ජාල භීතිකාව මහා භීතිකාවක් නොවීමට නම් // නවතම වාර්තා සහිතයි

නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා වසරකට ලොවපුරා 50,000 ක් පමණ බිලි ගන්නා ජල භීතිකාව

ව්‍යෛද්‍ය ජී.ජී චමල් සංජීව ඔස්ට්‍රලියාවේ සිට

සුනඛයන් සම්බන්ධව මිනිස් ප්‍රජාවගේ පවතින්නේ දැඩි ලෙන්ගතු බැඳීමකි. පරිණාමික ගමන් මග මුළුල්ලේ මිනිසාගේ සමීපතම සිව්පා මිතුරා ලෙස ගමන් ගත්තේද මේ සුනඛයන්මය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලොවපුරා බොහෝ නිවෙස්වල සුරතලයට ඇතිකරන ප්‍රධාන සත්වයා බවට පත්ව ඇත්තේද සුනඛයන්ය. එහෙත් සුනඛයන් අතරින් මිනිසා වෙත බෝවෙන මාරාන්තික ජල භීතිකා රෝගය නිසා සුනඛයන් ඇති දැඩි කිරීමට පෙර වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතීමට කාලය පැමිණ තිබේ.

ජල භීතිකා රෝගය ඇතිවන බැරෑරුම් ස්වභාවය වන සත්‍ය සිදුවීම් දෙකකින් මේ ලිපිය ආරම්භ කිරීමට අදහස් කරමි. ගාල්ල ප්‍රදේශයේ එක්තරා හිමිනමක් තම විහාරස්ථානය ඉදිරිපිටින් ගමන් කරන දුම්රිය මාර්ගය අසල තුවාල වී වැටී සිටි කුඩා බලූ පැටවෙකු සිත උපන් අනුකම්පාව නිසා තම විහාරස්ථානය තුළට කැඳවාගෙන ආහ. සත්වයාගේ තුවාල වලට හිමිනම අතින්ම ප්‍රතිකාර කළ සේක. ටික කලක් ගතවූ පසුව අදාළ හිමිනම හදිසියේ අසාධ්‍යව රෝහල් ගතකළ අතර වාට්ටුවට ඇතුල්කොට දින දෙකක් ඇතුළත අපවත් වූහ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ මෙම ස්වාමින් වහන්සේට ජලභීතිකා රෝගය වැළඳී තිබූ බවයි. ස්වාමින් වහන්සේගෙන් ප්‍රතිකාර ලැබූ බලූ පැටියාගේ තුවාල වල තිබී ජලභීතිකා රෝග වෛරසය ස්වාමින් වහන්සේගේ ශරීරය තුළට ඇතුළත් වී ඇත.

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක් අසල්වැසි නිවසක සුනඛයකු විසින් සපාකන ලදි. එම නිවසේ තවත් සුනඛයන් කිහිපදෙනෙකු සිටි අතර සපා කෑමෙන් ලද තුවාල සුළු සීරීම් තුවාල වූ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වූ මෙම කාන්තාවට ජලභීතිකා එන්නත ලබා නොදුන් අතර ඉදිරි දින 28 ක කාලය සපා කන ලද සත්වයා නිරීක්ෂණයට උපදෙස් දෙන ලදී. මෙම කාන්තාව අසල්වැසි නිවැසියන්ගෙන් සපා කන ලද සුනඛයා සම්බන්ධව නිතර විමසූ අතර ඔවුන් පවසා තිඛෙන්නේ සත්වයා හොඳින් සිටින බවයි. එහෙත් මාස දෙක තුනක් ගතවූ තැන මෙම කාන්තාව හදිසියේ අසනීප වී ජලභීතිකා රෝග ලක්ෂණ පෙන්වා මිය ගියාය. මෙහිදී සිදුව තිබුණේ අදාළ කාන්තාව සපාකන ලද බලූ පැටියා මුල් කාලයේදීම මියගොස් ඇති නමුත් අසල්වැසියන් ඒ බව නොපවසා නිවසේ සිටින අනෙක් බලූ පැටවුන් පෙන්වා සිටීමයි. මේ නිසා අදාළ කාන්තාව ලද වැරදි තොරතුරු මත සපාකන ලද සත්වයා දින 28 කට වඩා වැඩි කාලයක් නිරෝගීව සිටින බව වෛද්‍යවරුන්ට පැවසූ හෙයින් අවසානයේ ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. මේ කතා දෙකෙන්ම පෙනෙනුයේ ජලභීතිකා රෝගය නොසිතන මොහොතක ක්‍රියාත්මක වී අපට මරණය ගෙනෙන බවයි.

ජලභීතිකා වෛද්‍ය විද්‍යාව තුළ (ඍ්ඉසැි) නමින් හඳුන්වන අතර මෙහි ලතින් අර්ථය වන්නේ —මෝඩකම˜ (ඵ්ාබැිි) යන්නයි. මෙය වෛරස රෝග ආසාදනයකි. මෙහි භයානක තත්ත්වය මොළයේ අභ්‍යන්තර පටක කොටස් වලට (Aජමඑැ ැබජැචය්කසඑසි) හෙවත් අභ්‍යන්තර පටක කොටස් ආසාදනය ඇතිකිරීමයි. මෙය සත්වයන්ගෙන් තවත් සත්වයින් අතරට බෝවන රෝගී තත්ත්වයක් නිසා (Zදදබදඑසජ) රෝගයක් ලෙස හැඳින්වෙයි. ජලභීතිකා රෝගයෙන් පෙළෙන සත්වයකු තවත් සත්වයෙකු සපාකෑමේ ප්‍රතිඵලයක් ලෙස රෝගය පැතිර යයි. ජලභීතිකා රෝගය වැළඳුන පසුව මරණය අනිවාර්යයෙන්ම උරුම වන නිසා රෝගය ඇතිවීම වළක්වා ගැනීම ඉතා වැදගත් වේ. මෙම රෝගය මධ්‍ය ස්නායු පද්ධතියේ මොළයට සෘජුව බලපායි.

ජලභීතිකාව යන නම ඇසෙත් ම මහත් භීතිකාවක් ඇතිවීම වැළැක්විය නොහැකි ය. ප්‍රචණ්ඩත්වය යන අර්ථය දෙන ලතින් තේරුමින් මෙය ඍ්ඉසැ ලෙස ඉංග5ීසි භාෂාවෙන් හැඳින්වෙයි.

ජලභීතිකාව රේබීස් ( ඍ්ඉසැි ) නම් වයිරසය මගින් ඇති වෙයි. › ලංකාව තුළ මේ රෝගයේ වාහකයන් ලෙස වනාන්තර තුළ වන මුගටියන් ක්‍රියා කරන අතර වෙනත් රටවල මෙහි ලා වවුල් විශේෂ ක්‍රියා කරයි. මේ සතුන්ගේ සපාකෑමෙන් රෝගය දඩාවතේ යන බල්ලන්ට බෝ වෙයි. ගැඹුරට වන තුවාලය ඔස්සේ වයිරසය ශරීරයට ඇතුළු වෙයි. මීට අමතරව සීරුණු තුවාල, අපගේ ශරීරයේ ශ්ලේෂ්මල පටල (විශේෂයෙන් ඇස, උගුර අවට පටල) ආදී ප්‍රදේශ වයිරසය සහිත කෙළවලින් ලෙව කෑමෙන් ද රෝගය ඇති වෙයි.

මේ වයිරසය සාමාන්‍ය සම හරහා ඇතුළු වන්නේ නැත. රෝගකාරක වයිරසය ශරීරයට ඇතුළු වූ පසුව පළමුව එම ස්ථානයේ දී වයිරසය ගුණනය වෙයි. ඉන් අනතුරුව එය ආසන්නයේ පවතින චාලක ස්නායු වලට හෝ සංවේදක ස්නායු අන්තවලට ඇතුළු වන අතර මෙසේ ඇතුළු වූ වයිරසය ස්නායු වල අක්සනය දිගේ මාධ්‍ය ස්නායු පද්ධතියට ඇතුළු වේ. එහි දී ස්නායු තුළ ඉතා විශාල වශයෙන් ගුණනය වන මේ වයිරස හේතුවෙන් සිදුවන්නේ මානසික තත්ත්වය වියවුල් වීම සහ මොළයේ ක්‍රියා අඩපන වීමයි. ස්නායු අතර වන උපාගම අතරින් වයිරසය මධ්‍ය ස්නායු පද්ධතියේ සිට විවිධ ස්නායු ඔස්සේ ගමන් කරමින් ඒවායේ ක්‍රියා අකර්මණ්‍ය කරයි.

මේ ස්නායු ඔස්සේ ගමන් කරන වයිරස කංකාල පේශි, හෘද පේශී, සහ අධිවෘකක මජ්ජාවට බලපායි. මේ කාලය වන විට ඛේඨ ග්‍රන්ථී වලද ජලභීතිකාව වයිරසය ගුණනය වන අතර එය රෝගය තවත් කෙනෙකුට පැතිර යෑමට ඉවහල් වෙයි. වයිරසය ශරීරගත වූ පසුව රෝග ලඬණ ඇති වීමට ගත වන කාලය සපා කෑමට ලක් වූ ස්ථානය අනුව වෙනස් වේ. හිස, ඛෙල්ල , මුහුණ, අත සහ ඇඟිලි, ලිංගාශ්‍රිත ප්‍රදේශ, මුහුණේ ශ්ලේෂමල පටලවල හා සපා කෑම් වැඩි ගණනක් (දත් පහරවල් දෙකකට වඩා වැඩියෙන්) පවතින විට එය වඩාත් අනතුරුදායක අවස්ථා ලෙස සැලකේ. සපා කෑමට ලක් වූ ස්ථානයේ ස්නායු සංඛ්‍යාව, ඇතුළු වූ වයිරස සංඛ්‍යාව සහ මධ්‍ය ස්නායු පද්ධතියට සපා කන ලද ස්ථානයේ සිට පවතින දුර අනුව රෝග ලක්ෂණ පහළ වීමට ගත වන කාලය වෙනස් වෙයි. හිස, ගෙල, මුහුණ, ප්‍රදේශයේ සපා කෑමක් සිදුවන විට සතියකට අඩු කාලයක දී රෝග ලක්ෂණ ඇති වෙයි. පාදය වැනි දුරස්ථ ප්‍රදේශයක සපා කෑමක් සිදු වූ විට ඇතැම් රෝග ලක්ෂණ ඇති වීමට වසරක් පමණ කාලයක් ගත විය හැකිය.

අපේ ඇතැම් දෙනා මෙවැනි සපා කෑම් සිදු වූ විට එහි තුවාලයට පමණක් ප්‍රතිකාර කොට, තුවාලය හොඳ වූ පසුව ඒ ගැන නො සලකති. නිසි පරිදි එන්නත් ලබා නොගෙන සිටින්නන් තුළ ජලභීතිකාව වසර ගණනාවකින් පසුව මතු වන්නේ මේ නිසාය. කුඩා ළමයින්ට රෝග ලඬණ ඉක්මණින් පහළ වෙයි. ජලභීතිකාවේ දී රෝග ලඬණ ඇති වන්නේ කෙසේ දැයි මඳක් විමසා බලමු. ආරම්භයේ උණ, සීතල ගතිය, හිසේ කැක්කුම, වෙහෙස ගතිය දැනීම, ආහාර අරුචිය, මාංශපේශී වේදනාව හා ආලෝකයට මුහුණ දීමට අපහසු වීම ආදී ලඬණ ඇතිවෙයි. මේ රෝග ලඬණ බොහෝ විට වෙනත් ශරීර පද්ධතියක (ශ්වසන, ආහාර මාර්ග හෝ මානසික) රෝග ලඬණ පෙන්වන නිසා එය නොසලකා හැරෙයි.

ඉන් අනතුරුව ක්‍රමාණුකූලව රෝග ලක්ෂණ වැඩිවීම සිදුවෙයි. මානසික අවපීඩනය, නින්ද නො යෑම, ව්‍යග්‍රතාව (Aබංසැඑහ) අවුල් සහගත බව, ඇඟපත හිරි වැටීම, වේදනාව හා බිය වීම වැනි ලක්ෂණ පහළ වෙයි. මේ තත්ත්වයෙන් අනතුරුව ජලභීතිකාව ආකාර දෙකකට වර්ග කළ හැකිය.

1. ප්‍රවේගකාරී ජලභීතිකාව ( ත‍මරසදමි ඍ්ඉසැි)
2. නිද්‍රාශීලී ජලභීතිකාව ( ෘමපඉ ඍ්ඉසැි)

1. මෙය වඩාත් සුලභ ආකාරයකි. ස්වයං සාධක ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම නිසා ඛේඨය ස්‍රාවය වීම වැඩී වීම, කිරි ස්‍රාවය, අධික ලෙස දහදිය දැමීම, රුධිර පීඩනය වෙනස් වීම, මුත්‍රා පිටවීම වැඩිවීම සහ මොළයේ ආසාදන ආදිය ඇති වෙයි. මේ රෝග ලඬණ සහිත පුද්ගලයෝ වතුර බීමට උත්සාහ කළත් උගුරේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම නිසා එයට අකැමැති වෙති.

ජලය හෝ වෙන යමක් පානය හෝ ගිලීම ප්‍රතිඬේප කරති. ශ්වසන පද්ධතියේ මාංශ පේශිවල ද ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වන අතර, ඛෙල්ලේ මාංශ පේශී ගැස්ම නිසා ඛෙල්ල පිටුපසට නැවෙයි. අවසානයේ සිහිය නැතිවීම, අධික ලෙස උණ ඇති වීම, අපස්මාරය වැනි ලඬණ පහළ වීමත් හෘද ක්‍රියාකාරීත්වය බිඳ වැටීමත් සිදු වී බමරණයට පත් වෙයි.

2. මෙහි දී ප්‍රධාන වශයෙන් ම සුෂුම්නාවට බලපාන අතර සපා කන ලද කොටසේ මාංශපේශීන් අඩපණ වීමක් සිදුවෙයි. සංවේදක යාන්ත්‍රණයන් ද අක්‍රීය වෙයි. සපා කෑ ස්ථානයේ හිරිවැටීමක් ඇති වන අතර උගුරේ මාංශපේශි අක්‍රීය වී මරණය සිදුවේ.

ජලභීතිකාව රෝගය වැළඳුණු මිනිසුන් ඉහත රෝග ලඬණ පෙන්වන අතර රෝගය සහිත බල්ලන් හා බළලූන් හඳුනා ගැනීම ඉතා වැදගත් වෙයි. මෙහි දීද ආකාර දෙකක සතුන් දැකිය හැකිය. සමහර සතුන් ආවේගශීලීව හැසිරෙන අතර ඇතැම් සත්තු නිද්‍රාශීලී චර්මයක් පෙන්නුම් කරති. ප්‍රවේගකාරී හැසිරීමක් දක්වන බල්ලෝ කිසිදු හේතුවක් රහිතව කඩා පැන බිරීමට සහ සපා කෑමට උත්සාහ කරති. අරමුණක් නොමැතිව ඒ මේ අත ඉබාගාතේ දිව යති. උගේ කටහ~ වෙනස් වෙයි.

අධික ලෙස කෙළ ස්‍රාවය සිදුවන අතර පසුව සිහි විකල්භාවයටත් මරණයටත් ලක් වෙයි. මෙහි අනෙක් ආකාරයේ දී බල්ලෝ ඉතා අලස බවක් නිද්‍රාශීලීත්වයක් දක්වති. හැකි පමණ අනෙක් සතුන් ගෙන් ඈත් වී සිටීමට උත්සාහ ගනිති. දින තුනක් වැනි කාලයක් ඇතුළත මරණය පත්වෙයි.

කිසියම් බල්ලෙකු ගේ සපා කෑමට ලක් වූ විට පළමුව ප්‍රථමාධාර ලෙස එම ස්ථානය හොඳින් සබන් සහ ජලයෙන් කිහිප වතාවක් සේදීම කළ යුතුය. මෙහි දී මධ්‍යසාර,අයඩින් වැනි විෂබීජ නාශක ද භාවිත කළ හැකිය. ඉන් අනතුරුව රෝහලක් වෙත ගොස් අදාල තුවාලය මාරාන්තික ද යන නිගමනය මත වෙන වෙනම එන්නත් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය.

මතුපිට තුවාල සුව වූවත්, ශරීරය තුළ වයිරසය ක්‍රියාකාරී විය හැකි බැවින් එය මර්ධනයට එන්නත් ලබා ගැනීම මේ නිසා වැදගත් වෙයි. සපා කන ලද බල්ලාට ජලභීතිකාව ඇතැයි සැක කරන සැම විටම බල්ලා මරා උගේ හිස අදාල රෝහලට බාර දෙන ලෙසත් ඉන් අනතුරුව හිස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනට (ඵඍෂ) එවන ලෙසත් උපදෙස් දී ඇත.

ජලභීතිකාව දරන සතුන්ගේ මොළයේ විශේෂ කළු පැහැ ප්‍රදේශයක් සොයා ගැනීම හෝ ප්‍රතිදේහජනක පරීඬා ක්‍රම මෙහි දී අනුගමනය කරනු ලැබේ. දැනට › ලංකාව තුළ ජලභීතිකාවට එරෙහිව එන්නත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ගෘහස්ථ සුනඛයන් එන්නත් කිරීම මෙහි එක් අදියරකි. බල්ලකු සපා කන ලද විට ප්‍රතිදේහ හෝ ප්‍රතිදේහජනක එන්නත් කිරීම දැනට බොහෝ රෝහල් වල ක්‍රියාත්මක වන අතර මෙහි දී විවිධ සාම්පල වර්ග හා ප්‍රමාණ සොයාගැනීම සිදු වෙයි. ජලභීතිකාව රෝගව වැළඳුණු පසුව එයට ප්‍රතිකාර නොමැත.

සපාකන ලද ස්ථානයේ සිට පර්යන්ත ස්නායු ඔස්සේ මධ්‍ය ස්නායු පද්ධතියට රෝගකාරක වෛරසය පැතිර යයි. රෝග කාරක වෛරසය මිනිසා තුළට ඇතුළු වූ පසුව රෝග ලක්ෂණ ඇති වීමට සමහර විට මාස ගණනාවක් ගත වි හැක. මෙහිදී සපාකන ලද ස්ථානයේ සිට මධ්‍ය ස්නායු පද්ධතියට පවතින දුර අනුව රෝග ලක්ෂණ ඇතිවීමට ගතවන කාලය වෙනස් වේ. නිදසුනක් වශයෙන් මුහුණේ හෝ අතේ ඇඟිලි සපාකන ලද විට පාදයක් සපාකෑමට වඩා වේගයෙන් රෝග ලක්ෂණ ඇතිවේ. රෝග කාරක වෛරසයට මධ්‍ය ස්නායු පද්ධතියට ඇතුඤ වූ පසුව රෝග ලක්ෂණ ඇතිවන අතර මෙහිදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීම කළ නොහැකිය.

ජලභීතිකා රෝගයේ ආරම්භක රෝග ලක්ෂණ ලෙස ඇඟපත විඩාව, උණ, හිසරදය ඇතිවන අතර ඉන්පසුව තමාට පාලනය කරගත නොහැකි අන්දමේ අතපය ගැස්ම, චලනය ඇතිවේ. මානසික අවපීඩනය ඇතිවේ. ස්නායු අඩපණ වීම නිසා උගුරේ මාංශපේශි අක්‍රීය වීමෙන් උගුරෙන් පහළට කිසිවක් ගමන් නොකිරීම සිදුවේ. මේ නිසා ජලය පානය අපහසු වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය දුටු විට බියක් ඇතිවන බව පවසන්නේ මේ නිසාය. පසුව රෝගියා අඩපණ තත්ත්වයට පත්වී කෝමා (ක‍දප්) ස්වභාවයට අවතීර්ණ වේ. ජලභීතිකා රෝගයෙන් රෝගියා මියයෑමට බලපාන ප්‍රධාන හේතුව ස්වසනය අවහිර වීමය. සුනඛයන් ජලභීතිකාව රෝගය ඇතිකරන ප්‍රධාන රෝග වාහකයක් ලෙස ක්‍රියා කරන අතර ලොවපුරා මෙය මෙය ප්‍රතිශතයක් ලෙස 97% ප්‍රමාණයකි.

අප්‍රිකානු හා ආසියානු රටවල ජලභීතිකා රෝගයට ගොදුරු වීමෙන් වාර්ෂිකව මියයන ප්‍රමාණය 55,000 කට අධික ප්‍රමාණයකි. උණුසුම් රුධිරය සහිත සත්වයින් තුළ රෝගියා ප්‍රධාන වශයෙන් වැඩි වර්ධනය වන අතර වවුලන්, වඳුරන්, නරියන්, ගවයන්, වෘකයින් හා මුගටියන් ආදී සත්ත්වයින් මගින්ද රෝගය පැතිර යයි. ගොවිපළ ඇතිකරන සත්ත්වයන්, වළසුන් ආදී සතුන් මගින්ද රෝගය පැතිර යයි. එසේ වුවත් ගෘහස්ථව හැසිරෙන සාමාන්‍ය ලේනුන්, ඌරන්, මීයන් හා හාවන් මගින් රෝගය පැතිර යෑමක් හෝ මිනිසාට රෝගය බෝවීමක් සිදු නොවේ.

ජලභීතිකා රෝග වෛරසය ශරීරගතවී සති දෙකත් දොළහත් අතර කාලයේදී රෝග ලක්ෂණ ඇතිවන නමුත් සමහර අවස්ථාවලදී රෝග ලක්ෂණ ඇතිවීම වසර දෙකක් තරම් දීර්ඝ කාලයක් ගතවන අවස්ථාද ඇත. ආරම්භයේදී පෙර සඳහන් කළ පරිදි ඇඟපත වේදනාව, හිසරදය රෝග ලක්ෂණ ලෙස ඇතිවන අතර ඉන්පසුව අතපය පණ නැතිවීම ඇතිවේ. මොළයේ ක්‍රියාකාරීත්වය වියවුල් වීම අවසන් අදියරයි. බිය, නින්ද නොයෑම, මානසික වියවුල් ස්වරූපය, අසාමාන්‍ය චර්යා රටා දිස්වේ. කතා කිරීමට නොහැකි වීම, කෙළ ගිලීමට අපහසු වීම ඇතිවේ. මේ නිසා සෙම මුඛයෙන් ඉවතට පැමිණීමත් ජලයට බිය වීම හෙවත් (්‍යහාරදචයදඉස්) රෝග ලක්ෂණ ඇති වේ.

පළමු රෝග ලක්ෂණය ඇතිවී දින දෙකත් දහයත් අතර කාලයේදී මරණය අනිවාර්යෙන්ම උරුම වේ. ජලභීතිකා වෛරසය දිගින් නැනෝමීටර 180 ක් පමණ වන අතර (ඍභA) වර්ගයට අයත්ය. ආවරණ කොපුවක් රහිත වෛරසයකි. මේ නිසා දේහයට ඇතුළුවන වෛරසය ඉතා ඉක්මනින් මධ්‍ය ස්නායු පද්ධතිය වෙත (භැමරදඑරදචසජ) ගමන් කරයි.

ඉන්පසුව අනෙක් අවයව වෙතට ගමන් කරන අතර වෛරසය ඒකරාශී වීම ඛේට ග්‍රන්ථී ආශ්‍රිතව සිදුවේ. මේ අනතුරු දායක ස්වභාවය වන්නේ සපාකෑම තුළින් වැඩිම වෛරස් ප්‍රමාණයක් ඛේටය සමග අපේ ශරීරයට ඇතුළු වීමයි.

රෝගී තත්ත්වය නීර්ණය කරගැනීමට (ඡක‍ඍ) හෙවත් බහු අවයව නිපදවීමේ තාක්ෂණය, වෛරස මාධ්‍යයේ වගා කිරීම (ක‍මකඑමරු) සහ මරණයට පත්වූ සත්වයාගේ හෝ මියගිය පුද්ගලයාගේ හිසේ මොළය අන්වීක්ෂීය පරීක්ෂාවට ලක්කිරීම සිදුකරයි.ජලභීතිකා රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වන තවත් රෝගී අවස්ථා කීපයක්ම පවතින බව මතකයේ තබාගත යුතුය. (්‍යැරචැසැි) පැපොල, පෝලියෝ ආදී රෝගී අවස්ථා නිදසුන්ය.

යම් පුද්ගලයෙකු ජලභීතිකා රෝගයෙන් පෙළෙන සත්ත්වයකු විසින් සපාකන ලදැයි සැකකරන අවස්ථාවකදී විශේෂ එන්නත් වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක වන අතර මෙය (ඡදිඑ ැංචදිමරු ඡරදචයහක්ංසි) ලෙස හඳුන්වයි. මෙම වැඩපිළිවෙළේ ආරම්භය 1885 වර්ෂයේදී ලුවී පාශ්චර් විසින් අරඹන ලදී. සපාකන ලද සත්ත්වයාගේ ස්වභාවය, සපාකන ලද ස්ථානය ආදිය මත පදනම්ව මෙම එන්නත් ලබාදීම සිදුවේ. එබැවින් සුනඛයෙකු සපාකන ලද විගස ඒ සම්බන්ධව කලබල නොවී සත්ත්වයා පිළිබඳව විමසිලිමත් වීම වැදගත්ය.

කෙසේ වුවත් › ලංකාවේ විවිධ රෝහල්වල ජලභීතිකා රෝගය වළක්වා ගැනීමේ එන්නත ලබාදීම සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන අතර මේ නිසා සුනඛයෙකු සපාකන ලද පුද්ගලයන් තීරණයක් ගත නොහැකිව අසරණ වන අවස්ථා පවතී. මේ තත්ත්වය වළක්වා ගැනීමට බලධාරීන් මැදිහත් වී සැමටම පිළිගත හැකි පොදු ප්‍රතිපත්තියක් සකස් කිරීමත් සියලූම වෛද්‍ය නිලධාරීන් රෝගය පාලනය සම්බන්ධයෙන් විද්‍යාත්මක දැනුවත් කිරීමක් සිදුකිරීමත් වැදගත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *