ගුවන් ගමන අවහිර කිරීම නිසා ස්වීඩන් කාන්තාවට වන්දි ගෙවයි!!

2020 ජනවාරි 31 වන දින ස්වීඩනය බලා ගමන් කිරීම සදහා පැමිණි ස්වීඩන් ජාතික මෙරට උපන් කාන්තාවකට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල තුලදී සිදුවූ අසාධාරණය සම්බන්දයෙන් අප වාර්තා කරන ලදී එම අවස්ථාවේ ඇය වෙත සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු සහිතව අප වාර්තා කරන ලදී

https://lankaabcnews.com/was-the-woman-helpless-at-the-airport-helpless-with-vide

ශ්‍රී ලංකාවේ සිට ස්වීඩනය බලා පිටත්වීමට පැමිණි එම කාන්තාව වෙත කටුනායක ගුවන් තොටුපලේ එමිරේට්ස් ගුවන් සේවා සපයන කණ්ඩායම විසින් ඉතා පහත් ආකාරයෙන් සැලකු අයුරු ඇය විසින් තම ජංගම දුරකථනයේ පටිගත කර තිබුණි කිසිම හේතුවක් නොමැතිව ඇයට දෝෂාරෝපණය කරන අයුරුත් එම දර්ශනවල සටහන්ව තිබුණි මේ සම්බන්ධයෙන් එම අවස්ථාවේ ඇයට සාධාරණයක් කිරීමට කිසිම බලධාරියෙක් ඉදිරිපත් නොවන ලදී කාන්තාවක වශයෙන් දැඩි අසරණ තත්වයකට මුහුණ පා සිටින අවස්ථාවේ අප වෙත දුරකථනයෙන් සිදුකල දැන්වීමකට අනුව ඇයට සාධාරණයක් ඉටුකිරීමේ අවශ්‍යතාවය අප පෙන්වා දෙන ලදී

ගුවන් මගීන් වෙත ගුවන් තොටුපල තුල සිදුවන හිරිහැරයන් රැසක් පසුගිය කාලය පුරාම වාර්තා වන ලදී මෙරට ප්‍රධානතම අදායම් මාර්ගයක් ලබාදෙන සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බවට නිතර කථා කලත් ගුවන් තොටුපල තුල සිදුවන මෙවන් සිදුවීම් මගින් සංචාරකයන් මෙරට පිළිබද ඇතිවන අප්‍රසාදය සම්බන්ධයෙන් වග කියන්නේ කවුරුන්ද යන්න ගැටලුවකි

අදාල කාන්තාව චන්ද්‍රිකා බර්ලීන් මහත්මිය වන අතර ඇය මීගමුව ප්‍රදේශයේ උපන් කාන්තාවකි ඇය විවාහව සිටින්නේ ස්වීඩන් ජාතිකයෙකු සමගය ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා ස්වීඩන් රටේ ජීවත් වෙති හදිසි අවශ්‍යතාවයකට ලංකාවට පැමිණ 2020 ජනවාරි මාසයේ 31 වන දින ස්වීඩනය බලා පිටත්වීමට ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදුවන අතර එදින ඇයට ස්වීඩනය බලා ගමන් කිරීමට නොහැකි වන අතර අමතර ටිකට් පතක් සදහා මුදලක් ගෙවා පසුදිනයේ පිටත්වීමට සිදුවන ලදී

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය ස්වීඩන් පාරිභෝගික ආරවුල් පිළිබඳ ජාතික මණ්ඩලයට (ARN) ඉදිරිපත් කර ඇත ඒ අනුව 16-නොවැම්බර් -2020 ඒආර්එන් විසින් මගේ සංචාරය නැවැත්වීමට අයිතියක් නැති බව තීන්දු කළ අතර එමිරේට්ස් විසින් අමතර ආපසු ටිකට්පත් පිරිවැය සඳහා මට වන්දි ගෙවිය යුතු යැයි තීරණය කළේය.එමිරේට්ස් ARN තීරණයට එකඟ වූ අතර ප්‍රවේශ පත්‍ර ගාස්තු සඳහා ඇයට වන්දි ගෙවීම සිදුකර ඇත

මෙය ගුවන් තොටුපලේ පළමු සිද්ධිය නොවන අතර මෙවැනි අසාධාරනකම් රැසක් ගුවන් මගීන්ට සිදුව ඇති නිසා වහාම මෙරට බලධාරීන් මැදිහත්ව ගුවන් මගීන්ගේ ගමනාන්තයන් සදහා සහය විය යුතු නොවේද???

Leave a Reply

Your email address will not be published. Required fields are marked *