හෙට දිනයෙත් කාලගුණය අයහපත් // අවධානයෙන් සිටින්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

දිවයින වටා ඇති වායුගෝලයේ කැළඹීම නිසා දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (25) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්ව ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය. මේවන විටත් රජරට ප්‍රදේශයයේ ලොකු කුඩා වැව් රැසක ජාල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාම නිසා එම වැව් වාන් දැමීම ආරම්භ කර ඇති නිසා පහත බිම් වල ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි රාජාංගණය,පරාක්‍රම සමුද්‍රය,තබ්බෝව ,වික්ටෝරියා ජලාශ වාන් දැමීම ආරම්භ කර ඇත.

වෙරළබඩ ප‍්‍රදේශයන්හි තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම අවස්ථාවල මුහුදු ප‍්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බැවින් ධීවර සහ නාවුක ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ අතර තද වැසි ඇතිවුවහොත් නුවරඑළිය, මාතලේ සහ මහනුවර යන දිස්ත‍්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *