ඩොලරය 166 පනී, ගෑස් මිළ රු 195 වැඩිවේ, කිරිපිටි රු 25 අඩුවේ

  ජීවන වියදම් කමිටුව එකඟතාව පළ කර තිබේ.

දිනෙන් දින ඇමරිකානු ඩොලරය ඉදිරියේ කඩා වැටෙන ශ්‍රී ලංකා රුපිය තවදුරටත් පහත වැටෙමින් ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ගෑස් සමාගම් කල රුපියල් 325 මිළ වෙනුවට රුපියල් 195 කින් මිළ ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව යෝජනා කර තිබේ එමෙන්ම කිරි පිටි පැකට්ටුවක රු 25 කින් අඩු කිරීමට අදාල කමිටුව යෝජනා කර තිබේ ගෑස් මිල රුපියල් 195 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.

ගෑස් මිල වැඩි කරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඇමති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළයාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහළයාම සැලකිල්ලට ගනිමින් ගෑස් මිල රුපියල් 323කින් වැඩිකරන ලෙස ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුව වෙත යෝජනා කර තිබේ.එහෙත් ගෑස් මිල රුපියල් 325කින් නොව රුපියල් 195කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව එකඟතාව පළ කර තිබේ.

මේ සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහත වැටෙමින් ඩොලරයකට ගෙවන රුපියල් ප‍්‍රමාණය අද (18) 166.64ක් දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) එලෙස 166 සීමාව ඉක්මවූ අතර ශ‍්‍රී ලංකා මහ බැංකු- දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප‍්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව අද(18) රුපියලට සාපේක්ෂව එක්සත් ජනපදයේ ඩොලරයේ විකුණුම් මිල 166.64ක් ලෙසත් ගැනුම් මිල 163.10 ලෙසත් සටහන්ව තිබිණි.

බලපත‍්‍ර ලාභී වාණිජ බැංකු අද(18) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 168 ඉක්මවා තිබිණි.රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල එච්.එස්.බී.සී. බැංකුවේ 169.25ක් ලෙස සටහන්ව තිබූ අතර කොමර්ෂල් බැංකුවේ සහ මහජන බැංකුවේ පිළිවෙළින් 168.25ක් හා 168.03ක් ලෙස සටහන්ව තිබිණි.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල ලංකා බැංකුවේ 167.15ක් ලෙසත් සම්පත් බැංකුවේ 167ක් ලෙසත් සටහන්ව තිබිණි. එන්.ඞී.බී. සහ එන්.එස්.බී බැංකුවල රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල පිළිවෙළින් 167.25ක් ලෙසත් 167.41ක් ලෙසත් සටහන්ව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *