“කිසිම ප්‍රචාරයක් දෙන්න එපා” මුදල් ආධාරය දී දේශපාලකයා යයි!!!

ජනතාවට දේශපාලනය සහ දේශපාලකයා එපා වෙලා

ගම්පහ දේශපාලකයෙක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද උදෑසන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ තම පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කරමින් මිනුවන්ගොඩ ග්‍රාම නිලධාරී වසම් 121 එක තුල ජීවත් වන අඩු අදායම් ලාභී පවුල් වෙත් සෘජුවම ලැබෙන පරිදි බෙදාහරින ලෙසත් එම භාණ්ඩ බෙදාදීම සිදුකලේ තමන් බව කිසිම අවස්ථාවක ජනතාවට ඒත්තු ගැන්වීම නොකරන ලෙසත් සදහන් කර ඇත.මිනුවන්ගොඩ ග්‍රාමනිලධාරී සංසදය කල ඉල්ලීමකට අනුව අදාල භාණ්ඩ සදහා අවශ්‍ය මුදල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රදානය කල බව මිනුවන්ගොඩ ග්‍රාමනිලධාරී සංසදයේ සභාපති වරයා සදහන් කරන ලදී.

එම භාණ්ඩ බෙදාදීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ලබා නොදීම සම්බන්ධයෙන් කල විමසීමේදී සදහන් කලේ තමන් මෙම මුදල් පරිත්‍යාග කලේ ප්‍රසිද්ධිය බලාගෙන නොවන බවත් මේ මොහොතේ තමන්ට පනමෙන් ආදරය කරන මිනුවන්ගොඩ අසරණ මිනිසුන් වෙනුවෙන් මේ මොහොතේ තමන්ට කල හැකි දෙයක් කිරීම බවත් ඉදිරියේදී පවා මෙම විවසනයෙන් බැටකන ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් එම කටයුතු පවා කිසිම ලාබ ප්‍රයෝජනයක් තමන්ට අත්නොවන ආකාරයෙන් ලබාදෙන බවද සදහන් කරන ලදී.

ඇතම් දේශපාලකයන් රජයේ මුදල් තමන්ගේ නමින් බෙදන යුගයක දේශපාලකයෙකු වශයෙන් සමාජයට ආදර්ශයක් වීම සදහා මෙම කටයුතු කල බවද සදහන් කරන ලදී තමන්ගේ එකම අරමුණ මෙම භාණ්ඩ සුදුසුම පුද්ගලයන් අතට පත්කිරීම බවත් ඒ සදහා තමන් තෝරාගත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ එහි ග්‍රාම නිලධාරී සංසදය නිසා එම කටයුත්ත නිසි පරිදි සිදුවන බවට තමන්ට දැඩි විශ්වාශයක් ඇති බවත් සදහන් කරන ලදී.

අප කල විමසීමේදී ඔහු කීවේ මම මුදල් ආධාරය දුන්නා ඒක පුද්ගලිකව දීපු දෙයක් හැබැයි කරන එකම ඉල්ලීම මගේ නම ගහලා ප්‍රචාරය කරන්න එපා මොකද ජනතාවට මේ වෙලාවේ දේශපාලනය සහ දේශපාලකයා එපා වෙලා තියෙන්නේ අපි කෙරෙන්න අවශ්‍ය දේ කළා එපමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *