ආර්ථික විද්‍යාවේ තර්ක, වැට් බද්ද, රට සහ ජනතාව නම්

2015 දී බලයට පැමිණි නව රජය ජනතාවාදී සහන රැසක්

කැබිනට් අමාත්‍ය සහ කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද දින පැවති මංගල මාධ්‍ය හමුවේදී 15% වන වැට් බද්ධ 8% දක්වා අඩුකරන බවත් එමගින් මෙරට සමස්ත ජනතාවට පරතිලාභ රැසක් අත්වන බවත් සදහන් කරන ලදී මෙරට ජනතාව වෙනුවෙන් සිදුකරන එවන් සුභ සාධන ක්‍රියාවන් තුලින් රටේ ජනාතවට ලැබෙන සහනයන් සම්බන්ධයෙන් දෙවරක් නොසිතා අගය කල යුතු කාරණයකි

මෙරට ආරක්‍ෂිත ආර්ථික සමාජීය කරනා රැසක් සම්බන්ධයෙන් තම මැතිවරණ වේදිකාවේ ජනගත කල නව ජනපති සහ ආණ්ඩුව ගත් සදනීය පියවරක් වශයෙන් වැට් බද්ද ඇතුළු ආර්ථික සහන මල්ල මෙරට ජනතාව තවත් තදින් වැලද ගැනීම සම්බන්ධයෙන් පුර්ණ විනිචයක් ලබාදීමට නොහැකි වුවද සුබවාදී යෝජනාවක් බව නැවත සදහන් කල යුතුය වර්තමානයේ අපේ රටේ ජනතාව බදු පිට බදු පැටවීම තුල ඔවුන් ලබා ඇති අසහනය දුරුකිරීමේ ප්‍රයත්නය යථාර්තයක් වීමට මහා පොලවේ එම සහන දිග හරිය යුතුමය

මන්ද 2015 දී බලයට පැමිණි නව රජය ජනතාවාදී සහන රැසක් ලබාදෙමින් අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිය ඉක්බිති මාස හයකින් පසු කණපිට පෙරලීම නිසා ජනතා බලාපොරොත්තුව බිද වැටුණි අද දිනයේ නව රජය ගත් ආර්ථික ප්‍රතිසංස්කරණ සැබෑවටම ජනතාවාදී වීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු ඇත .නැතිනම් යහපාලන ප්‍රතිපත්ති අවසානයේ ජනතාවට වහ වුයේ කෙසේද මෙය ටද එම ඉරණම අත්වනු ඇත 1972 දී මෙරට ජනතාව සහ රට ස්වයන්පොෂිත කිරීමේ අරමුණින් එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණඩාරනායක මැතිනිය ගෙනෙන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ජනතාව අමාරුවෙන් හෝ වැලද ගැනීමට හැකිවුයේනම් අද දිනයේ අපේ රට කොතනද කියා අමුතුවෙන් කිවයුතු නැත

එදා අපේ රට වැසියන් එම අපේ කරමත වැටුණු විවෘත ආර්ථිකයේ කැපකිරීමේ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපලය අද අපි ඕනෑවටත් වැඩියෙන් බුක්තිවිදිති අවසානයේ අපට උරුම මෙම ආර්ථිකය හමුවේ දණින් වැටීම හැර වෙන අන් කවරක්දැයි කිවයුතුය මීට අවු 40 කට පෙර මෙරට ජනසමාජය වෙනස් කිරීමේ අවශ්‍ය තාවය වර්තමානයේ ඉටුකිරීමට යාම ඕනෑම රජයකට අවධානමක් සහිත ගමනකි එය ඉටුකරන්නට තනි පුද්ගලයෙකුට නොහැක සාමූහික ප්‍රයත්නයක ප්‍රතිපලයක් තුලිනි 2020 පා තබන මෙරට ආර්ථිකය එම විද්‍යාවෙන් තර්ක විතර්ක මගින් පෝෂණය නොකර රට සහ ජනතාව පෝෂණය කිරීමට හැකිනම් ඔවුන් නිසැකවම දේශපාලනයෙ කෙරුමන්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *