“අම්මේ මල්ලී අඩන්නේ බයට ගින්න වැඩියි දුවල එන්න” කැන්ගරු පැටවෙකු කියන සත්‍ය කථාව

මිහිකත හඩවන ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්න මිලියන ගණනක සතුන්ගේ දිවි අහිමි කරයි

ආදර බ්‍රෝ නිවේදක කාෂ්ඨක ගිම්හාන ටෝල් මෝජ්

කැන්ගරු පැටවෙකු ඕස්ට්‍රේලියාවේ මහා වනය මග ලැව් ගින්නට මැදිව සිටි මොහොතක සිදුකල ප්‍රකාශයකි මෙය ඉතා අමාරුවෙන් නවීන තාක්ෂණ ක්‍රමවේදයන් මගින් සංස්කරණය කරන ලදී… දිනය 3020 /01/02

……. අම්මේ ඔයා කොහේද මම දුවනවා ඔයත් දුවන්න මල්ලී ලග නේද එයා පරිස්සමට අරන් එන්න එයා අඩන්නේ බයට වෙන්න ඇති තාත්තා මගේ ලග ඉන්නවා එයාගේ අග හැම තැනම පිච්චිලා ඇවිද ගන්න අමාරුයි මාව බේරගන්න ගිහිල්ල තමයි එයා ගින්නට හසු වුණේ අපේ මාමලා නැන්දලා කොහෙද දන්නේ නැහැ අර එහා ගමේ කට්ටිය කෑ ගහනවා ඇහෙනවා ඒ පැත්තට යන්න තියා හිතන්නවත් බැහැ මම ගහට නැගලා බැලුවා හතර වටෙන්නම් ගින්න ගම වෙලාගෙන බේරුණු කිහිප දෙනෙක් අපි ඉන්න පැත්තට අවා

එයාලත් හොදටම පිලිස්සිලා මට හොදටම තිබහයි වතුර ටිකක් බොන්න තැනක් නැහැ තාත්තා කොහෙන්දෝ මඩ ගුලියක් ගෙනවිත් මගේ කටට දැම්මා මට දැන් මහන්සියි ඇග රිදෙනවා අපි ඊලග කොහෙටද යන්නේ මට පේනවා අම්මල ඉන්න පැත්තට ආයෙත් ගින්න එනවා මල්ලී පරිස්සම් කරගෙන කොහේට හරි දුවන්න අම්මේ මට මල්ලී නැතුව පාළුයි දුකයි එයාට කරදරයක් වෙන්න තියන්න එපා ආආආආ ……. ඔන්න පුතේ දුවන්න ගින්න මෙතෙන්ටම ඇවිල්ලා ආආආආ ……..කථාව අවසන්

මේ ඕස්ට්‍රේලියාවේ ලැව් ගිණි මැද කැන්ගරු පැටවෙකු විසින් 2020 වසරේදී තම ජීවිතයේ අවසන් මොහොතේ කියන ලද වදන් පෙළක් තවත් වර්ෂ දහසකට පසු ලෝකයේ නවීන තාක්ෂනය මගින් සංස්කරණය කර මාධ්‍ය වෙත මුදාහරින අවස්ථාවකි. අම්මේ මල්ලී අඩන්නේ බයට ගින්න වැඩියි දුවල එන්න කැන්ගරු පැටවෙකු කියයි කියන සත්‍ය කථාව…… 2020 දී ඇතිවූ එම ගිණි ජාලාව මගින් මිය යාමට මොහොතකට පෙර සිදුකල තවත් සතුන්ගේ ප්‍රකාශයන් රැසක් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි එතෙක් අපි සමුගන්නවා බ්‍රෝ……වාව්ව්ව්ව්ව්ව්ව් එන්නම් මම ඔබේ අදර බ්‍රෝ නිවේදක කාෂ්ඨක ගිම්හාන ටෝල් මෝජ්

පසුගිය වසරේ ලෝකයේ පෙනහැල්ල ගිණිගෙන අක්කර දහස් ගනනක් සතුන් ලක්ෂ ගනනක් මිහිතලයට සමුදෙන ලදී ඒ ලෝකයේ වැඩිම ඔක්සිජන් ප්‍රමාණයක් සාදන විශාලතම නිෂ්පාදනාගාරය වන ඇමසන් වනයේ ලැව් ගින්න නිසාය එදා මුළු ලෝකයේම ජනතාව මහත් කම්පාවෙන් අලීගිය ඇමසන් ගින්න නීවීමට ලෝකයේ බලවතුන් දස දෙසින් පැමිණ ගින්න පැතිරීම වලකා ලන ලදී අද ලෝකයේ වැඩිම වනාන්තර සහිත භූමියක් හිමි ඔස්ට්‍රේලියාව ලැව් ගිණි මගින් බැටකන මොහොත උදාවී ඇත මේ විනාශ වන්නේ මිහිකතේ මිනිසුන්ගේ හුස්ම ගැනීමේ අවස්ථාව බව හදුනා ගත යුතුය

ලෝකය දිවුණු නවීන තාක්ෂණය සහිතව ග්‍රහ ලෝක තරණය කරන යුගයක ලැව් ගින්නක් නිවා ගැනීමට මෙතරම් කල් ගැනීම ගැන සමස්ත ලෝකවාසීන් වශයෙන් ලජ්ජා විය යුතු නොවේද මිහිකතේ පැවැත්ම වෙනුවෙන් සියලු ලෝකවාසීන් එකතුව වහාම මේ සදහා විසදුම් සෙවීමට කාලය එළඹ ඇත කල් නොහැර සියලු දෙනා මේ සදහා එක මිටකට එකතුව සටන් කිරීම කල යුතු නොවේද ඕස්ට්‍රේලියාවේ සතර දිගින් ලැව් ගිනි මතුවෙමින් විනාඩියකට අක්කර දහස් ගනනක් විනාශකර වන සතුන් දස දහස් ගනකගේ ජීවිත අහිමි කරන මේ මහා ඛේදවාචකය ඔස්ට්‍රේලියාවට පමණක් සීමා වුවද එහි ප්‍රතිපල සමස්ත ලෝක වාසීන්ට අත්වන දිනය වැඩි ඈතක නොවනු ඇත

දිනෙන් දින ඉහල යන ගෝලීය උෂ්ණත්වය හමුවේ මෙතරම් ලැව් ගිනි ඇතිවීම මිහිකත කෙලෙසින් නම් දරා ගත යුතුද අද වන විටත් ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්න මැඩලීමට නොහැකි වී ඇත මියයන වනසතුන් ප්‍රමාණය මෙතකැයි කියා ගණන් කල නොහැකිය සහන කණ්ඩායම් සති ගණනක සිට වෙහෙසෙමින් ගින්න නිවීමට සටන් කරන අතර අඩික සුලං තත්වය නිසා ගින්න පැතිරීම තව දුරටත් සිදුවෙමින් ඇත වතුර බවුසර් දස දහස් ගනනක් ගුවන් යන්නා විශාල ප්‍රමාණයක් සති ගනනක් නොකඩවා ගින්න නිවීමට සටන් කලද ප්‍රථිපල රහිත උත්සහයක් බවට පත්ව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *