“සේවක අර්ථ සාධකයට අත තබන්න එපා” කබ්රාල්ගේ යෝජනාවට වෘතීය සමිති විරෝධයේ

අග්‍රාමාත්‍ය ජේෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අර්ථසාධක අරමුදලේ සාමාජික සාමාජිකාවන් වෙත එහි ශේෂයෙන් සියයට විස්සක් මුදා හැරීමට කර ඇති යෝජනාව අර්ථසාධක අරමුදල කොල්ල කෑමට ගෙන එන යෝජනාවක් බැවින් එයට දැඩි විරෝධය පළ කරන බව වෘත්තිය සමිති සහ දේශපාලකයන් රැසක් අදහස් දක්වමින් සදහන් කලේ රටේ මේ මොහොතේ පවතින උවදුර පිට දමා රජය මගින් සේවක අර්ථසාධක අරමුදල අවභාවිතා කිරීමට සුදානම් වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සදහන් කලේ රජය මේ සුදානම් වන්නේ රටේ වැඩකරන ජනතාව ඉතුරු කරලා තියෙන බිලියන් 2000 හේන් පන්සීයක් මුදාහැරීම සදහායි මේ තුලින් සමාජයට තාවකාලික මුදලක් එකතු වුවද සමස්ථ රටේ ආර්ථික අර්බුධය වෙනුවෙන් ප්‍රතිකර්මයක් නොවන බවද සදහන් කරන ලදී රජය සේවකයන් වෙත ප්‍රධානය කරන අරමුණින් අර්ථ සාධකයේ 20% ලබාගැනීමට දෙන අවස්ථාව යහපත් නොවන බවද සදහන් කරන ලදී එය ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතාවය ඉටුකිරීමක් නොවන බවත් රජයේ අරමුණක් ඉටුකර ගැනීමට දරන උත්සහයක් බවද පෙන්වා දෙන ලදී

අද රැකියා කරන හෙට දවසේ වයෝවෘද්ධ භාවයට පත්වන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගැනීමක් ලෙස මෙම යෝජනාව දැකිය හැකි බව ද වෘත්තිය සමිති පෙන්වා දෙති.මෙසේ ජනතාවගේ මුදල් මංකොල්ල කන්නට උත්සාහ නොකර ධන කුවේරයන් විසින් වසර ගණනාවක් තිස්සේ මංකොල්ල කෑ සුවිශේෂ ලාභයෙන් කොටසක් මෙම මොහොතේ මුදාහරින ලෙස මෙරට ධන කුවේරයන්ට බල කරන ලෙස ද වෘත්තිය සමිති රජයට යෝජනා කරති.

ජනතාවට සහන සලසන්නට ආණ්ඩුවට මුදල් නැති බැවින් මෙසේ ජනතා මුදල් ජනතාව අතට පත් කරන්නට කටයුතු කරමින් සිටින බවත් එයට විරෝධය පළ කරන බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.මේ සම්බන්ධව අදහස් දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටියේ එම යෝජනාව පවතින ආර්ථික අර්බුදයට අර්ථසාධක අරමුදල බිලි දීමේ යෝජනාවක් වන බවය.මෙම අරමුදලේ මුදල් අයත් වන්නේ එහි ගිණුම් හිමියන්ට බවත් එය කබ්රාල් මහතාගේ පෞද්ගලික ගිණුමක් නොවන බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.අදාල යෝජනාව කිසිසේත්ම ක‍්‍රියාත්මක කරන්නට ඉඩ නොතබන බව ද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *