සැබැවින්ම රූමස්සල ඓතිහාසික,විද්‍යාත්මක දත්ත ගබඩාවකි. ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කර ඇති ආකාරයට ලෝකයේ කිනම් රටකින් හෝ යවනු ලැබූ චන්ද්‍රිකාවක් කිනම් හේතුවක් නිසා හෝ අක්‍රිය වූයේ නම් ඒ සියල්ලම පාවී විත් රැඳී ඇත්තේ මේ රූමස්සල ගුවන් ගැබේය. මේ වන විටත් එවන් චන්ද්‍රිකා රැසක් මෙහි රැඳී ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්ව්න් ආරියදාස මහතා මිය යන්නට පෙර අප කළ විමසුමක දී සඳහන් කළේය.  

ලංකාවට පැමිණි ආතර් සී. ක්ලාක් මහතා මේ පියසේ නැවතී කලක් ජීවත් වූයේ ද මෙහි ඇති මේ ජීවගුණය විද්‍යාත්මක වටිනාකම් හා නව විද්වත් සොයාගැනීම්වලට මේ බිම්කඩ අපූරු තෝතැන්නක් වූ නිසාය. එපමණක් නොව ලෝකයේ ඇති හොඳම වෙරළ දොළහෙන් එකක් ලෙස මේ රූමස්සල එහා අන්තයේ වැල්ලේ දේවාල වෙරළ එදාා පත්වී තිබූ බවද සඳහන් කළ යුතුය. නමුත් මේ පිරිස විනාශය නිසා ලොව සුන්දර වෙරළ වල් 12 පැවැති ස්ථානය 20 වන ස්ථානයට පත් කරන්ට පරිසර විනාශය කරන අපතයෝ කටයුතු කර ඇත. 

මේ ඓතිහාසික සිදුවීම්වල රැඳී තිබූ පියසටහන් අනාගත පරපුරට දායාද කරන්නට කිසිවකු මෙතෙක් වැඩපිළිවෙළක් ආරම්භ කර නොමැත. එපමණක් නොව මේ වන විට රූමස්සල සොබාදමින් පණ ලැබූ ගහ කොළ සතා සීපාවා පවා අපට අහිමි වී තිබේ. ලෝකයේ දුර්ලභම කොරල්පරය විනාශය වෙත වේගයෙන් ගමන් කරමින් තිබේ.කළුනික පවා තිබුණේ යැයි කියූ මේ මහා රූස්ස කැලේ අද ඇත්තේ අතරින් පතර ඇති මලානික ගස් කොළන්ය.  

සත්තකින්ම,අද ඇත්තේ අප පොතපතින් ජනකතාවලින් අප ඇසූ රූමස්සල නොව, නවීන රූමස්සලක්ය. නවීන ලෝකයේ ඉදිරියෙන් අද සිටින්නේ සංචාරක ව්‍යාපාරය. රජයේ ඉදිරි සංවර්ධන සැලසුමේ ප්‍රමුඛතාවක් ලබා දී ඇත්තේද මේ සංචාරක ව්‍යාපාරයටය. එයිනුත් විදේශිකයින්ගේ වඩාත් නැඹුරුව ඇත්තේ පාරිසරික සංචාරක ඉසව්වන් වෙතය.  

ගාල්ල නගරය දියුණු කරන්නට යන්නේ ද ඒ අවට දියුණු කරන්නට යන්නේද මේ සංචාරක කර්මාන්තය අරමුණු කොටගෙනය. ඒ යන ගමනේ හොඳම ඉලක්කය කරගත යුතුව ඇත්තේ මේ රූමස්සල බව අවිවාදිතය. රජය, පළාත් සභාව හෝ සංචාරක මණ්ඩලය තවමත් ඇස ගසා නැත්තේ ඇයිද යන්න ගැටලුවකි.මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? මේ සොබාදහමේ අපූරු මැවීමක් වන රූමස්සල අද බලවන්තයන්ගේ යටත් බිමක් බවට පත්ව ඇති බවය.  

මෙහි ඇති බිමිකඩහි සොඳුරුම ඉසව්ව වන්නේද වෙරළ ආසන්න භූමියයි. එහි අයිතිය මේ වන විටත් ඇත්තේ වරාය අධිකාරියටය. මේ බිමේ ඇති සුවිශේෂී කොටසක් වන්නේ සුදුවැල්ල නම් වූ ඉසව්වය. එය සුන්දර වෙරළකින් හා මනා සෙවණැති අපූරු වන රොදකින් යුක්තය. පෘතුගීසින් පළමු වරට පැමිණ ඇත්තේද මෙම ස්ථානයට බව සැලකේ. මනාසේ ස්භාවිකව පිහිටා ඇති වෙරළ හා නොගැඹුරු මුහුද ඉතා සුරක්ෂිත නාන තටාකයකි. දිනපතා මෙහි පහස ලබා ගැන්මට එන දෙස් විදෙස් සංචාරකයින්ගේ ගණන මෙතෙකැයි කිව නොහැක. එහෙත් අද මෙම ස්ථානය බලහත්කාර අත්පත්කර ගැනීම් සහ පවත්වාගෙන යන අවන්හල මා‍ෆියාවක් බවට පත්ව තිබේ. මේ සඳහා කිසිදු ආයතනයකින් බලපත්‍රයක් ලබා ගෙන නැත. මෙහි එන සංචාරකයන් පවා ඔවුහු විශාල වශයෙන් ගසා කති. නීතියක් නැත අවනීතියක් දැකිය හැකිය.  

කුඩා බීම බෝතල් දෙකක් හා බියර් බෝතලයක විකුණුම් මිල රුපියල් 1500කි. මෙතැන නාන්නට හෝ විවේක‍යක් ගන්නට හෝ එන ස්වදේශිකයකුට මෙහි වැඩි වෙලාවක් ඉන්නට ඉඩක් නැත. අද මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වයට මෙය හොඳම උද‌ාහරණයකි. වෙරළ සම්පූර්ණයෙන්ම මෙම කල්ලියේ (ගැන්සිය කල්ලිය) අණසකට යටත් වී ඇත. විදේශිකයින් සඳහා බංකු ඇඳවල් සකස් කරගෙන ගසාකන්නේ නියමිත පරිදි අනුමත හෝටල් සංකීර්ණයක් ලෙසය. මහ ගස් කොළන් කපා දමා ඇත. නමට පමණක් ‘පරිසරය රැකගනිමුයි’ කියා බෝඩ් ගසා ඇති නමුත් එයට මඳක් ඈතින් වන මැද රහසේ ගොඩනගාගෙන ඇති මහා කසළ කන්දකි. වගකියයුත්තන් කවුරුන්දැයි සොයා ගන්නට ද නැතත් එවැනි ස්ථාන දෙකක් කැලය මැද නිර්මාණය කර ගෙන ඇත්තේ සැමට රහසෙනි.  

සත්තකින්ම මේ කන්දට ගිනි ඇවිළී ගියහොත් මුළු රූමස්වල කෑලැවම ගිනි රකුසා විසින් බිලිගනු නියතය. මෙවන් කසළ එකතුවක් මෙයට ඔබ්බෙන් ඇති පුංචි වැල්ල ප්‍රදේශයේද දක්නට ඇත.  

මේ පුංචිවැල්ල ද අනවසර අයකු විසින් මෙයට පෙර සුදුවැල්ල මෙන් සිය අණසකට යටත් කරගෙන ‍වෙරළ මාෆියාවක් පවත්වා ගෙන ගොස් තිබිණ. මේ සම්බන්ධයෙන් ඇති වූ විරෝධය නිසා වරාය අධිකාරිය විසින් නඩු කියා එම කොටසෙහි අයිතිය නැවත අධිකාරිය වෙත පවරාගෙන තිබේ. එසේ නඩු කියා ලබා ගත් මේ බිම්කඩ සහිත නාන වෙරළ උද්‍යානය නිසි අයුරින් ප්‍රයෝජනයට ගත හැක. නිසි වැඩපිළිවෙළක් නිර්මාණය කර නැත. හබරාදුව ප්‍රාදේශීය සභාව මෙහි පාලනය ගෙන ගියද එහි ප්‍රමිතියක් නැත.  

මෙම ඉඩම් වරාය අධිකාරියට අයිති ඒවාය. අප එහි යන විටත් සුදු වැල්ලට හැරෙන ස්ථානයේ මුර කුටියක ආරක්ෂකයින් දෙදෙනකු සිටිනු දක්නට ලැබිණ. ඒ දෙදෙනා වරාය අධිකාරියේ ආරක්ෂකයන් දෙදෙනෙකු බව පැවසූ අතර වරාය අධිකාරිය සතු කොටස්වල අනවසර ඉදිකිරීම කරනවා දැයි විමසිලිවන්ත වීම සඳහා ඔවුන් මෙම ස්ථානයේ රඳවා තිබේ.ලෝක උරුම ගාලු කොටුව නරඹන්නට එන පිරිස්වලට වඩා වැඩි දෙස්-විදෙස් පිරිස් දිනපතා මෙහි එන බව ගම් වැසියෝ පවසති.  

මෙමගින්,ඍජු හා වක්‍ර රැකියා මගින් හොඳ ආදායම් ලබන බව පෙනී යයි. මෙහි දැනටමත් රථ ගාල් ස්ථාපිතව තිබේ. ගැටලුව බවට පත්ව ඇත්තේ රජයේ කිසිදු අවසරයක් හෝ අධීක්ෂණයක් ‍නොමැතිව ඉතා අවිධිමත් ලෙසින් මේ සියල්ල සිදුවීමය. ගමේ පිරිස පරිසරය සුරක්ෂිත කරගෙන මේ කටයුතු කරන සෙයක්ද දැකිය හැකිය. නමුත් වන රකුසෝ මේවන විට රක්ෂිතයම බිලිගෙන ඇත. 

රූමස්සල පාරිසරික හා සංචාරක පාරාදීසයක් ඇති කිරීමට හැකි ස්ථානයකි. එහෙත් අවාසනාව බවට පත්ව ඇත්තේ මේ වන තෙක් රජය හෝ සංචාරක මණ්ඩලය හෝ මේ ස්වාභාවික භෞතික සම්පතින් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට සැලසුම් නොකිරීමය. රූමස්සල හොඳ සංචාරක පුරයක් කරන්න හැකි ඉක්මනින් රජය මැදිහත් විය යුතුය. නැති නම් සිදුවන්නේ අයාලේ යන සංචාරක පුරයක් බවට රූමස්සල පත්වීමය. රූමස්සල පරිසර වැදගත්කම් සහ සංචාරක ආකර්ෂණය ඉහළ යන ලෙස මෙම ප්‍රදේශය නවීකරණය කිරීම සැමගේ වගකීම බවය.   සත්තකින්ම අදවන විට ආන්ඩුවේ කිසිදු බලධාරයෙක් මේ සමබ්නධයෙන් කිසිදු වගකිමක් නොගෙන වන පාළුවන්ට රිසේ මේ තුරුවිමන විනාශයට පත්වෙන ආකාරය බලා නින්දේ පසුවෙන ආකාරය දැකිය හැකිය.

අදාළ පරිසර රාජ්‍ය ආයතන පවසන්නේ මේවා දැක්කේ නෑ වගේ ඉන්නවා අපිට කරන්න දෙයක් නෑ. අපි අසරනය කියාය .

ශ‍්‍රී ලංකාවටම ආවේණික වූ අලුත් ම කොරල් වර්ග දෙකක් අප විසින් ම අපේ රටෙන් සොයා ගැනීම මෙම අමරණීය සිහිවටනයයි. මෙම කොරල් වර්ග පොඩබේසියා ලංකෙන්සිස් (PODABACIA LANKAENSIS) හා පොරයිටිස් ඩිසිල්වෙරි (PORITES DESILVERI) ලෙසින් නම් කොට ඇත. දකුණේ ඇති ඉහළ ඝනත්වයක් හා සෞඛ්‍ය සම්පන්න බවින් වැඩි මිරිස්ස කොරල්පරයේ දර්ශනයක් හික්කඩුව-මිරිස්ස රූමස්සල කොරල්පරවලින් සොයා ගැනුණු මෙම විශේෂිත කොරල් වර්ග දෙක තවමත් නිල වශයෙන් නම් කොට නැති නමුදු, එය විශේෂ වර්ග දෙකක් ලෙසට පිළිගෙන ඇතැයි රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා හා සාගර භූ විද්‍යා අධ්‍යයන අංශ ප‍්‍රධානී ආචාර්ය පී.බී. ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා පැවසුවේය.  

දස වසරකට අධික කාලයක් තිස්සේ මාලදිවයින, කෙන්යාව, ටැන්සානියාව, ජපානය, නවසීලන්තය,ඕස්ට්‍රේලියාව හා ස්වීඩනය යන රටවල සාගර විද්‍යාව පිළිබඳ පර්යේෂණයන් හි නියැළී සිටි ඔහු මිරිස්ස නිජබිම කරගත් රුහුණු පුත‍්‍රයෙකි. අලුතින් ඉදිකෙරෙන හම්බන්තොට වරාය පිළිබඳ මුහුදු ශක්‍යතා වාර්තාව සකස් කළේ ද ආචාර්ය ප‍්‍රදීප් කුමාර ය. මේ සප්ත මහා සාගරය මහා සම්පත්වලින් පිරුණ නිධානයක් බඳුය. භෞතික මෙන් ජෛව විවිධත්වයෙන් යුත් ජීව සම්පත්වලින් ද අනූන ය. එමෙන් ම මේ ලෝකය අතිසුන්දරය.  

මෙයට දශක තුනකට ප‍්‍රථම ලොව ප‍්‍රකට විද්‍යාඥ ආතර් සී. ක්ලාක් සහ මයික් විල්සන් වැන්නෝ අපේ රටේ මුහුදු පතුලේ අසිරිසිරිය දැක ගත්හ.

ඔවුන් දුටුවේ ද මේ අසිරියෙන් බිඳක් යැයි ඔවුහුම පැවසූහ. සාගර හා මුහුදු විද්‍යාඥයෝ කොරල්පර ජලයේ ඇති නිවර්තන වැසි වනාන්තර ලෙස හඳුන්වති. ලොව මත්ස්‍ය සම්පතෙන් සියයට 25ක ළමා කාලය ගෙවෙනුයේ මේ කොරල්පර ආශ‍්‍රිතවය.  

මත්ස්‍ය සම්පතේ ගොදුරු බිම් හා තිඹිරිගෙවල් වන්නේ ද මේ කොරල්පරය. ලංකාවේ අප තවමත් මේ මහා කොරල් සම්පතෙහි සැබෑ අගය හඳුනාගෙන නැතැයි කීම වඩාත් නිවැරදිය. කොරල්පර නිසා යම්තාක් දුරකට සංචාරක ව්‍යාපාරය සඳහා ද‌ායකත්වයක් ලැබුණ ද මේ සම්පත ජාතික සම්පතක් ලෙස රැක ගැනීමට අද‌ාළ අංශ අසමත් වීම කනගාටුද‌ායකය.  

ලෝකයේ දැනට හඳුනාගෙන ඇති කොරල්පර වර්ග ගණන තුනක් බව ආචාර්ය ටර්නි අප සමඟ පැවැසීය.

ඒවා නම් ධාර පර.බාර්පර නොහොත් බාධක පර හා අතෝර පරය. ධාරපර ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ නොගැඹුරු දියේ දක්නට ඇත. හික්කඩුව බොනවිස්ටාව සහ මිරිස්ස ආදී ප‍්‍රදේශ මේ අතර සුවිශේෂය. බාර්පර නොහොත් බාධක පර ඇත්තේ ගැඹුරු මුහුදෙහිය.  

මේවා බොහෝවිට නැගෙනහිර මුහුදු තීරයේ පාසිකුඩා, කල්පිටිය සහ නිලාවැලි වැනි ප‍්‍රදේශවල දී දැකගත හැකි ය. අතෝර පරයන් ඇත්තේ මාලයක් ලෙසට ය. ඒවා ලංකාවේ තවමත් දැකගැනීමට ලැබී නැතැයි පවසන ටර්නි මහතා ඒවා මාලදිවයින වැනි දූපත් අවට මුහුදේ ඇතැයි පවසයි.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනයට යොද‌ාගත හැකි හොඳම දෙයක් තමා මේ ජීව කොරල්පර ප‍්‍රදර්ශනය කිරීම. එහෙත් අවාසනාවකට දෝ මේ සියල්ල ටිකෙන් ටික අපට නැතිවෙමින් යනවා. ස්වාභාවික හේතු මෙන් ම මානව ක්‍රියාකාරකම් ද එයට හේතුවක්. ඩයිනමයිට් දැමීම, අපද්‍රව්‍ය සාගරයට දැමීම සහ කෘමිනාශක භාවිතය ආදිය මේ කොරල්පර විනාශයට එක එල්ලේ බලපානවා.  

දකුණු දිග මුහුදු තීරයේ ඇති බොහෝ කොරල්පර විනාශ වී යන බවත්, සමහර ඒවා මැරීගෙන යන බවත් අපේ අලුත් ම ගවේෂණ දත්තවලින් හෙළි වෙනවා.

ලංකාවේ හොඳම ජීව කොරල්පර ඇතත් නැගෙනහිර මුහුදු තීරයේ එයින් පසු අපට එද‌ා දැක ගත හැකි හොඳම කොරල්පර වූයේ හික්කඩුව හා ලෝ ප‍්‍රකට උණවටුන, රූමස්සල බොනවිස්ටා කොරල් පර.  

එදා උණවටුන කොරල්පරය ජෛව විවිධත්වය අතින් හරිම ඉහළයි. දුර්ලභ කොරල් හා ජීවීන්ගෙන් පිරිලා තිබුණා. හික්කඩුවත් එහෙමයි. නමුත් මේ වන විට ඒ කොරල්පරවල ඇති ජීවී ගතිය මැරීයමින් පවතිනවා. මින් රූමස්සල තත්ත්වය හරිම කනගාටුදායකයි.  

2003 දී රජය විසින් අභය භූමියක් ලෙස නම් කරන ලද මී‍ටර 120ක් උස කන්දක් වූ හෙක්ටයාර 170 රූමස්සල සතුව හෙක්ටයාර 20ක රක්ෂිත වනාන්තරයකින් සමන්විතයි.  

රූමස්සල කඳු වැටිය ලොව කිසිදු පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි පරිසර සම්පතක් බවත් මෙයට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයක් ලෙසත් ලොව ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා මෙම කඳු වැටිය හඳුන්වා ඇත. ලොව වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් ඇති ප්‍රදේශය ලෙස විද්‍යාඥයන් හඳුන්වන්නේ ද රූමස්සලයි.  

ඔහු 1956 දී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔහුගේ ප්‍රථම නිවස ඉදිකොට ගෙන ඇත්තේද උණවටුන ප්‍රදේශයේයි. එහෙත් මේ කන්දේ ආරම්භය ගැන නම් ජනප්‍රවාදයේ නම් කතා ‍බොහෝම වෙනස්ය.

එහි ප්‍රසිද්ධම කතාව වන්නේ වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ සඳහන් පරිදි රාමගේ සොහොයුරු ලක්‍ෂමනයන් රාමගේ හී පහරකින් විපතට පත්වූ අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා එවකට සිට ඍෂිවරයෙක් හිමාල අඩවියෙන් ඖෂධ කිහිපයක් ගෙන එන්නට හනුමන්ට නියම කර තිබූ අතර සටන ගැන සිතමින් හිමාලය බලාගිය හනුමන්ට ගෙන ඒමට කියූ ඖෂධවල නම්, අතරමගදී අමතක වී තිබිණ.  

මේ නිසා හිමාලයෙන් කොටසක්ම උස්සා ගෙන ආ හනුමන්තාගේ ඇගිලි දෙකක් අතරින් ඒ ගෙනා ආ හිමාල කොටසින් වැටුණු කොටස රූමස්සල බව පැවසේ. එයින් වැටුනු අනිත්‍ කොටස උනා වැටුණු ස්ථානය දැන් උණවටුන බව වේ. එම කතාව සිහියට නගන්නටම ඉදි කරන ලද විශාල හනුමා ප්‍රතිමාවක් රූමස්සල කන්දේ ඇති ජපන් බෞද්ධ විහාරයේ දක්නට ලැබේ. එහි දක්නට ඇත්තේ හනුමා නමැති වානරයා එක් අතකින් යගද‌ාවක් ද අනෙක් අතින් කඳුවැටිය ද ගෙන සිටින අයුරුයි.  

සත්තකින්ම තවත් කතාව වන්නේ ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණා රජු, ඇය රූමස්සල කන්දේ පිහිටි ගල් ලෙනක සිර කර තබා ඇති අතර ඇය සොයමින් පැමිණි රාම රජු රාවණා රජු සමඟ යුද කොට ඇයව බේරා‍ ගෙන ඇත්තේ, රූමස්සල කන්දේ සීතා කුමරිය සිර කර තබා තිබූ ගල්ලෙන් දොරටුවෙහි වූ දැවැන්ත ගල්කුළක් ඔසවා විසිකර දැමීමෙනි. ඒ අනුව ‘රාම ඉස්සූ ගල’ යන අරුතෙන් රාමස්සගල, රූමස්ගල වී පසුව එය රූමස්සල යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව තවත් කතාවකි. අතීතයේ මෙහි යෝගී ඍෂිවරුන් වාසය කළ බවටද මතයක් පවතී.   

එහි තිබෙන ජපන් සාම චෛත්‍ය විහාරයත් කාගේත් සිත් ඇදගන්නා සුළු ස්ථානයකි. එහි චෛතය මලුව වෙත නැගී බැලූ වි‍ට පෙනෙන දර්ශනය ඉතාම සිත්ගන්නා සුලුයි.  

රුහුණු විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සම්මික ලියනගේ මහතා මෙසේ පවසයි.

රුමස්වල විතරක් නොවෙයි ගාල්ල දිස්ත්‍රික්කයේ හා දකුණු පළාතේ සියලුම පරිසර පද්ධති අනතුරක ඇති පවසයි. මෙය මහා විනාශයක් බවද ඒ මහතා අප කළ විමසුමක දී පැවසීය.

මෙම කඳුවැටියේ පක්ෂි විශේෂ 72ක් වාසය කරන ලද බව සොයා ගෙන තිබේ. එලෙසම මෙහි ජීවත් වෙනවායි සලකන සමනල වර්ග ගණන 84කි. රූමස්සල කඳුවැටිය පාමුල කිලෝමීටරයක් තරම් දුරට විහිදෙන බොනවිස්ටා කොරල්පරය දැක ගත හැකිය. 1796 දී පෘතුගීසී ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන් විසින් පෘතුගීසි බසින් බොනවිස්ටාව ලෙස නම් කළ මෙහි සිංහල තේරුම සොඳුරු දසුන යන්නයි.  

අප මුලින්ම සඳහන් කළ පරිදි, මෙය ලංකාවේ ඇති විශිෂ්ටතම ගණයේ කොරල්පරයක් ලෙස සමුද්‍ර ජීවී විද්‍යාඥයින් හඳුනාගෙන ඇත. 71%ක් සජීවී කොරල්පරයක් වන මෙහි ඝන අඩි 30කට වැඩි කොරල්පර 35ක් ඇති බව සොයාගෙන ඇත. හික්කඩුව කොරල්පරයේ සජීවී බව 39%කි. මෙයින් මසුන් 491ක් සොයා ගෙන ඇති අතර දුර්ලභ ගණයේ මත්ස්‍යයෝ 320ක් වෙන බව සඳහන් වේ. එලෙසම ලොව වඳ වී යාමට මුහුණ පා ඇති මත්ස්‍ය වර්ග 72 කින් 36 ක්ම මෙහිදී සොයාගත හැකිය. මෙවැනි කොරල්පර දැකිය හැකි වන්නේ නිරක්ෂයේ සිට අංශක 30 බැගින් උතුරු හා දකුණු දිශාවන්ට ඇති සීමිත ප්‍රදේශයක් තුළ පමණක් මීටර 50 දක්වා ගැඹුරු ඇති හිරු එළිය වැටෙන ප්‍රදේශවල පමණක් බව පැවසේ. වෙරළ කලාපයේ උෂ්ණත්වය ද මීට රුකුලක් බව පැවසේ.  පෘතුගීසී ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන්ගේ බිරිඳ විසින් රූමස්වල පාඨශාලාවක් ඉදිකළ අතර වර්තමානයේ එය බොනවිස්ටා පාසල ලෙස හඳුන්වන අතර මාර්ටින් වික්‍රමසිංහයන්, මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මූලික අධ්‍යාපනය ලබා තිබුණේ එතැනිනි. ඇය විසින්ම මුලින්ම ඉදිකරන ලද ‍ගොඩනැගිල්ල අද පාසලේ විදුහල්පතිතුමාගේ කාර්යාලය බවට පත්ව ඇත. ඊට අමතරව බොනවිස්ටා කනිෂ්ඨ පාසලක්ද දැන් පිහිටවා ඇත. ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා විසින් සතුරු නැව් ගල්පරවල හප්පා විනාශ කිරීමට ව්‍යාජ පහන් කණුවක්ද රූමස්සල පිහිටුවා ඇත. වසර 1875 දී ලන්දේසින් ඉදිකළ මෙය බර්ටන් කණුව ලෙස නම් කර ඇත. ඒ එය ඉදිකළ ඩබ්. බර්ටන් නම් පුද්ගලයා වෙනුවෙන් විය හැකිය.  

පසුව බ්‍රිතාන්‍ය ජාතිකයෝ එය තවත් වැඩිදියුණු කළහ. මෙම ව්‍යාජ පහන් කණුවෙන් නිකුත් කළ ආලෝක ධාරා ඔස්සේ පැමිණෙන සතුරු නාවික යාත්‍රා බොහොමයක් ඒ අවට මුහුදේ ඇති ගල්පරවල හැපී මුහුදුබත් කිරීමට මෙය නිර්මාණය කරන්නට ඇති බව සඳහන් වේ.  

එහි දැන් පහනක් නොදැල්වුවත් එම කණුව මුහුදට හොඳින් පෙනෙන බව මුහුදු යන ධීවරයන් පවසයි. සාම චෛතය වෙත එන අතරමගින් හැරී ගිය කිලෝමීටරයකට වැඩිදුරක් ගිය විට මේ පැරණි පහන් කණුව දකින්නට හැකිය.    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *