“කුහක දේශපාලනය නිසා සහල් මාෆියාවට මා සම්බන්ධ කරලා” ඩඩ්ලි කියයි
රජයේ අකාර්යක්ෂම තාවයට නිළධාරීන්ගේ දුර්වල තීරණ වලට මට වග කියන්න බැහැ ඔවුන්ගේ නොහැකියාව වහ ගන්න දැන් මාව අල්ලාගෙන සහල් මාපියාවක් ගැන කතා කරනවා රජයේ ගබඩා වල දැන් තියෙන්නේ කීරි සම්බා ගොඩගහලා ඉතින් රජය කියන විදියට සහල් මිල පාලනය කරන්න බැහැ නිළධාරීන් ඒ වාට ඉඩ තියන්නේ නැහැ
මේක සහල් මාපියාවක් වෙන්නේ නිසි වැඩපිළිවෙලක් නැතිව තීන්දු තීරණ ගැනීම තුලින් මේකට මේ පළාතේ දේශපාලන කුහකයන් වග කිවයුතුයි උන්ට ඕන මාව බිල්ලට දීලා සහල් මිළ පාලනය කරන්න එහෙමනම් මම කැමතියි රජය මම ගොඩනගපු සහල් ව්‍යාපාරය සාධාරණ මිලක් නියම කරලා රජයට ගන්න මම කාලයක් ගොඩනගාගත් මේ ව්‍යාපාරයට සාධාරණ මුදලක් ලැබෙනවනම් මම කැමතියි එය රජයට පවරන්න
සහල් ව්‍යාපාරයේ ප්රබලයෙකු මෙන්ම සහල් මාපියවා ගැන කතාකරන ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන හිටපු ජනාධිපතිගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පොලොන්නරුව ප්‍රදේශයේදී පැවති උතසවයකදී මෙම අදහස් පලකරන ලදී