“කථානායක වැරදිනම් කෙදිරි ගාන්න එපා” ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න

ජනාධිපතිවරයා සාකච්ඡා කළ යුත්තේ තමන්ගේම හෘදසාක්‍ෂිය සමගයි

දැන් ජනපති කරන්න ඕන සර්ව පාක්ෂික සමුළු කැදවීම නොවෙයි ව්‍යවස්ථාවේ සදහන් වෙලා තියෙන දෙය කිරීම පමණයි ව්‍යවස්ථාවේ සදහන් වන්නේ පාර්ලිමේන්තුවේදී විශ්වාශ බංගයක් පැරදුනාම අගමැති කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා දැන් එහෙමනම් එම කටයුත්ත කරන්න සමුළු කැදවීමෙන් මේකට පැලැස්තර විසදුම් වැඩක් නැහැ.රාජපක්ෂ මහත්තයාගේ පවුලේ සහ හිතවතුන්ගේ නඩු රැසක් ඉදිරි මාස තුන තුල කැදවීමට නියමිතව තියෙනවා ඉතින් මේ නීති විරෝධී අගමැතිකම කොහොම හරි රැකගන්න උත්සහ කරනවා ඇති.

පාර්ලිමේන්තුවේ ප්‍රධානියා කථානායක ඔහු දෙන තීන්දුව තමයි අවසන් තීන්දුව ඒක වැරදිනම් කරන්න ඕන පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහන එකවත් පිහි රැගෙන එමවත් නොවෙයි කථානායකට එරෙහිව බහුතරය පෙන්වලා ඔහු මාරු කරන එක .අපි කියන්නෙත් මහ මැතිවරණයක් පැවැත්වීම මේ මොහොතේ සුදුසුයි කියලා ඒක ගේන්න කවුරුත් නැත්නම් අපි සුදානම් පාර්ලිමේන්තුවට ඒ යෝජනාව ගෙන්න හැබැයි ඊට ප්‍රථම මේ නීතිවිරෝධී ආණ්ඩුව අවසන් කරන්න ඕන නීති විරෝධී ආණ්ඩුවක් යටතේ පවත්වන මැතිවරණයත් නීති විරෝදියි.

පාර්ලිමේන්තුවේ නිසි බලධාරියා කතානායකවරයා. ඔහු තීන්දුවක් ලබාදී තිබෙනවා විශ්වාශභංගය නිසි පරිදි සම්මත වුණා කියලා. පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ පිළිබඳ නිසි බලධාරියා කතානායකවරයා. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි කටයුතු කළ යුතුයි. කතානායකවරයා පක්ෂග‍්‍රාහී කියලා චෝදනා කරනවානම් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න. තැන තැන කෙඳිරිගාලා පළක් නැහැ. ස්ථාවර නියෝගවල ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන තිබෙනවා.

ඊළඟ පත්වෙන ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය මත ඊට එරෙහිව විශ්වාශභංගයක් ගෙනඒමට අවශ්‍ය නම් ඒක කරනවා. මේ පාර්ලිමේන්තුවේ 100ට අඩු මන්ත‍්‍රීන් සහිත ආණ්ඩුවක් තබාගෙන ඉදිරියට යන්න බැහැ. මූල්‍ය පනත් සම්මත කරගන්න බැහැ. වෙනත් නීති කිසිවක් සම්මත කරගන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය නඩු යටපත් කර ගැනීම පමණයි.

මහජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය නාලිකාවලටත් අයිතියක් තිබෙනවා. පසුගිය කාලේ අපි මාධ්‍ය දෙස බලා සිටියා. ඒ දෙස බලාසිටීමේදී අපට නිගමනය වුනා කවදාවත් මාධ්‍ය නාලිකාවලින් ජනතාව නම් දැනුවත් වෙන්නේ නැහැ කියලා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතාව දැනුවත් කිරීමට අප කාර්යභාරයක් කරනවා වගේම මාධ්‍යවේදීන්ටත් කාර්යභාරයක් තිබෙනවා. අප සියලූ දෙනා එකතු වුනොත් ජනතාව දැනුවත් කරන්න පුළුවන්

01. පසුගිය ඔක්තෝබර් 26වැනි දින ඔබ විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත‍්‍රීවරයෙකු කුමන්ත‍්‍රණකාරී ලෙස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීම හා අවස්ථා ගණනවකදී විගඩම්කාරී ලෙස කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම.

02. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම.

03. ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටුවීමේ නින්දිත ක‍්‍රියාවලියක් වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීමේ ක‍්‍රියාවලියකට මැදිහත්වීම.

04. එම වෙන්දේසි ක‍්‍රියාවලිය අසාර්ථක වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.

05. කුමන්ත‍්‍රණකාරී ලෙස පිහිටුවන ලද අග‍්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදී විධිමත් ලෙස විශ්වාසභංග යෝජනා සම්මත වී තිබියදී ඊට අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන වුවමනාව වෙනුවෙන් කල්මැරීම. යන පස්වැදෑරුම් ක‍්‍රියාවලියේ ජනාධිපතිවරයාගේ ප‍්‍රමුඛ දායකත්වය කිසිසේත් සැඟවිය නොහැකි ලෙස ජනතාව හමුවේ නිරාවරණය වී අවසන් බව දන්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර ඇතැයි මෙහිදී අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේය.

එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ මධ්‍යමකාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක්වී සිටින අතර මාධ්‍ය සාකච්ඡාවේදී දැක්වූ සම්පූර්ණ අදහස් බලාපොරොත්තුවන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *