සරණ ගුණවර්ධනගේ දේශපාලන ඉනිමේ ආරම්භක පිතිකරුවා ඩිල්ෂාන්

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා විසින් සංවිධානය කර තිබු දේශපාලන වැඩසටහන සදහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා සහභාගී වන ලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල ආසනයේ සංවිධායක වශයෙන් කටයුතු කරන සරණ ගුණවර්ධන මහතාගේ නව දේශපාලන ගමන ආරම්භ කරමින් මෙම හමුව පවතී බවට වාර්තා වෙයි

හිටපු නියෝජය අමාත්‍ය වරයාගේ නැවත දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත ඇති පසුබිමක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් විසින් සරණ ගුණවර්ධන මහතාගේ දේශපාලන කාර්යාලය විවෘත කිරීම නිසා එය තවත් තිවුරව ඇත.අත්තනගල්ල ආසනය නියෝජනය කරමින් 2010 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසෙන සරණ ගුණවර්ධන මහතා එම රජයේ ඛනිජතෙල් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුරයෙන් පිදුම් ලබන ලදී

එම රජය තුල අත්තනගල්ල ප්‍රදේශයේ පැවති ඇතැම් සිධීන් සම්බන්ධව සරණ ගුණවර්ධන මහතාගේ නම එකතුවන ලදී අත්නගල්ල ඇතුළු ගම්පහ දිසාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය වීම සදහා සරණ ගුණවර්ධන මහතාගේ දේශපාලන භාවිතය සෘජුව බලපෑ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දේශපාලන කණ්ඩායමේ මතය වන ලදී මේ නිසා 2015 වසරේදී පවතී මහ මැතිවරණයේදී සරණ ගුණවර්ධන මහතාට තරග කිරීමේ අවස්ථාවද අහිමි වන ලදී

එහෙත් ඒ මහතා වෙනුවට ගම්පහ ආසනය නියෝජනය කරමින් ඔහොගේ බිරිද මහ මැතිවරණයට ඉදිරිපත් වුවද ඇයට පාර්ලිමේන්තු යාමට අවස්ථාව අහිහිමි වන ලදී නැවත වතාවක් ක්‍රියාකාරී දේශපාලනයේ චරිතයක් වෙමින් නැවත ගම්පහ දේශපාලන කරලියට පිවිසීමට සරණ ගුණවර්ධන මහතා කටයුතු කරමින් ඇත. එහෙත් සරණ ගුණවර්ධන මහතාට නැවත අපේක්ෂකත්ය ලබාදීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකුගේ විරෝධය එල්ල වෙමින් ඇත මේ තත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ නායකත්වය කරටගෙන කටයුතු කරන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සමයේ කියා සිටියේ සරණ ගුණවර්ධන මහතාට නාමයෝජනා ලබාදීම නොකළ යුතු බවයි මන්ද ඔහුට නාමයෝජනා ලබාදීම තුල පොදුජන පෙරමුණ ජනතාව අතර අප්‍රසාදයට පත්වන බවයි.

අත්තනගල්ල ආසනයේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන විශාල ප්‍රමාණයක් සිටින්නේ ප්‍රසන්න රණතුංග මහතා සමගය ඒ හිටපු පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ වර්තමාන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්ප කුමාර මහතා සහ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයක් සිටින්නේ ප්‍රසන්න රණතුංග මහතා සමගය මේ නිසා පසුගිය සාමය පුරා අළු යට ගිණි බවට පත්ව තිබූ අත්තනගල්ල දේශපාලනය කරලියට පැමිණෙමින් ඇත

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසන්න රණතුංග මහතා නායකත්වය ලබාදෙන ලදී මෙහිදී ඔහුගේ හිතවාදීන් සියලු දෙනාම ජයග්‍රහණය කරන ලදී සරණ ගුණවර්ධන මහතා විසින් ස්වාධීන කණඩායමක් මෝටර් රථය ලකුණින් තරගටය ඉදිරිපත් කරන ලදී මේ වනවිට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නියෝජනයන් දෙකකක් පමණක් ඇත.

මේනිසා අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයේ බලය සරණ ගුණවර්ධන වෙත තිබේද යන්න ගැටලුවකි කෙසේ වෙතත් සරණ ගුණවර්ධන මහතා මේ වනවිටත් විවිධ පාර්ශවයන් තමන් සමග එකතු කරගනිමින් ගම්පහ දිසාවම ආවරණය වන පරිදි තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර ඇත ගම්පහ දේශපාලනයේ ඉදිරි මග තුල සරණ ගුණවර්ධන සාධකය කෙතරම් බලවත් ද යන්න මූලික තක්සේරුවක් කිරීමට නොහැකි වුවද මැතිවරණය තුල දැඩි මනාප සටනක් ගම්පහ දිස්ත්‍රිකය තුල ඇති වනු ඇත

ඒ සම්බන්ධ දේශපාලන ලිපි පෙළෙහි පළමු පියවර 2020 වසර ආරම්භයේ වාර්තා කිරීමට අප වෙබ් අඩවිය කටයුතු කරන ලදී තවත් මාස තුනකින් විසිරෙන පාර්ලිමේන්තුවේ නව සභිකයන් තෝරා ගැනීමේදී ගම්පහ සුවිශේෂී දිස්ත්‍රිකයක් වන්නේ ඒ ලංකාවේ වැඩිම ඡ න්ද දායකයන් සිටින දිස්ත්‍රික්කය නිසාය ඉදිරි ලිපි තුලින් පක්ෂ විපක්ෂ ජනතා මතය සහ කවුරුන් ඉදිරියට පැමිණේද යන්න සාදක සහිතව වාර්තා කිරීමට අප සුදානම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *