කොටගල දිසා රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මංඩලය වර්ජනයක

 

මැර තර්ජන එල්ල කිරීම නිසා

කොටගල දිසා රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මංඩලයට එල්ලව ඇති මැර තර්ජන හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මංඩලය මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

පසුගිය 16වන දින රාත්‍රියේ කොටගල ප්‍රදේශයේ ප්‍රාදේශිය දේශපාලයකු සමග පැමිනි දෙසියක පමන පිරිසක් විසින් එම රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මංඩලයට මෙසේ මැර තර්ජන එල්ල කර එම රෝහලේ විදුරුවක්ද කඩා දමා ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම රෝහලේ ප්‍රකාශයකු පවසන ලද්දේ 16වන දින රාත්‍රියේ බිමකත්ව ඇද වැටිමෙන් තුවාල ලැබු රෝගියකු මෙම රෝහලට ඇතුලත් කල බවත් එම අවස්ථාවේ එම රෝගියාට හදිසි ප්‍රථිකාර කර වැඩි දුර ප්‍රථිකාර සදහා දික්ඔය රෝහලට මාරුකර යැවිමට පියවර ගත් බවත්ය.

එම රෝගියා මාරුකර යැවිමේදි රෝහලේ ගිලන් රථයේ රියදුරු නොසිටි බැවින් එම රෝගියාගේ ඥතින් එම රෝගියා ඔවුන්ගේ වාහනයකින් රැගෙන යාමට ඉල්ලු බැවින් එම රෝගියා එසේ රැගෙන යාමට අවශ්‍ය කටයුතු කිරිමෙන් පසු එම රෝගියා රැගෙන ගිය බවත් පසුව මෙම ප්‍රාදේශිය දේශපාලකයා 200 පමන පිරිසක් සමග පැමින මෙසේ මැර තර්ජන එල්ල කරමින් රෝහලේ විදුරුවක්ද කඩා දැමු බවත්ය.

මේ පිලිබදව පතන දිඹුල පොලිසිය වෙතද පැමිනිලි කර ඇති බවත් මෙම මැර තර්ජන සමග තමන්ට නිදහසේ රාජකාරි කිරිමට නොහැකි බවත් මෙම මැර තර්ජනයන්ට විරෝධය දක්වමින් වැඩ වර්ජනයක් ආරම්භ කල බවද එම ප්‍රකාශකයා පවසන ලදි.

මෙම වැඩ වර්ජනය  හේතුවෙන් බාහිර රෝගි අංශයේ ප්‍රථිකාර කිරිම අත් හිටුවා ඇති බවත් වැඩ වර්ජනය පැවතියද නේවාසික රෝගින්ට නිසි පරිදි ප්‍රථිකාර කරන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසන ලදි.

මේ පිලිබදව පතන දිඹුල පොලිසියෙන් කරන ලද විමසිමකදි එහි නිලධාරියකු පවසන ලද්දේ බැන වැදිමක් පිලිබදව පැමිනිල්ලක් ලැබි ඇති බවත් ඒ අනුව පරික්ෂන සිදු කරන බවත්ය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *