මන්ත්‍රී නමින් හෝ ඉලෙක්ට්‍රික් ක්‍රමයට ඡන්දය තියන්න // ජනපති කියයි

සර්ව පාක්ෂික හමුවේ දී සදහන් කරන ලදී

වර්තමාන රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තමාට තීරණයක් ගැනීමට නම් මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිත කරමින් ඡන්ද ගණනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවැති පක්ෂ නායක රැස්වීමේ දී පැවසීය.ජනාධිපතිවරයා මෙම හමුව කැදවා තිබුණේ පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇතිවු දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර, පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර, එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණිනි.

එය එසේ කළහොත් තමාටත් රටේ උගත් බුද්ධිමත් මහජනතාව මෙන්ම අන්තර්ජාතිකවද වඩාත් පිළිගත හැකි ක්‍රමයක් යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.එමෙන්ම රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල තීරණ ගැනීමේදී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් හඬ අනුව බහුතරය තිරණය කිරීම කාලෝචිත නොවන බවද විනිවිද භාවයකින් තොර බවද ජනාධිපතිවරයා මෙහෙදී සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *