වෙනිවැල් ගැට පානය ප්‍රබහ ඖෂධයක් වෛද්‍යවරු කියයි!! වෙනිවැල් ගැට තොගයක් අත්අඩංගුවට

පුවත >>> නීති විරෝධිලෙස බලපත්‍රයක් නොමැතිව වෙනිවැල්ගැට කිලෝ 50ක් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රි රෝද රථය සමග කාන්තාවක් හා ත්‍රිරෝද රියදුරු නාකියාදෙණිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.

පසු විපරම >>> කොරෝනා වෛරසයෙන් ගැලවීමට දේශීය අහාර සහ දේශීය පානයන් භාවිතා කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් ජනතාවට උපදෙස් ලබා දී ඇත දේශීය පාන වර්ගයන් ලෙස වෙනිවැල් ගැට ඉගුරු කොත්තමල්ලි පානයන් ශරීරයට ලබාගැනීම තුලින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වන බව වෛද්‍ය වරුන් සහ දේශීය වෛද්‍ය වරුන්ගේ මතය වී ඇත.

පසු ගිය දින වල දේශීය බෙහෙත් අලවිසල් වල වෙනිවැල් ගැට සහ කොත්තමල්ලි හිගයක් සහ ඇතැම් ප්‍රදේශවල එම වගයන් සොයා ගැනීමට පවා නොහැකි තත්වයක් ඇතිවී තිබුණි මේ ආකාරයෙන් මෙරට වනාන්තර වල වැවෙන වෙනිවැල් ගැට ඉතා ඉහළ ඖෂධ ගුණයෙන් යුතු බව වෛද්‍ය මතය වී ඇත පවතින කොරෝනා තත්වයෙන් බේරීමට ළුණු සිවිය පවා ලෝකය භාවිතා කරන සමයක අපේ රටේ වනාන්තර වල හටගන්නා දේශීය ඖෂධ ගුණයෙන් ඉහල වෙනිවැල් ගැට මෙරට වෙළද පොලවෙත මේ අවශ්‍ය මොහොතක් බව කිව යුතුය.

එවැනි පසුබිමක වෙනිවැල් ගැට කැපීම සහ ප්‍රවාහනය තහනම් කර ඇති නිසා දේශීය ඖෂධ ගුණයෙන් ඉහල වෙනිවැල් ගැට අවශ්‍ය මොහොතක එවැනි ව්‍යාපාර රජය මගින් වහාම නියාමනය කර ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා වෙනිවැල් ගැට කැපීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් නීති රීති සම්බන්ධයෙන් රජය ධනාත්මකව සිතිය යුතුය.

දැනට පවතින නීතිය හමුවේ වෙනිවැල් ගැට කැපීම සහ ප්‍රවාහනය තහනම්ය එවැනි ව්‍යාපාර හොර රහසේ සිදු වුවද ඇතැම් වෙනිවැල් ගැට කැපීම් සහ ප්‍රවාහනය කරන අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත්වීම් පසුගිය දින කිහිපයේ වාරතා වන ලදී ඒ වෙනිවැල් ගැට වැඩි පුර ඇති දිස්ත්‍රික් කිහිපයකින් එවැනි පුවත් වාර්තා වීම නිසා මෙම මොහොතේ තහනම් ව්‍යාපාරයක් වුවත් වෙනිවැල් ගැට සදහා ජන සමාජයේ ඉහල ඉල්ලුමක් පැවතීම නිසා ඇතම් පිරිස් රක්ෂිත වනාන්තර වල ඇති වෙනිවැල් ගැට කැපීම බහුල වී ඇත.

මහා පරිමාණ ජාවාරම් කරුවන් වෙනුවට වැඩි පුර අත්අඩංගුවට පත්ව ඇත්තේ සුළු පරිමාණයෙන් වෙනිවැල් ගැට කැපීම සහ ප්‍රවාහනය කරන පිරිස්ය මේ සම්බන්ධයෙන් රජය සහ රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන සියලු දෙනාම වෙනිවැල් ගැට වෙනුවට විකල්ප නැති නිසා වහාම මෙම ශාක කොටස් නිසි නියාමනයකින් පසු ජනතාව වෙත ලබාදීමට මැදිහත්වීම කල යුතුමය ඒ සදහා දැනට අත්‍යවශ්‍ය රාජකාරී නොකරන ආයතන මැදිහත් කර ගනිමින් වෙනිවැල් ගැට සම්බන්ධයෙන් පියවර ගැනීම කාලෝචිතය

මෙහි ආසන්නම සිදුවීම් දෙකක් වාර්තා වන ලදී ඒ කෑගල්ල සහ ගාල්ල ප්‍රදේශය වලිනි ඒ වෙනිවැල් ගැට කපා ප්‍රවාහනය කරන අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට ගැනීමය මෙහි එක සිදුවීමක් වාර්තා වන්නේ ගාල්ල ප්‍රදේශයෙනි මේ එම සිද්ධියට අදාල පුවතයි නීති විරෝධිලෙස බලපත්‍රයක් නොමැතිව වෙනිවැල්ගැට කිලෝ 50ක් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රි රෝද රථයක් සමග කාන්තාවක් හා ත්‍රිරෝද රියදුරු නාකියාදෙණිය හගරන්වල ප්‍රදේශයේ දි අද (09) දහවල් අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.


කන්නෙලිය රක්ෂිතයෙන් මෙකි වෙනිවැල්ගැට කපාගෙන නාකියාදෙණිය උඩලමත්ත ප්‍රදේශයේ සිට ගාල්ල නගරයට රැගෙන යමින් තිබු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. මෙකි වෙනිවැල්ගැට තොගය කාන්තාවගේ බව පොලිසිය පවසයි.ඇය 49 හැවිරිදි වියේ පසුවන නාකියදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. අත්අඩංගුවට ගත් ත්‍රිරෝදරථ රියදුරු 17 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.


සැකකාරිය හා සැකකරු අද (09) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. උඩුගහ පොලිසියේ විශේෂකාර්යංශයේ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව උඩුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො ප පුෂ්පකුමාර, පො සැ 58826 සුනිල්, පො කො 45322 විජේනාය , පො කො 91136 චන්දුසේන, පො කොරි 80163 කුමාර යන නිලධාරින් විසින් මෙකි වැටලිම කරණු ලැබිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *