මීගමුවේදී රන්ජන් පච වුණාද ?? // එය මෙසේ සිදුවන ලදී

ගීත කිහිපයක් ගයනා කිරීමෙන් අනතුරුව

පසු ගියදා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේආදී ශිෂයින් විසින් සංවිධානය කරන ලද සුහද හමුව සදහා පාසලේ ආදී සිසුන් විශාල පිරිසක් සහභාගී වූ අතර මෙම අවස්ථාවට නි අමාත්‍ය රන්ජන් රාමනායක මහතාටද ආරාධනාවක් ලැබී තිබුණි. සියලු රස මස වුළු වලින් සහ ස්තරම් වර්ගයේ සියලු අනු පානයන් සමගින් සංවිධානය කරන ලද මෙම සුහද හමුව සංගීතයෙන්  ද හැඩ ගන්වා තිබුණි. මෙම අවස්ථාවේදී වේදිකාවට ගීත ගායනය සදහා රන්ජන් රාමනායක අමාත්‍ය වරයාට ආරාධනාවක් ලැබුණි . වේදිකාව මත ගීත කිහිපයක් ගයනා කිරීමෙන් අනතුරුව අමාත්‍ය වරයාට තවත් ගීත ගායනා කරන ලෙස රසිකයින්ගෙන් ඉල්ලීම් පැමිණෙන ලදී.

මෙහිදී තම පැරණි මිතුරන් සමග අමාතවරයා වේදිකාවේ සිට උසුළු විසුළු කරගන්නා ලදී . පාසල් කාලයේදී පන්තියේ යහළුවන්ට පටබදින ලද නම් වලින් කථා කරන ලදී . මෙම අවස්ථාවේ එක අයෙකු පෙන්වා ඔහු පොහොට්ටු කාරයෙක් සහ මහිදගේ මිනිහෙක් කියා පෙන්වන ලදී . මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතා වේදිකාවට නැග අපි පොහොට්ටුවේ තමයි මහින්දගේ තමයි කියමින් අත් විසි කරන ලදී . එම අවස්ථාවේ ලලන්ත මන්ත්‍රී වරයා සිටියේ ආකාරයෙන් ඔහුට උපදෙස් ලබාදිය නොහැකි තත්වයකය.පසුව ඔහුද වේදිකාවෙන් පහතට පැමිණ පෙර පරිදිම විනෝද වන ලදී.

ඒ සමගින් තවත් පුද්ගලයෙකු වේදිකාවට ගොඩවීමට උත්සාහ කිරීමේදී අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සමග ගැටුමක් ඇතිකර ගැනීමට ගියද අවට සිටි පිරිස ගැටුමක් ඇතිනොවන ලෙස පාලනය කරන ලදී. පසුව ගීත පහක් පමණ ගායනයෙන් අනතුරුව අමාත්‍යවරයා වේදිකාවෙන් බැස පැමිණ සිටි තරුණයන් කිහිප දෙනෙකු සමග සෙල්පි පින්තූර කිහිපයකට පෙනීසිටෙමෙන් අනතුරුව මාරිස්ටෙලා විද්‍යාලයේ උස පැනීමේ ශුරයෙකු ලෙසින් නැගී එන උෂන් තිවංක ක්‍රීඩාකයා වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයක් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කරන ලදී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *