කුහක අධ්‍යාපන සංගම් පාසල් සදහා ක්‍රීඩා නිළධාරීන් පත්කිරීමට විරුද්ධවෙයි

දරුවන් වෙනත් සමාජ විරෝධී ක්‍රියාවන් සදහා යොමු වන්නේ ක්‍රීඩාවට යොමු නොකිරීම නිසාය

මෙරට අධ්‍යාපන සුරැකීම සිසු ගුරු ඓතිවාසිකම් වෙනුවෙන් අරගල කරමින් තමන් අධ්‍යාපනය වෙනුවෙන් පෙනීසිටින මුර දේවතාවන් බව රටට කියති. මේ සියලු සටන් පොදු අරමුණකින් ආරම්භ කලද සටනේ අවසානයේ සමස්ත සිසු ගුරු පරපුර වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාබය සොච්චමකි. වර්තමානයේ විරෝධය එල්ලවන මාතෘකාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරවීම අරමුණු කරගනිමින් ක්‍රීඩාවට හිතැති ආදරය කරන පිරිසකගේ අදහස් සදහා ලිපියෙහි ඉඩකඩ වෙන් කලෙමි.

පසු ගියදා අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ පාසල් වල ක්‍රීඩා තත්වය ඉහල නැංවීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල් සදහා ක්‍රීඩා නිළධාරීන් 3500 අධික ප්‍රමාණයක් බදවාගෙන ඔවුන් පාසල් සදහා අනුයුක්ත කරන බවයි.මෙම පුවත දුටු සැනින් මෙරට ක්‍රීඩාවට ආදරය කරන බොහෝ පිරිසකගේ බලවත් ප්‍රසාදයට පත්වන ලදී බැලු බැල්මට මෙම නිළධාරීන් පත්කිරීම දේශපාලන අරමුක ප්‍රතිපලයක් වශයෙන් හැගුනද එම තත්වය යහපත් කරවීම වෙනුවෙන් සමාජයේ සියලු දෙනා එක මතයක සිට බලපෑම් කිරීම තුලින් එය දේශපනීකරණයෙන් ගලවා ගත හැකිවනු ඇත.එහෙත් සිදුවුයේ වෙනත් දෙයකි ඒ සෑම දෙයකටම විරුද්ද වන විලසින්ම මෙම ගුරු සංගම් එකහෙලාම අදාල යෝජනාව ප්‍රතික්ෂේප කිරීමයි.ඔවුන් නගන තර්කය වී ඇත්තේ පාසල් තුල පුහුණු කරන ලද ඒ සදහා සුදුසු ගුරුවරුන් සිටියෙදී ක්‍රීඩා ගුරුවරුන් පිටතින් බදවා ගැනීම අනුමත කල නොහැකි බවයි

එම ගුරු සංගම් තර්කය අළුයම හෙලු කෙල පිඩක් සේ බැහැර කලයුතු තර්කයකි මන්ද දැනට මෙරට බහුතරයක් පාසල් වල ක්‍රීඩා හැකියාවන් සීග්‍රයෙන් කඩා වැටීමයි.මෙලෙස ක්‍රීඩා නිළධාරීන් සිටියානම් ක්‍රීඩාව කඩා වැටුනේ කෙසේ ද ගුරු සංගම් විවෘත විවාදයකට පැමිණෙන්නේ නම් තර්කානු කූලව එය ඔප්පු කර පෙන්වීමට අප සංගමයට හැකිය. දැනට අවුරුදු 15 ක පමණ සිට මෙරට පාසල් ක්‍රීඩාව වලපල්ලට ගොස් ඇති බව ගුරු සංගම් වලට නොපෙනුනාට රටේ සමස්ත ජනතාවට පෙනීගොස් ඇත.

පසුගිය අවුරුදු 15 දී දේශීය ජාත්‍යන්තර ප්‍රධාන ක්‍රීඩා තරගාවලි සදහා සහභාගී වූ කණ්ඩායම් වල ජයග්‍රහණ සහ වාර්තාවන් පිරික්සා බැලීමෙන් අපේ පාසල් ක්‍රීඩාව කොතරම් කඩා වැටී ඇද්ද ??? එදා පාසල් ක්‍රීඩා පහුණු කරුවන් අද සිටින තැන කොතන ද ඔවුන් කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන්ය ,විදුහල්පති වරුන්ය නැත්නම් නියෝජය විදුහල් පතිවරුන්ය ඒ ඔවුන් ලබා ඇති ප්‍රගතියයි තිත්ත උනත් ඇත්ත එයයි.ක්‍රීඩාව යනු දේශීය හෝ ජාත්‍යන්තර පදක්කම් සදහා ඉලක්ක කරගෙන කරන උත්සාහයක් උවද එහි අතුරු ප්‍රතිපල රැසක් සමස්ත සමාජයට දායාද වෙති ඒ ශක්තිමත් නිරෝගීමත් දරු පරපුරක් බිහි කිරීමයි එය සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණකි

රට පුරා දරුවන් වෙනත් සමාජ විරෝධී ක්‍රියාවන් සදහා යොමු වන්නේ ක්‍රීඩාවට යොමු නොකිරීම නිසාය. පාසල් අධ්‍යාපනයෙන් පසු සවසට කිසියම් ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කිරීම තුලින් දරුවන් වෙනත් වෙනත් සමාජ විරෝධී ක්‍රියාවන් වෙත යොමු නොවෙනු ඇත. දැන්වත් ගුරු සංගම් හරි විදියට හරි තැන අල්ලා ගත යුතුය.සෑම දෙයටම විරුද්ද නොවී මෙහි සමාජ හරය තේරම් ගෙන දරු පරපුරේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුය.මෙම පත්කිරීම් දේශපාලන අවශ්‍යතා මත පමණක් සිදු වීමට අප කිසි ලෙසකවත් ඉඩ නොතබන බවත් රටේ දරු පරපුර වෙනුවෙන් අප දෙපාර්ශවය එකතුව එම අභියෝගය ජය ගැනීමට එක් වන ලෙස සියළු ගුරු සංගම් වලට ආරාධනය කරන්නෙමු.

දකුණු ලක ක්‍රීඩා සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *