මහේස්ත්‍රාත් නිළ මැදිරියේ සාක්ෂි ප්‍රකාශ මාධ්‍ය අතට යාම ගැන පරීක්ෂණයක්

මාධ්‍ය හිමිකරුවන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව අධිකරණ ආරංචි මාර්ගවලින් වාර්තා වේ

ඉකුත් වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවන්ට සහාය දුන් බව කියන නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් පිරිසක් මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී ඉතා රහසිගතව සාක්ෂි දී තිබූ අතර එම සාක්ෂි ප්‍රකාශ මුද්‍රා තබා අධිකරණයේ සේප්පුවේ තිබියදී ඒවා මාධ්‍ය අතට පත්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇත

නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් පසුගිය මැයි 12 වැනිදා සාක්ෂිකරුවන් ලබා දුන් රහස් ප්‍රකාශ මාධ්‍යයට හෙළිදරව් වීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.අදාළ රහසිගත ප්‍රකාශ, දෙරණ, හිරු, මවුබිම, සිලොන් ටුඩේ හා දිවයින යන ආයතන විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති බව හෙළිව තිබේ.අදාළ ආයතනවල එම මාධ්‍ය හිමිකරුවන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව අධිකරණ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *