හියාරේ වන උද්‍යානයේ නොදුටු කථාව සමග ජෛව විවිධත්වයේ දැනුම සොයමු

සුන්දර පරිසරයකින් හෙබි වන උද්‍යානය තුළ අමන ක්‍රියාකාරකම්

ජෛව විවිධත්වයෙන් සොබනා වූ රමණීය කඳු වැටියක් මත පිහිටි හියාරේ වන උද්‍යානය හා ජලාශය මේ වන විට කිසියම් ප්‍රයෝජනයකට නොගෙන හුදකලාවට පත්වීම කණගාටුවට කරුණක් බව ජනතාව කියති. වසර සීයකට වඩා පැරැණි 1911 දී ඩී.ජේ. වීරසුරේන්ද්‍ර නැමති ඉංජිනේරුවරයා නිර්මාණය කරන ලද මෙය ගාල්ල නගරයට ජලය ලබාදීම සිදු කරන ලදී. ගිංගඟ හා වක්වැල්ල ජලාශයන් මගින් ගාල්ලට වතුර සැපයීම නිසා හියාරේ ජලය ගාලු නගරයට දීම නතර කර තිබේ. ඉන්පසුව කරාපිටිය රෝහලට පමණක් ජලය බෙදා හැරීම සිදුකර ඇති අතර එයද දැනට නතර කොට වසර 20ක් ගතවී ඇත.

ගමන් මාර්ගය ගාල්ල උඩුගම මාර්ගයේ 14.5 km ක් පමණ පැමිණි විට හියාරේ හන්දිය හමු වේ. එතැන සිට 2.5 km ක් පැමිණීමෙන් හියාරේ රක්ෂිතය වෙත පැමිණිය හැකිය. ඔබ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පැමිණෙන්නේ නම් පින්නදූව පිවිසුමෙන් උඩුගම මාර්ගය වෙත පැමිණ උඩුගම දිශාවට 6 km ක් පමණ පැමිණි විට හියාරේ හන්දිය හමුවන අතර. එතැන සිට හියාරේ ග්‍රාමය හරහා 2.5 kmක් පමණ පැමිණෙන විට ගමනාන්තය හමු වේ.

මෙම ජලාශ්‍රය හා භූමිය ගාලු නගර සභාවෙන් පාලනය වෙන්නකි. ජලාශ්‍රය හා වටකර ඇති වනාන්තරය අක්කර 400ක් පමණ වන අතර ජලාශ්‍රය පමණක් අක්කර 60ක ප්‍රමාණයක පවතී.

දැනට මේ වන උද්‍යානය සතුව ඇත්තේ වන ජීවි දෙපාර්තමේන්තුවටය. මෙහි සේවය සඳහා ගාලු නගර සභාවේ පාලනය යටතේ සේවකයෝ කිහිපදෙනෙකු සහ වනජීවි ආයතනය වෙනුවෙන් එක් කාර්යාල නිලධාරියෙකු ඇතුළු දෙදෙනකු සේවයේ යොදවා ඇත.

ඉතා අලංකාර සුන්දර පරිසරයකින් හෙබි වන උද්‍යානය තුළ අමන ක්‍රියාකාරකම් කරන ඇතැම් පුද්ගලයන්ගෙන් සිදුවන හානිය කියා නිම කළ නොහැක.අක්කර 800 ක් තිබූ මෙහි භූමිය අවට පදිංචි කරුවන් විසින් වරින් වර අල්ලා ගැනීම නිසා දැනට අක්කර ප්‍රමාණය අඩුවී තිබේ. ඊට අමතරව නීති විරෝධි අන්දමින් ඇතැම් අය කසිප්පු පෙරීම සිදුකරන බව ප්‍රදේශවාසීන් කියයි. ඒවා පොලීසිය හා එස්.ටී. එෆ්. එක මගින් වටලා අධිකරණය මගින් දඩුවම් ලබාදීම සිදුකර ඇති නමුත් ඔවුන් එම ක්‍රියාව නැවත නැවත වනය විනාශ කරණ බව දැක්විය හැකිය.මෙම ජලාශ්‍රෙය් නගරයකට හෝ ගම්මානයකට බෙදාදීමේදී නැවත ජලය පිරෙන ප්‍රමාණය සීමිත බවත්ය. දොල දියේ මාලු වලින් නොව උල්පත් මගින් පමණක් ජලය පිරෙන මෙහි ජලාශයේ හරිහැටි ඉනීමක් සිදු නොවන බවත් කරාපිටිය රෝහලට ජලය දීමේදී මෙම ජලාශ්‍ර යේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍යයක් තිබෙනව බවට වෛද්‍ය පර්යේෂණ තුලින් හෙලි වී ඇති බැවින් කරාපිටිය රෝහලට ජලය ප්‍රතක්ෂේප වී ඇත්තේ කලකට පෙරය.කෙසේ නමුත් සොබා දහමේ පවතින සුන්දරත්වය හා පරිසර අලංකාරයට ඇලුම් කරන දෙස් විදෙස් සචාරකයකින් පැමිණ පහස නිවාගන්නා බව ඔහු කීහ.

රටට හිතකර වටිනා සම්පතක් වන හියාරේ ජලාශ්‍රය ගාල්ල නගරයට හා කරාපිටිය රෝහලට ජලය බෙදා හැරීම නතරකර වසර 20 අධිකය.මෙම ජලාශයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නම් කොතරම් වටිනවාද. වියළි කාලයට මේ පළාතේ ජනතාව බීමට වතුර නැතුව දුක් විදිනවා. ප්‍රදේශයේ ජනතාවට ජලය සැපයීමට හැකි මේ ගැන නොතැකීම පුදුමයක්. මම මේ ගැන ආණ්ඩු දෙකේම මැති ඇමතිවරුන්ට හා උසස් නිලධාරීන්ව දැනුවත් කලා. නමුත් ගත් පියවරක් නැහැ. ටැංකියේ ජලයට වඩා රොන් මඩ අඩි 07 ක් පමණ තිබෙනවා. ඒවා කිසියම් ක්‍රමයකින් ඉවත්කොට ජලය ප්‍රමාණය වැඩිකර ගත හැකියි.නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපධානය මේ සඳහා යොමු විට යුතුව තිබෙනවා.

මෙම ජලාශ්‍රිත වනාන්තරයේ විවිධ පුද්ගලයින් නීතිවිරෝධි ලෙස කසිප්පු පෙරීම සිදු කෙරේ.ඔවුන් කසිප්පු නිශ්පාදනයට යොදා ගන්නා ගෝඩා බැරල් පොලීසිය හා එස්.ටී.එෆ් මගින් අල්ලා කැළයට පෙරළා දමති.ඒවා ජලාශ්‍රයට මුසු වේ.ඒනිසා ජලය අපවිත්‍ර වේ. ජලයේ පිරිසිදු බව නැතිවෙන්නේ ඒ නිසයි. වීරසුරේන්ද්‍ර ඉංජිනේරුතුමා නිර්මාණය කළ හියාරේ ජලශ්‍රය රැක ගැනීම වගේම යම් සංවර්ධන ක්‍රියාවලියකට යොදා ගැනීම බලධාරීන්ගේ වගකීම බව මෙහි දි පෙන්වා දිය හැකිය.

ලහිරු උදා හිරු කිරණ වෙනදා වගේම මුලින් ම සිපගත්තේ තුඟු විසල් තුරු අගසිවල ළපටි ම පත්‍ර. ඒ ළපටි පත්‍ර මත වැටී තිබූ පිනි බිදු අනාරාධිත ව ම පතිත වුණු හිරු කිරණේ තේජසට යටත් ව දියැවී ගියේ පත්‍රවලට පවා නොදැනී. තුඟු තුරු කො‍තරම් හිරු කිරණ වළක්වාලීමට තැත් කළත් අතුපතර හා කොළ අතරින් පෙරී හිරු මිහිකත මතට පතිත පතිත වන්නට විය.එම සුන්දර දසුනින් සිතගත නින්නාද වන්ට ගත වන්නේ නිමේෂයකි.

තුරු වියන යටින් අප මේ ගමන් කළ අපට අමතුම මිහිරියාවක් දෙසවන් දෙසවන් සිත සමගින් නින්නාද කරයි.අප මේ ඇතුළුවන්නේ අපූරු වන පියසකට.සර සර ගා හඩ තලන සුළගේ මුසු මුසුව සමගින් වන සත්නුගේ ශබ්ධයද සිත තැම්පත් කරයි. වියළි කොළ ඔබ දෙපයට පෑගී සර සර හඬ නඟා කෑ සන්නට විය.එය වනයට යම් අනතුරක් සිදු කරන්නට එන පිරිසක් දැයි ඒ ඇත්තෝ සිතන්නට ඇත. පසුව එය අවබෝධකරගත් නිසාදෝ සියල්ලෝම නිහඩ වූහ.

වනයේ වැඩි දුරක් ඇවිද යෑමට මත්තෙන් ඔබට හියාරේ ජලාශය හමුවේ.රදි පාටට දිළිසෙන මේ ජල තලය සත්තකින්ම සුන්දරය. මේ හිමිදිරියේ  රන්වන් හිරු කිරණ වැටී ජලතලය දිස්න දෙන අපූරුව වැව් තාවුල්ලේ හිඳගෙන ම නැරඹිය හැකියි. ජලතලය මතට වැටෙන හිරු කිරණ ක්‍රමයෙන් ජල තරංග හා දියැවී යන අපූරුව මනස්කාන්තයි.ඒ මතු පැද්දේන නැලවෙන ඔරුවකි.  ඒ අතර හිරු එළියේ රශ්මිය වැව් දිය මතට එක්වන නිසාදෝ එහි වැසි මත්ස්‍යයන් වරින්වර ජලාශය මතින් උඩට පැන අප පිළිගන්නේ දකුණු ලංකාවේ ලෙංගතු කම පෙරදරිකරගෙනයි. අහස සරණා වු උකුස්සෝ දෑස් අයා මේ බලා සිටින්නේ යම් ගොඳුරක් පිණිස කුරුමානම් අල්ලනවාද යන්න වලාකුළු පොටවල් අතර සැඟවී සිටින මේ කුරුමානම් කාරුවන්ගේ දැසනින් ප්‍රකාශිතය.  තරුවියමන ඉහළ අහස් වියමන නිල්වන් වු අහස මේ ගසකොළට ජ තලයටද සතුනටද ගෙන දෙන්නේ ආරක්ෂාවක් දැයි සිතේ.

වසර 100 කටත් වඩා පැරණි මේ ජලාශයෙන් තමයි ගුරුත්වාකර්ෂණ පීඩනයට අනුව ගාල්ල නගරයට 2002 වසර දක්වා ජලය ලබා දී තිබෙන්නේ. මෙය ජලය ගලා නොයන වැව් දියක් වීම නිසා ම එක තැන පල්වෙන ජලය බීමට නුසුදුසු යැයි පවසමින් ගාල්ලට ජල සැපයීමේ ක්‍රියාවලිය 2002 වසරේදී අත්හිටවනු ලැබුවා. 2003 වසරේ සිට මේ ජලාශය හා පහතරට වැසි වනාන්තරය ගාල්ල මහ නගර සභාවටත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් පවරා ගනු ලැබිණි.

හියාරේ රක්ෂිතය අගනා මෙහෙයක් ඉටු කරති.වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා ශාක විශේෂ සඳහා එහි අභිජනන මධ්‍යස්ථානයක් පිහිටා තිබේ. ඒ විතරක් නොවෙයි, සමනලුන් ප්‍රිය කරන ඔබට නේක වර්ණ සමනල් විශේෂ 78 ක් පමණ මෙහිදී දැකගන්නට හැකියි. ඒ අතර හියාරේ රක්ෂිතයට ම ආවේණික සමනල් විශේෂ තුනක් ද වාසය කරන බැව් සත්ත්වවේදීන් සඳහන් කරති.මිරිදිය මත්ස්‍ය විශේෂ, උරග විශේෂ, උභයජීවී විශේෂ වගේම ගොළුබෙල්ලන් විශාල ප්‍රමාණයක් මේ වනයේ දැකගත හැකියි. ඒ වගේම ක්ෂීරපායි විශේෂ 150 ක් පමණ මෙහි ජීවත් වේ.

කුරුලු ලොව හැඩකාරයා මොණරා දේදුණු වර්ණ ගන්නවියි. මොණරුන් මෙහි බහුල වීම සුන්දරය.ඒ වගේම ලංකාවේ අපට දැකගත හැකි පිළිහුඩු වර්ග 4 ම මෙහි දැකිය හැකිය. මහ පිළිහුඩුවා, ගෝමර පිළිහුඩුවා, මල් පිළිහුඩුවා වගේම බොහොම සුලබ නිල් දුඹුරු පිළිහුඩුවාත් මෙහි නිරන්තරයෙන් දැකගත හැකියි. උකුසු වර්ග අතරින් බ්‍රාහ්මණ උකුස්සා නිරන්තරයෙන් වැව අසල අහසේ රවුම් ගසනවා ඔබ දකීවි. මීමින්නන්, හාවුන්, නරි, ඉත්තෑවන්, මුගටි, වලි කුකුළන් මේ රක්ෂිතයේදී පහසුවෙන් දැකගත හැකි අනෙක් සත්ව විශේෂයි.

මෙම වන උයන සුරක්ෂිත කර න්නට ආරක්ෂක අංශ පියවරගෙන ඇත. එය වටනේය. මේ න්දර පරිසර කැලෑ ගං කොමලිය දකින්ට සිත් ඇත්නම් ඔබටද කොළඹ සිට නම් ගත වන්නේ පැයකට වැඩි කාලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *