අවුරුදු පහකින් සියනෑ කථිකාවත යථාර්තයක් කරනවා // ආචාර්ය නාලක ගොඩහේවා කියයි!!

නාලක ගොඩහේවා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වෙන එක අභියෝගයක් නොවුණට මැතිවරණයෙන් පස්සේ රට ගොඩනගන්නේ කොහොමද කියන අභියෝගයේදී නාලක ගොඩහේවා ඉදිරියට එනවා වසර ගණනක පරිපාලන ශේෂ්ත්‍රයේ අත්දැකීම් සහිතව රට වෙනුවෙන් කලයුතු සේවය හදුනාගත් මට මේ සියලු අභියෝග ජයගෙන රට සහ ජනතාව බලාපොරොත්තුවන සෞභාගයේ දැක්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමන් සමග ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා

කොරෝනා වෛරසය නිසා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කරලා තියෙන්නේ එහෙත් අපි නවීන තාක්ෂනය හමුවේ ඒ සියල්ල මගින් ජනතාව සමගින් සම්බන්ධ වෙමින් මැතිවරණ ව්‍යාපාරයයේ නිරතව සිටිනවා අපි වියත්මග හැදුවේ අවුරුදු හතරකට පෙර අපි එදා ඉදල රට පුරා විද්වතුන් එකතු කරගෙන මේ වියත්මග ශක්තිමත්ව ඉදිරියටබ් කරගෙන යනවා

මේ මැතිවරණය ශ්‍රීලංකා පොදුජන පෙරමුණට අභියෝගයක් දකින්න ලැබෙන්නේ නැහැ මේක අපි දිනන වා එතන ඉදලා රට ගොඩනැගීම තමයි අභියෝගය ඒ අභියෝගය ජයග්‍රහණය කිරීම සදහා අපි ජනපතිට සහය දෙනවා අපේ ජාතික ලැයිස්තුව තුලින් හොද වියතුන් රැසක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ හැකිනම් 19 වන ව්‍යිවස්ත සංශෝධනය අහෝසි කරලා ශක්තිමත් ජනපති සහ කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පෙරමුණ ගන්නවා

අපි ගම්පහට අලුත් චරිත වෙන්න පුළුවන් හැබැයි පැරණි යයි කියන දේශපාලකයන් ගම්පහට කරපු සේවය දිහා බලන්න තීරණය ඔබම ගන්න අපි පාලම් බෝක්කු හදන ඕන අය පාර්ලිමේන්තුවට යවන්න ඕනද නැතිනම් ජාතික ප්‍රතිපත්ති සම්පාදකයන් පාර්ලිමේන්තුවට යවනවද කියලා ඔබම තීරණය කරන්න නාලක ගොඩහේවා කියන චරිතයට දෙන ඡන්දය තුලින් සිල්ලර දේවල් නොවෙයි රටේ පවතින දේවල් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ

ගම්පහ කියන මෙරට වැඩිම ඡන්ද දායකයන් සිටින පළාත මම තෝරාගන්නේ දිනන්න තියෙන පහසුව නිසා නොවෙයි වැඩිම වැඩකොටසක් සිදුකල යුතු දිස්ත්‍රික්කයක් නිසා අද ගම්පහ ජනතාව විදින උවදුරු තවත් වසර පහකින් දෙගුණයකින් වර්ධනය වෙනවනම් නාලක ගොඩහේවා පාර්ලිමේන්තු යවන්න අවශ්‍ය නැහැ

හැබැයි මම වගකීමෙන් කියනවා ගම්පහ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් දෙයක් කරන බවට සහතිකයක් දෙනවා තල වපුරා මුං බලාපොරොත්තු වෙන්න එපා කියන පැරණි කියමන නැවත මතක් කරනවා අවසාන වශයෙන් අද නාමයෝජනා දෙන දවසේ කියන්න තියෙන්නේ අපි රටටම යමු පෙරටම කියා පමණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *