ඇල්පිටියේ පොල් කට්ටාගේ ඝාතකයා පිස්තෝලයද සමග අත්අඩංගුවට

කපාකොටා වෙඩිතබා ඝාතනය කරන ලද කුරුදු තලන්නකු

ගාල්ල ඇල්පිටිය අනුරුද්ධ ගම ප්‍ර දේශයේ දී 2018.09.27 වන දින කපාකොටා වෙඩිතබා ඝාතනය කරන ලද කුරුදු තලන්නකු වු තොම්මයා හකුරු සුදිත් කුමාර 42 (පොල් කට්ටා ) යන අය ඝාතනය කළ පුද්ගලයා ඇල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.කරන්දෙණියේ දි අත්අඩංගුවට ගත් මොහු සන්තකයේ පිස්තෝල ගිනි අවියක් හා පතොරම් 01ක්ද තිබි ඇති බව ඇල්පිටිය පොලිසිය පවසයි.හෙතෙම 08 වන දින ගාල්ල ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතව ඇත.

පොලිසිය පවසන පරිදි පසුගිය 2018.09.27වන දින ඝාතනය කළ පොල් කට්ටා නමින් හදුන්වන ඝාතනයේ සුල මුල මෙසේය.

ගාල්ල ඇල්පිටිය අනුරුද්ධගම ප‍්‍රදේශයේදී (27) දින රාත‍්‍රී 08.40ට පමණ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියා සිටියේ ය.

මේ ආකාරයට ඝාතනය කර තිබුනේ,මියගොස් ඇත්තේ කරන්දෙණිය මණ්ඩකන්ද පදිංචි තොම්මයා හකුරු සුජිත් කුමාර හෙවත් පොල් කට්ටා නැමති 42 හැවිරිදි කුරුඳු තැලූම් කරුවෙකු වන විවාහක අයෙකි.මුහුණේ දකුණු පැත්තේ වෙඩි සලකුණකට සමාන තුවාලයක් සහිතව නිවෙසේ ඇඳ මත එම පුද්ගලයා මිය ගොස් සිටි බව පොලීසිය තවදුරටත් කියයි.

119  පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමේදී මිදුලේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවද පොලීසිය කියයි.මිය ගිය පුද්ගලයා බිරිඳගෙන් වෙන්වී මීට මාස හතරකට පමණ පෙර සිය විදේශගතව සිටින ඥාතියෙකුගේ අනුරුද්ධගම පිහිටි නිවෙසක තාවකාලිකව නැවතී සිටි බවට තොරතුරු අනාවරණය කරගත් බව පොලීසිය පවසයි.

මෙම ඝාතනය වෙඩි තැබීමක් නිසා සිදු වූයේ දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි. සිද්ධිය සම්බන්ධයෙන්, මහේත‍්‍රාත් මරණ පරීක්ෂණය ද එදිනම පැවැත්විණි.

ඇල්පිටිය පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතාගේ උපදෙස් මත ඇල්පිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ප‍්‍රසන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පැවැත්විමෙන් පසුව සැකකරු 2018.10. 07 වන දින අත්අඩංගුවට ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *