රණ මයුරය සම්මානයේ වටිනාකම දෙගුණ වේ

විශාල ප්‍රචාරයක් සම්මානය සොරාගත් අවස්ථාවේදී ලැබී ඇත

ආචාර්ය ලෙස්ටර් රණ මයුරය සම්මානයට දිනාගත් අවස්ථාවට වඩා විශාල ප්‍රචාරයක් සම්මානය සොරාගත් අවස්ථාවේදී ලැබී ඇත. ඒ අනුව දැනට ලෝකයේ වටිනාම සම්මානය බවට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රණ මයුර සම්මානය පත්ව ඇත. රටක් ලෙසත් ජාතියක් ලෙසත් මහත් අවමානයකට පත්කරමින් මේ සිදුවීම මෙසේ අවසන්විය.දහස් ගනකගේ ශෝ සුසුම් මැදදහස් ගනකගේ ශෝ සුසුම් මැද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් ශුරීන් අවසන් ගමන් යන දිනයේ ඔහුජීවිතයේ දිනාගනු ලැබූ ඉහලම සම්මානයට ද අවසන් ගමන් යාමට සිදුවිය එය කලාවට ලෙස්ටර්ට ආදරය කල සියලු දෙනා කම්පා කරවන්නක් විය.

මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි.මෙම සොරකම වියෝවූ මහා කලාකරුවාණන්ට කළ අවමානයක් විය.මෙම රණමයුර සම්මාන සොරකම ගැන පරීක්ෂණ සිදු කරන අතරවාරයේ ජාතික රූපවාහිනියේ කැමරා පරීක්ෂා කළ පොලිසියට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ අවසන් කටයුතු සිදුකළ දිනයේ ඔහුගේ නිවසේදි ඔහුගේ ජංගම දුරකථනයෙක් සොර ගන්නා අයුරු ද සොයාගන්නට හැකිවිය.එම ජංගම දුරකථනය නිවසේ අල්මරියක් උඩ තිබියදි සොරාගත් සැකකරු අල්ලාගන්නටද පසුව හැකිවිය.

ආචාර්ය ලෙස්ටර් ජීවත්වූ බදු කුලී නිවසේ බම්බලපිටියේ ඉතා කුඩා බිම් කඩක පිහිටා තිබුණ අතර අවමගුල් කටයුතු වලට පිරිස වැඩිවීම සමග නිතැතින්ම කිසියම් තදබදයක් මතුව තිබුණි. මෙම සොරකම් සියල්ල සිදුවූයේ එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමිනි.ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුකෙරුණු අවස්ථාවේදී සොරාගන්නා ලද වටිනාම සම්මානයක් වූ “රණ මයුර” සම්මානය කඩුවෙල – කොල්ලුපිටිය සුඛෝපභෝගී බස් රථයක තිබී පෙරේදා (05) හමුවූ අතර එය සොරාගන්නා ලද ප්‍රධාන සැකකරු සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් ගම්පොළ ප්‍රදේශයට යවා තිබේ.

කොළඹදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරුවලට අනුව ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙසේ ගම්පොළට යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.එම සම්මානය සහ ඒ සමග නැති වු ජංගම දුරකථනය යන දෙකම එකම කණ්ඩායමක් සැලැසුම්සහගතව සිදුකර ඇති බව මේ වනවිට හෙළිවී තිබේ.

එම සම්මානය නැතිවූ අවස්ථාවේ පෞද්ගලික රූපවාහිනි නාලිකා ඊට අදාළ ඡායාරූප වීඩියෝ ගත කර තිබිණි. ඒ හැර දුරකථනය හා සම්බන්ධ තාක්ෂණික සාක්ෂිද උපයෝගී කරගන්නා ලදී. බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බව පොලීසිය සඳහන් කළේය.සොයාගත් මෙම සම්මානය නිවසින් අතුරුදන්වු සම්මානය බව ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ බිරිඳ සුමිත්‍රා පීරීස් මහත්මිය හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *