ප්‍රභාකරන් මැරුණේ ඔළුවට වෙඩි තබාගෙනද? කරුණාගේ කථාවට සරත් පොන්සේකා පිළිතුරු දෙයි!!

ප්‍රශ්නය – ඇත්තටම ඒ මැරුණේ ප්‍රභාකරන් ද…? ඇතැම් අය විශ්වාස කරනවා. ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවට…

පිළිතුර – ප්‍රභාකරන් අත්අඩංගුවට පත් වුණා… මහින්ද රාජපක්‌ෂ ළඟට ගෙනාවා… වද දීලා මැරුවා… ආදී ලෙස මෙම මරණය සැහැල්ලු කිරීම සදහා කතා රාශියක් ගොතා තිබෙනවා. මම කොටි සංවිධානෙට එක්‌වෙන කොට සයනයිඩ් කරල දුන්නේ ප්‍රභාකරන්, ජීවිත අවදානමක්‌ආවොත් ඒක කාල මැරෙන්න කිව්වා. එහෙව් කෙනෙක්‌හමුදාවට භාර වෙයි ද…? ප්‍රභාකරන්ගේ මිනිය හඳුනාගත්තේ මම… ඒකට විශේෂ හේතුවක්‌තියෙනවා; ප්‍රභාකරන් හා මා පමණක්‌දන්නා එක් සලකුණක්‌තිබෙනවා.

දිනක් එල්ටීටීඊ සංවිධානයට අලුත් අවියක්‌ගෙනාවා. එහි ෂෙල් සහ වෙඩි යන ප්‍රහාර ආකාර දෙකම භාවිත කරන්න පුළුවන්. එය භාවිතයේදී, අනිවාර්යෙන් විවෘත කළ යුතු කොටසක්‌, විවෘත නොකොට, ප්‍රභාකරන් ෂෙල් ප්‍රහාරයක්‌එල්ල කළා. අපි වටේ බලා සිටියා. එය වැටුණේ, අපි හිටපු තැනට බොහෝ ම ළඟින්. එම ප්‍රහාරය වැදුණේ, ප්‍රභාකරන්ගේ වම් කකුලට. ඔහු ඇදන් වැටුණා. එදා ඔහු ජීවිතය බේරාගත්තේ ආශ්චර්යයක්‌විදිහට. ඒ ලකුණ, ඔහුගේ වම් පාදයේ තිබුණා. ඔහු ගැන ඊට වඩා දේවල් පවා මම දන්නවා. මම අවුරුදු තිහක්‌යුද්දෙත් එක්‌ක හිටපු කෙනෙක්‌. වෙඩි වදින විදිහ ගැන මම දන්නවා. ඇත්තටම වුණේ මේකයි… එදා රෑ දොළහට විතර හමුදාව ප්‍රහාරයක්‌එල්ල කළා. ඉන් පසු පාන්දර හතරට පමණ එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක්‌ආරම්භ කළාම තමයි, ඔවුන් දැක්‌කේ ප්‍රභාකරන්ගේ මිනිය එතන තියෙනවා. හැබැයි මම ආයෙත් අවධාරණය කරනවා, එල්.ටී.ටී.ඊ. නායකයා අත්අඩංගුවට පත්වුණේ නැති බව. ප්‍රභාකරන් දකුණතට හුරු වූ අයෙක්‌, දකුණෙන් පිස්‌තෝලෙ ගන්නා කෙනෙක්‌වම් පැත්තෙ කෙළවරට වෙන්න වෙඩි තියා ගන්නේ නෑ. ඔහු දකුණට බරවයි වෙඩි තියාගෙන තියෙන්නේ. ඔබට අවශ්‍ය නම් ප්‍රභාකරන්ගේ මිණියේ වීඩියෝ දර්ශන බලන්න පුළුවන්.

– 2015 අගෝස්‌තු 29 දින දකුණු ඉන්දියාවේ පුදිය තලෙයිමුරෙයි රුපවාහිනිය ඔස්‌සේ විකාශය වූ අග්නි පරිට්‌චයි වැඩසටහනේදී

ප්‍රභාකරන් තමන්ගේ හිසට පිස්‌තෝලයකින් වෙඩි තබා ගත්තා නම්, පුංචි තුවාලයක්‌පමණක්‌තිබිය යුතුයි. මෝටාර් හෝ කාලතුවක්‌කු ප්‍රහාරයක කැබැල්ලක්‌වැදී හිසට බරපතළ හානි සිදුවී ඇති බවට ප්‍රභාකරන්ගේ මළසිරුර දකිද්දී පෙනී යනවා. ප්‍රභාකරන් හිසට වෙඩිතබාගෙන මියගියේ යෑයි ප්‍රකාශ කරමින් එල්ටීටී සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් දෙමළ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බව පෙනෙනවා.
යුද්ධය ජයග්‍රහණය කිරීමට කරුණා අම්මාගෙන් කිසිදු සහායක්‌ලැබුණේ නැහැ. දුරකතනයක්‌වත් ළඟ තබා ගැනීමට ඒ අයට අවස්‌ථාව දුන්නේ නැහැ. එහෙම තත්ත්වයක දී ප්‍රභාකරන්ගේ මරණය ගැන ඔහු නොදන්නා දෙයක්‌තමයි කියමින් සිටින්නේ.
යුද ජයග්‍රහණයෙන් පසුව ප්‍රභාකරන්ගේ මිනිය හඳුනා ගැනීමට කරුණා අම්මාන් එම ස්‌ථානයට ගියේ මගේ නියමයෙන්.
Description: https://www.divaina.com/2015/09/06/karuna1.jpg 2015 අගෝස්තු 31 New Indian Expressසමග පැවති සාකච්ඡාවකදී…

අනුන්ගේ මරණ පිළිබඳව ජීවිත කාලය පුරාවට අනුමාන සකසමින් සිටි එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් තවත් අනුමානයක්‌, කරුණා අම්මාන් විසින් කලකට පෙර සිදු කර තිබුණි. නන්දිකඩාල් කලපු තීරයේදී හමු වූ ත්‍රස්‌ත නායකයාගේ මළකුණ ගැන එසේ කතා කිරීමම, ඔහුගේ පරාජයේ පරිමාව සේම, ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයේ පරිමාව ද සංකේතවත් කරන බව පෙනේ. ඒ අතරම ප්‍රභාකරන්ගේ ආත්මයට පණ දී යළිත් සිය බෙදුම්වාදය, අළු ගසා නැගිටවන්නට වෙර දරනා බලවේග ද සිටිය හැකිය.

තම නායකයා විස්‌මිත දේව නිර්මාණයක්‌හෝ ඔහු අසාමාන්‍ය ආකාරයේ නිර්මිතයක්‌ලෙස හඳුනාගන්නා පුද්ගල සමුහයකට ඔහුගේ මරණය දරා ගත නොහැකිය. මෙවැනි ඇදහිලි ජානගත වී ඇති දෙමළ සමාජයට සිය මහා වීරයාගේ හිස, සතුරු උණ්‌ඩයකින් පලා ගෙන යැම තවමත් විශ්වාස කර ගැනීමට නොහැකි වී තිබේ. යම් හෙයකින් ප්‍රභාකරන්ගේ මිනිය හමුනොවුණා නම් හෝ එය රහසිගත ලෙස අවසන් කටයුතු සඳහා යොමු කළේ නම් මිය ගිය ප්‍රභාකරන් තව පරම්පරා ගණනාවක්‌පුරා දෙමළ සමාජය තුළ ජීවත්වන්නට ඉඩ තිබුණි. ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කරුණා අම්මාන් විසින් සිදු කරන හෙළිදරව්ව තුළ, දෙමළ සමාජයේ මෙම ගුණය සේම ඔහු පත් වී තිබෙන අසරණභාවය ද මුර්තිමත් කරයි.

මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය වීමත් සමග කරුණා, කේ.පී. වැනි හිටපු එල්ටීටීඊ චරිත වික්‌ෂිප්තභාවයකට ලක්‌වන්නට ඇත. බලයට පැමිණි පිරිස මැතිවරණ වේදිකාවේ සඳහන් කරන ලද කාරණයක්‌වූයේ, කරුණා සහ කේ.පී. වැනි පුද්ගලයන් සඳහා දඬුවම් ලබාදෙන බවය. මෙම තත්ත්වය තුළ කරුණා අම්මාන් සියලු අතින් අසරණ විය. එක්‌අතකින් තමන් දරන ලද අමාත්‍යධුරය අහිමිවිමය. අනෙක්‌අතට රැකවරණය ගිලිහී යැමය. බෙදුම්වාදී මතධාරී දෙමළ සමාජය තුළ කරුණා අම්මාන් සලකන්නේ ද්‍රෝහියෙකු ලෙසය. ප්‍රභාකරන්ගේ මරණයට අදාළව ඔහු විසින් පුදිය තලෙයිමුරෙයි රුපවාහිනිය සමග පවත්වන සම්මුඛ සාකච්ඡාවේ, යු ටියුබ් විකාශය සඳහා ලැබී ඇති ප්‍රතිචාර අතරින් බහුතරයකගේ සඳහන වී ඇත්තේ කරුණා ද්‍රෝහියෙකු බවය. මධ්‍යස්‌ථ ප්‍රතිචාර කිහිපයක්‌එහි දක්‌නට ඇතත්, කරුණාට පක්‌ෂපාතී කිසිදු ප්‍රතිචාරයක්‌නොමැති වීමෙන් පෙනී යන්නේ දෙමළ සමාජය තුළ ඔහු අත්කරගෙන සිටින ස්‌ථානය ය.

ඩග්ලස්‌දේවානන්දට මෙන් දේශපාලන කාඩර්වරුන් පිරිසක්‌ද කරුණාට නැත. ඩග්ලස්‌ට ගැළපෙන ආණ්‌ඩුව, මැතිවරණයෙන් මාරු වුවද මන්ත්‍රී තනතුර රැක ගැනීමට ඩග්ලස්‌ට හැකි විය. ඩග්ලස්‌කවදත් එල්ටීටීඊ විරෝධියෙකු වන නිසා ඔහු සම්බන්ධයෙන් අලුත් ප්‍රතිරෝධයක්‌හෝ ආණ්‌ඩු මාරුව නිසා ඔහු අමුතු අසරණභාවයකට ලක්‌කිරීමක්‌බෙදුම්වාදී දෙමළ සමාජය අපේක්‌ෂා නොකරනු ඇත. නමුත් කරුණා සහ කේ.පී. සම්බන්ධයෙන් බෙදුම්වාදයේ ප්‍රතිචාරය ඊට වෙනස්‌වනු ඇත. රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයේ සිටිය මොහොතක නොව යහපාලන ආණ්ඩුව බලයේ සිටිය මොහොතක කරුණා මෙම ප්‍රකාශය කරන ලද බැවින්, එය සලකා බැලීමේදී බලය යන කාරණය ද ගලපා බැලිය යුතුය. නැවත රාජපක්ෂ ආණ්ඩුවක් බලයට පත්ව ඇති නිසා කරුණා අම්මාන් ඒ පිළිබදව වෙනත් මානයක් සදහන් කරනවා ද යන්න ද සලකා බැලිය යුතුය.

 කරුණාගේ එම උපකල්පනය අනුව ප්‍රභාකරන් මිය ගොස්‌ඇත්තේ, ඔහු විසින්ම හිසට වෙඩි තබා ගැනීමෙනි. මෙය කරුණා විසින් මෑතකදී ප්‍රකාශ කරන ලද්දක්‌වුවත්, ප්‍රභාකරන් මිය ගිය ආසන්න කාලයේ බොහෝ දෙනකුගේ උපකල්පනයක්‌විය. සිය කාඩර්වරුන් හට ‘සයිනයිට්‌මරණය’ පුරුදු පුහුණු කරන ලද ප්‍රභාකරන් හමුදාවට භාර නොවී, වෙඩි තබා ගත් බව කරුණාගේ මතය ය. ඔහු එහිදී සඳහන් කරන්නේ “මම කොටි සංවිධානෙට එක්‌වෙන කොට සයනයිඩ් කරල දුන්නේ ප්‍රභාකරන්, ජීවිත අවදානමක්‌ආවොත් ඒක කාල මැරෙන්න කිව්වා. එහෙව් කෙනෙක්‌හමුදාවට භාර වෙයි ද…?” යන වීරත්වයේ අගයක්‌ප්‍රභාකරන්ට එකතු කරමිනි. තම කාඩර්වරුන් සඳහා නිර්දේශ කරන ලද ‘සයිනයිට්‌මරණයෙන්’ ප්‍රභාකරන් මිය ගියේ නම්, සංග්‍රාමයෙන් පරාජය වූවත් වීර මරණයක්‌කරා හිමිකම් පාන්නට ඔහුට හැකියාව තිබුණි. ප්‍රභාකරන් සිය මරණයෙන් අවමන් ලබන පළමු හේතුව වන්නේ ඔහු සිය කාඩර්වරුන් වෙත අනුදැන වදාළ වික්‍රමාන්විත අවසන් මොහොත සිය මරණයට අදාළ නොකර ගැනීමය. කරුණාගෙන් මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ “ඔබ, කොටි සංවිධානයට එක්‌වන විට සයිනයිට්‌කරල දුන් ප්‍රභාකරන්, සිය ජීවිත අවදානම හමුවේ එම මැරෙන ක්‍රමය අනුගමනය නොකරන ලද්දේ ඇයි …?” යන්නය.

“ප්‍රභාකරන් දකුණතට හුරු වූ අයෙක්‌, දකුණෙන් පිස්‌තෝලේ ගන්නා කෙනෙක්‌වම් පැත්තෙ කෙළවරට වෙන්න වෙඩි තියා ගන්නේ නෑ. ඔහු දකුණට බරවයි වෙඩි තියාගෙන තියෙන්නේ.” යනුවෙන් කරුණා අම්මාන් විසින් සිදු කරන උපකල්පනය පිළිබඳව සාකච්ඡාවේදී වැදගත් වන පළමු කරුණ නම්, ප්‍රභාකරන් පිස්‌තෝලයක්‌පළඳින්නේ ඇයි ද යන්නයි.

ප්‍රභාකරන් සිය සංවිධාන ගත වීමේ මුල් කාලයේ සිටම ත්‍රාසජනක ගොපලු හොලිවුඩ් චිත්‍රපට රසිකයකු විය. එල්. ටී. ටී. ඊ. ප්‍රධානීන්ට සම් වැස්‌මක්‌තුළ කව්බෝයිලා පළඳින සේ පිස්‌තෝලයක්‌පැළඳීමට නියම වන්නේ ප්‍රභාකරන් රසිකත්වය දැක්‌වූ බටහිර චිත්‍රපටවල ආභාසයෙන් බව, එම්. ආර්. නාරායන් ස්‌වාමි, සිය ප්‍රභාකරන් දුරවබෝධ මනසක ඇතුළාන්තය ග්‍රන්ථයේදී විස්‌තර කරයි. එය සතුරා ඉලක්‌ක ගත කර ගෙන පළඳින්නක්‌ මිස ස්‌වයංඝාතක ක්‍රියාවලියකට උපයෝගී කර ගන්නක්‌නොවන බව පෙනී යයි. සයනයිට්‌කරලක්‌සුරයක්‌සේ එල්ලාගෙන සිටින විට, අවියකින් තමාගේ දිවි තොර කර ගන්නවාට වඩා සෑම අතින්ම පහසු මරණයක්‌, තමාටම කැඳවා ගත හැකිව තිබියදී ඒ සඳහා පිස්‌තෝලයක්‌අවශ්‍ය නොවීම මෙහි ප්‍රධාන කාරණය වේ.

ප්‍රභාකරන් විසින් තමා සතුව තිබූ පිස්‌තෝලය ගෙන, හිටිවනම පිටුපසට හැරී මවාගත් සතුරෙකුට වෙඩි තබන බව ඔහුගේ චර්යා ගැන ලියෑවුණු ග්‍රන්ථවල විස්‌තර වේ. එයින් පෙනීයන්නේ එය සතුරා නසනු පිණිස මිස, තමාගේ දිවි තොර කර ගැනීම සඳහා යොදා නොගත්තක්‌වූ බවය. ප්‍රභාකරන් දකුණත හුරු අයකු වුවත් පිස්‌තෝලය පළඳින්නේ සිය ශරීරයේ වම් පැත්තට වන්නටය. එය තමාට පිස්‌තෝලය ගැනීම සඳහා තිබෙන පහසුම ක්‍රමය ලෙස ඔහු සැලකුවා විය හැකිය. ප්‍රභාකරන් තම ග්ලොක්‌පිස්‌තෝලයෙන් හිසට වෙඩි තබා ගත්තා නම් එය බොහෝ විට නිකටට පහළින් පිස්‌තෝලයේ කට තබා සිරස්‌ව හිසේ ඉහළට යන ලෙස හෝ හිසේ දකුණු පැත්තේ, කනට ඉහළින් නළල ප්‍රදේශයේ කෙළවරින් තබා ගන්නවා ඇත. නමුත් ප්‍රභාකරන්ට මරණීය උණ්‌ඩය වැදී තිබුණේ නළලේ වම් පැත්තට වන්නටය.

ස්‌වයං ඝාතක ක්‍රියාවක්‌ලෙසින් තම පිස්‌තෝලයෙන් ප්‍රභාකරන් විසින්ම ඔහුගේ හිසට වෙඩි තබා ගත්තාය යන මතය, කරුණා අම්මාන්ට පෙර ඩී.බී.එස්‌.ජෙයරාඡ් විසින් සඳහන් කර තිබුණි. එයට එකඟ නොවෙමින් මහාචාර්ය මයිකල් රොබට්‌ස්‌විසින් පළ කරන ලද වේලුපිල්ලේ පිරබාහරන්  වීර මරණම් යන රචනයේදී තම පිස්‌තෝලයෙන් ප්‍රභාකරන් විසින් වෙඩි තබාගෙන මිය ගිය බවට වන ප්‍රවාදය අසත්‍යකරණයට ලක්‌කිරීම සඳහා යොදා ගනු ලබන්නේ, ඩේවිඩ් බ්ලැකර් විසින් දක්‌වන නිරීක්‌ෂණයන්ය. එහි එන බ්ලැකර්ගේ සදහන මෙසේය.

“ඩී. බී. එස්‌වී ජෙයරාඡ් දැන් කාලයක්‌තිස්‌සේ මේ කතාව දිගින් දිගටම කියා සිටිනවා. නමුත් ප්‍රභාකරන්ගේ මරණය සිදුවූ අන්දම ගැන මා, ඔහු සමග එකඟ වන්නේ නැහැ. එය නිසැක වශයෙන්ම තමන් විසින් සිදු කර ගත් වෙඩි තබාගැනීමකදී සිදුවන අන්දමේ තුවාලයක්‌ නොවේ. තමන් විසින්ම සිදු කරගත් වෙඩි තැබීමකදී, එය හිසට එල්ල කරන ලද්දක් නම්, වෙඩි උණ්‌ඩය නිකටට පහළින්, එනම් කට හෝ නළල හරහා හිස්‌කබල තුළට ඇතුළු විය යුතුයි. යට ඇඳුමෙන් සිටින ප්‍රභාකරන්ගේ ඡායාරුපහී ඔහුගේ පපුවට වැදුණ, වෙඩිල්ලක කිසිදු සලකුණක්‌නැහැ. තමන් විසින්ම තම සිරුරට එල්ල කොටගත් වෙඩි තැබීමකදී ඒ සඳහා වඩාත් ඉඩ ඇතැයි සිතිය හැකි ස්‌ථානය පපුවයි.

සමහරුන් තර්කයක්‌නගන්න පුළුවන් ප්‍රභාකරන්ගේ හිස්‌කබලෙහි දක්‌නට ඇති තුවාලය ඔහු විසින්ම සිදු කරගනු ලැබූ වෙඩි තැබීමක තුවාලය වසන්ව යන ලෙස, ඔහු මිය ගිය පසුව සිදු කළ එකක්‌ය කියා. එහෙත් ප්‍රභාකරන් තමන්ගේ නිකටට යටින් හෝ කට හරහා හෝ වෙඩි තබාගත්තේ නම්, ද්‍රවස්‌ථිති විද්‍යාව අනුව ඔහුගේ ඇස්‌වලට සිදුවන්නට තිබූ හානිය පෙනෙන්නට ඉඩ තිබිය යුතුය. එසේ නම් ඔහුගේ ඇස්‌ඒවායේ කුහරවලින් පිටට පුපුරා විසිරී යෑමට ඉඩ තිබුණා. එසේ නැත්නම් අවම වශයෙන් ඔහුගේ ඇස්‌රතුවී තිබිය යුතුයි. එවැනි සලකුණක්‌තිබුණේ නැහැ.

තවත් තර්කයක්‌වනුයේ තුවාලය, වෙඩි සුන්බුන් වැදී සිදුවන්නට හැකි බවයි. එහෙත් ඔහුගේ හිසට හෝ මුහුණට වෙඩි සුන්බුන් වැදුණ බවට සලකුණක්‌මෙහි නැහැ. මෙය සිදුවිය නොහැක්‌කක්‌නොවන නමුත් එවැන්නක්‌සිදුවීමට ඇති ඉඩකඩ අඩුයි. කොහොමටත් එය ඩී. බී. එස්‌. ජෙයරාජ්ගේ සිය දිවි හානි කර ගැනීමේ සිද්ධාන්තයට ගැළපෙන්නේ නැහැ.

ඊළඟට තවත් කතා අනුවාදයක්‌වනුයේ එය ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියකු විසින් සිදු කරනු ලැබූ පොරෝ හෝ උදලු පහරකින් හෝ සිදුවූ තුවාලයක්‌බවයි. මෙය ද සිදුවීමට නොහැක්‌කක්‌. ඊට හේතුව තුවාලය අවට ප්‍රදේශයේ තැලුම් හෝ සීරීම් හෝ ලකුණු කිසිවක්‌වී නොතිබීමයි.

මා සමීප මානයේ සිදු කළ වෙඩි තුවාල රැසක්‌දැක තිබෙනවා. මා විශ්වාස කරන්නේ අධිවේගී උණ්‌ඩයක්‌ප්‍රභාකරන්ගේ හිස්‌කබලෙහි වම් නළලේ සිට හිස්‌කබලේ දකුණු පසුපස දෙසට විකර්ණානුකූලව ගමන් කිරීමෙන් සිදුවූ තුවාලයක්‌බවයි. ඒ උණ්‌ඩය එක්‌කෝ රයිෆල් වෙඩි මුරයකින් හෝ රයිෆල් තුවක්‌කු බඳක ප්‍රමාණයේ, වෙඩි උණ්‌ඩයකින් හෝ සිදු වූ එකක්‌විය හැකියි. වෙඩිල්ල ගමන් කොට ඇති කෝණයෙන්, එය ප්‍රභාකරන් විසින්ම එල්ල කරගනු ලැබූ වෙඩි තැබීමක්‌යන මතය බොරු වී යනවා.

මගේ අදහස ඩී. බී. එස්‌. ජෙයරාජ්ගේ බ්ලොග් අඩවියට ඈඳුවා. නමුත් ඒ අදහස්‌දැක්‌වීම බ්ලොග් අඩවියට ඇතුළුවීමට ඔහු ඉඩදී නැහැ. කලින් ඔහු ඊ- තැපෑල හරහා මගේ මතය විමසුවා. මා එය ඔහුට දුන්නා. නමුත් ඔහු සිය මතය වෙනස්‌කර ගෙන නැහැ. එමෙන්ම ප්‍රභාකරන් මියගියේ කෙලෙස දැයි යන්න පිළිබඳ විමසීම්වලට සවිස්‌තරාත්මක පිළිතුරු දීම ඔහු ප්‍රතික්‌ෂේප කළා. එමෙන්ම ඒ පිළිබඳ ඔහු හෙළිදරව්වක්‌වත් ලියා නැහැ. එයින් මට පෙනී යන්නේ ඔහුගේ විශ්වාසවන්ත තොරතුරු මූලාශ්‍රයන්, ඔහුට මේ අනුවාදය පවසා ඇති බව විනා, නිශ්චිත වශයෙන් ඔහු ඒ පිළිබඳ තොරතුරු නොදන්නා බවයි.”


බ්ලැකර් සඳහන් නොකළ තවත් වැදගත් කාරණයක්‌ද මෙහිලා දැක්‌විය හැකිය. යුද විශේෂඥයන් විසින් දක්‌වන ලද මතයන්ට අනුව තමා විසින් හෝ ළඟම සිටින කෙනකුගේ වෙඩිල්ලකින් සිදුවන හානිය, ඈත සිට තබන වෙඩිල්ලකින් වන හානියෙන් වෙන්කර හඳුනාගත හැකි පහසුම ක්‍රමය වන්නේ පිළිස්‌සුම්ය. ළඟ සිට තබන වෙඩිල්ලකින් නිකුත් වන අග්නියෙන්, සිදුවන පිළිස්‌සීම සමෙහි සනිටුහන් වන අතර එවැනි ලකුණක්‌ප්‍රභාකරන්ගේ හිසේ තිබූ තුවාලයේ දකින්නට නොවීය. ප්‍රභාකරන් මිය යන මොහොතේදී ද එම ආසන්න ප්‍රදේශයක සිට වාර්තාකරණයේ යෙදීමට මෙම ලියුම්කරුවකුට හැකි වූ අතර ඔහුගේ මිනිය මුල් අවස්‌වීථාවේදීම දැක බලා ගැනීමට ද හැකි විය. ඒ නිසා ඉතා පැහැදිලිව එවැනි පිළිස්‌සුම් නොවූ බව දැක ගැනීමට ලැබිණි.
සටන් බිමේ සිදුවන නායකයන්ගේ මරණ සම්බන්ධයෙන් පමණක්‌නොව රාජ්‍ය නායකයන් ඝාතනය වූ අවස්‌ථා සම්බන්ධයෙන් කාලයෙන් කාලයට එක්‌එක්‌කතන්දර ලියෑවීම සාමාන්‍ය සිරිතය. දෙවන  ලෝක යුද්ධයේදී තමන් විසින්ම දිවි හානිකර ගත් බවට ප්‍රචලිත මතවාදයක්‌හිට්‌ලර් සම්බන්ධයෙන් තිබුණත්, හිට්‌ලර් වෙනත් රටකට පැනගොස්‌පසු කාලයකදී ස්‌වාභාවික ලෙස මිය ගිය බවට විශ්වාස කරන පිරිස්‌ද සිටිති. පරාජිත නායකයාගේ මරණය, එම පාර්ශ්වයේ පරාජයේ මහා සංකේතය වන්නා සේම එම මරණය සිදුවූ ආකාරය විස්‌තර කිරීමේ බලය ජයග්‍රාහකයාගේ අයිතියක්‌බවට පත්වීමත් සමඟ පරාජිත පාර්ශ්වයේ ඉතුරු වන පිරිස්‌සහ එම මතවාදය ඉදිරියට ගෙන යා යුතු යෑයි සිතන පිරිස්‌එම මතය නොඉවසීම ද සිදුවේ. 2009 මැයි 19 වැනිදා නන්දිකඩාල් කලපු තීරයේදී ප්‍රභාකරන් මරණයට පත්වූ යේ කෙසේද යන්න මේ අනුව විමසා බැලිය යුතුය.

මේ පිළිබඳව එක්‌මතයක්‌මහාචාර්ය මයිකල් රොබර්ට්‌ස්‌විසින් ඉදිරිපත් කර තිබූ අතර ඔහු විසින් සිය රචනයේදී ඒ සම්බන්ධයෙන් පැවැති පැරැණි මතවාද ද ඛණ්‌ඩනය කිරීමෙහි යෙදී තිබිණි. මේ නිසා රොබට්‌ස්‌ගේ රචනය පිළිබඳව විවේචනයක්‌මගින් ප්‍රභාකරන්ගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව මතයක්‌ඉදිරිපත් කළ හැකිය.

ප්‍රභාකරන් විසින් සිය සංවිධානයේ පිරිස්‌සතුරන් අතට පත් වූ විට රහස්‌හෙළි නොවීම මූලික කරගත් වික්‍රමාන්විත මරණ ක්‍රමයක්‌හඳුන්වා දුන්නේය. ඒ සයිනයිට්‌කරලක්‌බෙල්ලේ එල්ලාගෙන සිට සතුරා අතට පත්වන විටම එය හපා දැමීමය. එම ස්‌වයං මරණ ක්‍රමය ප්‍රභාකරන් ඉගෙන ගන්නා ලද්දේ මුල් කාලයේ ඔහුගේ වීරයකු වූ සිවකුමාරන් නමැති දෙමළ ත්‍රස්‌තවාදියෙකු ගෙනි. සිවකුමාරන් ප්‍රභාකරන්ට පෙර කාලයේ දෙමළ වර්ගවාදී ත්‍රස්‌තවාදියකු වූ අතර 1970 සැප්තැම්බරයේදී යාපනයේ සංචාරයක නිරත වූ ඇමැති සෝමවීර චන්ද්‍රසිරි ඝාතනය කිරීම සඳහා ප්‍රයත්නයක්‌දරන ලද්දේ ඔහු විසිනි. ඉන් මාස පහකට පසු යාපනයේ නගරාධිපති ඇල්µ්‍රඩ් දොරේඅප්පා මරා දැමීමේ අසාර්ථක ප්‍රයත්නයකද ඔහු යෙදුනේය. 1974 වසරේදී යාපනයේ බැංකුවක්‌කොල්ල කෑම සඳහා උත්සාහ දරමින් සිටියදී පොලිසිය විසින් ඔහු වට කළ අතර පොලිස්‌ අත්අඩංගුවට පත්වීමට පෙර ඔහු විසින් සයිනයිට්‌කරලක්‌ගිල දමා දිවි තොර කර ගත්තේය. තමාගේ වීරයකු වූ සිවකුමාරන් දිවි තොර කරගත් ආකාරය පසු කාලයේදී තම සංවිධානයේ “නිල කටයුත්තක්‌” බවට ප්‍රභාකරන් විසින් පමුණුවන ලදී.

මේ  ආකාරයෙන් මිය යැම සඳහා අවශ්‍ය වන සයිනයිට්‌කරලක්‌ගෙල පැළඳ සිටීම ප්‍රභාකරන්ගේ සිට එල්. ටී. ටී. ඊ. ළමා ත්‍රස්‌තවාදියා දක්‌වාම පොදු කාරණයක්‌විය. ඒ ආකාරයෙන් මියගිය එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තයන් වීරයන් සේ පිදුවද තමා විසින් සංවිධානයට අනුදැන කියූ කාරණය මගින් ප්‍රභාකරන් සිය අවසාන මොහොත ලකුණු කර නොගත් බව සියලු පාර්ශ්ව පිළිගන්නා කාරණයකි. ප්‍රභාකරන්ගේ මරණය හමුදා අතින් සිදුවූවා යෑයි කියන්නා වැනිම ශෝකයක්‌හෝ කේන්තියක්‌”ඔහු සයනයිට්‌නොකා මිය ගියා” යෑයි කී විට දෙමළ වර්ගවාදීන්ට දැනෙන්නේ එම පරස්‌පරය නිසාය. ඒ නිසාම ප්‍රභාකරන්ගේ මරණය හමුදා අතින් සිදු නොවූවක්‌බවට කියා පා ඔහුගේ වීරත්වය තවදුරටත් ශේෂකර ගැනීමේ වුවමනාවක්‌දෙමළ වර්ගවාදීන් පිරිසකට අවශ්‍ය වී තිබෙනවා විය හැකිය. සයිනයිට්‌කා ප්‍රභාකරන් මිය නොගිය බවට පැහැදිලි සාක්‍ෂි ඔහුගේ මරණය වාර්තා කළ ඡායාරූප හා වීඩියෝපටවල මතුපිට ස්‌වභාවයෙන් වුවද කිව හැකිය. කටින් පෙන දමා මිය දෙන සයිනයිට්‌කෑ සාමාන්‍ය පුද්ගලයකුගේ පෙනුමක්‌ප්‍රභාකරන්ගේ මිනියෙන් දිස්‌වී නොවුණි. ප්‍රභාකරන්ගේ මරණය සිදුවිය හැකි යෑයි උපකල්පනය කළ හැකි අනෙක්‌ආකාර ගතහොත්

1. තමන් සතු ග්ලොක්‌පිස්‌තෝලයෙන් ඔහුම වෙඩි තබා ගැනීම.(කරුණා අම්මාන් සහ ඩි.බී.එස්.ජෙයරාජ් පවසන පරිදි)

2. යටත් වීමෙන් පසු හමුදාව විසින් තබන ලද වෙඩිල්ලකින් ඝාතනය වීම.

3. පොරෝ පහරක්‌උදලු පහරක්‌වැනි මුවහත් අවියකින් පහර දීමෙන් මරණයට පත්වීම.

4. හමුදාව විසින් එල්ල කරන ලද ස්‌නයිපර් ප්‍රහාරයකින් මිය යැම.

5. අවසාන මොහොතේ හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමේදී හමුදා වෙඩි තැබීමකින් ඝාතනය වීම.

ලෙස ගත හැකිය.

මින් පළමුවැන්න හැර අන් ආකාරයකින් ප්‍රභාකරන්ගේ මරණය සිදුවීම ඔහු පිළිබඳව තිබූ තිස්‌වසරක වීරත්වය එක්‌මොහොතකින් පුහු වීමට බලපාන්නකි.

මහාචාර්ය රොබට්‌ස්‌ විසින් සිය සාධනය සඳහා ඉදිරිපත් කරන බ්ලැකර්ගේ තර්කය මගින් ප්‍රභාකරන් මිය යා හැකිව තිබූ බවට අනුමාන කළ හැකි.

1. තමන් සතු පිස්‌තෝලයෙන් ඔහුම වෙඩි තබා ගැනීම.

2. පොරෝ පහරකින්. උදලු පහරකින් වැනි මුවහත් අවියකින් ඝාතනය වීම

යන කරුණු දෙකම බැහැර වේ.

ප්‍රභාකරන්ගේ හිසේ තුවාලය ආශ්‍රිතව පිළිස්සුම් තුවාල නොමැතිවීම, හේතුවෙන් ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධව පවතින තවත් මතයක් ඉවතලයි.

ඒ,යටත් වීමෙන් පසුව හමුදාව විසින් තබන ලද වෙඩි උණ්‌ඩයකින් ප්‍රභාකරන් ඝාතනය වීම යන්නය.

මේ පිළිබඳව මහාචාර්ය රොබට්ස් විසින් සිය රචනයේදී,  වෛද්‍ය සුසිරි වීරසේකරගේ නිරීක්‌ෂණ ලබාගෙන ඇති අතර වෛද්‍යවරයා එහිදී පවසා ඇත්තේ මාරක වෙඩි උණ්‌ඩය පිස්‌තෝලයකින් එල්ල කරන ලද්දක්‌නොවන බවට බොහෝ ඉඩකඩ ඇති වා සේම එය ඈත සිට තබන ලද වෙඩිල්ලකින් සිදු වීමට බොහෝ ඉඩකඩක්‌ඇත යන්නය.

රොබට්ස් විසින් සිය ලිපියේදී වැඩි බරක්‌තබනුයේ හා මෙම සංවාදයේදී ඔහු මතුකරන තර්කය  බවට පත්වී ඇත්තේ ප්‍රභාකරන් ස්‌නයිපර් ප්‍රහාරයකින් මිය ගියා යෑයි සැලකීමය. යුද ශිල්පය පිළිබඳව වැඩි අවබෝධයක්‌නොමැති අය වෙත කරුණක්‌අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. එය නම් ප්‍රභාකරන් වෙඩි කා ඇත්තේ ප්‍රභාකරන් වශයෙන් නොවන බවයි. ඈත එපිට මානයක සිට සතුරාට වෙඩි තබන ස්‌නයිපර් යෑයි ඉංගී්‍රසියෙන් හැඳින්වෙන ශූර වෙඩික්‌කාරයන්ගේ වෙඩි ප්‍රහාරවලට පරස්‌පරව කැළෑ අඩවිවල සිදුවන වෙඩි සටන්වලදී “මේ නිලධාරීන් මේ භටයන්” යෑයි හඳුනා ගැනීම් සිදු කරනු වෙනුවට සතුරා නැසීමේ සහජ අරමුණෙන් හොඳ සෙබළු සතුරු දේහ වෙත වෙඩි එල්ල කරති. සතුරා කවුරුදැයි හඳුනා ගැනීමට නතර වීම ස්‌නයිපර් වෙඩික්‌කරුවාගේ ආරක්‌ෂාවට නරක තර්ජනයක්‌වෙයි. එමෙන්ම එය මනා රණ ශූරත්වයට ද පටහැනිය යනුවෙන් රොබර්ට්‌ස්‌සිය සාධකය සඳහා කරුණු දක්‌වා තිබේ.

රොබර්ට්‌ස්‌මෙතැනදී මතු කරනා පළමු කාරණයම සාවද්‍යයය. “ප්‍රභාකරන් වෙඩි කා ඇත්තේ ප්‍රභාකරන් වශයෙන් නොවන බව” ලෙස රොබර්ට්‌ස්‌සඳහන් කරන්නේ ඔහු ඝාතනය වන තෙක්‌ම, ඒ ප්‍රභාකරන් ලෙස හමුදාව තේරුම් නොගෙන සිටි බවය. මානුෂික මෙහෙයුමේ අවසාන දින කිහිපයේදී හමුදාවත් තේරුම් ගෙන තිබූ පැහැදිලි කාරණයක්‌වූයේ ද ප්‍රබල කොටි නායකයන් සියලු දෙනා එකට කන්දිකඩාල් කලපුවට කොටුවී සිටි බවයි. බුද්ධි තොරතුරු අනුව මෙන්ම එම ස්‌ථානයෙන් නිකුත් වන දුරකථන තරංග අනුසාරයෙන් ද හමුදාව ඒ බව දැනගෙන සිටියෝය.

මැයි 17 වන විට නන්දිකඩාල් කළපුව තුළ කණ්‌ඩායම් තුනක්‌ලෙසට එල්. ටී. ටී. ඊ. නායකයන් ස්‌ථාන ගත වී සිටින ලදී. එදින සැන්දෑවේ හය වන විට බානු හා සුසේයි ඇතුළු පිරිස එක්‌වී කණ්‌ඩායමක්‌ලෙසත් පොට්‌ටු අම්මාන් ඇතුළු පිරිස තව කණ්‌ඩායමක්‌ලෙසත් ප්‍රභාකරන් ඇතුළු පිරිස තව කණ්‌ඩායමක්‌ලෙසත් කලපුව අවට ස්‌ථානගතව සිටින බව හමුදාවෙන් හඳුනාගෙන හෝ උපකල්පනය කර තිබුණාහ. ඒ අනුව දහඅටවැනිදා සවස කර්නල් ක්‍රිෂාන්ත ඥානරත්නගේ නායකත්වයෙන් පළමු කොමාන්ඩෝ බලඇණිය හා මේජර් ශ්‍යාමල් ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දෙවැනි කොමාන්ඩෝ බලඇණිය කළපු ප්‍රදේශය වට කරමින් මෙහෙයුමක්‌ක්‍රියාත්මක කළහ.

එල්. ටී. ටී. ඊ. නායකයන් සියලු දෙනාම මෙම ප්‍රදේශයේ කොටු වී සිටිතැයි හමුදාව අපේක්‌ෂා කිරීම නිසා ම “ප්‍රභාකරන් වෙඩි කා ඇත්තේ ප්‍රභාකරන් වශයෙන් නොවේ” යනුවෙන් රොබර්ට්‌ස්‌ඉදිරිපත් කරන මතය සාවද්‍යයය.

අනෙක්‌අතින් මෙම අවසාන මෙහෙයුම පැවැතියේ නිශ්චිත ලෙස මායිම් වී දෙපිළ සිටි අවස්‌ථාවක නොවේ. එය පඳුරු ගහන උස්‌ගස්‌වලින් තොර කළපු ප්‍රදේශයකි. මෙවැනි පරිසරයක්‌තුළ ස්‌නයිපර් බලඇණි රඳවා තැබීමට නොහැකි සේම එවැනි ස්‌නයිපර් බලඇණියක්‌රඳවා නොතිබුණු බවද එම කාලයේ රණබිමේ තොරතුරුවලින් අපට දැන ගන්නට ලැබිණි. නිශ්චිත ලෙසම කිව හැක්‌කේ දෙපිරිසම ආසන්නයේ රැඳී සිටින වටපිටාවක්‌හා පඳුරු සහිත කඩොලාන පරිසරයකදී ස්‌නයිපර් භාවිතය කළ නොහැකි බවය. සතුරන් මිතුරන් හඳුනා ගත නොහැකි තැනකදී ස්‌නයිපර් භාවිතය වාසියකට වඩා පාඩුවක්‌බව අත්දැකීමෙන්ම හමුදාවෝ දනිති. එසේම එම පරිසරයේදී ස්‌නයිපර් භටයන් ස්‌ථානගත කිරීම සඳහා උස්‌ගස්‌හෝ බිම් ද නොතිබුණි.

මේ නිසා ස්‌නයිපර් ප්‍රහාරයකින් ප්‍රභාකරන් මිය යන්නට ඇතැයි යන නිගමනය ද සාවද්‍යයය.

මේ අනුව ප්‍රභාකරන් මිය ගියා යෑයි සැලකීමට තිබෙන්නේ අවසාන මෙහෙයුමේදී හමුදා සෙබළෙකුගේ වෙඩි උණ්‌ඩයකින් බවය. එය තේරුම් ගැනීමට අසීරු සංකීර්ණ තත්ත්වයක්‌ද නොවේ. ප්‍රභාකරන් පමණක්‌නොව අවසාන අවස්‌ථාවේදී මිය ගිය සියලු නායකයන්ගේ ඉරණම තීන්දු වී තිබුණේ එම ක්‍රමයටය.
කරුණා අම්මාන්ගේ සැකයේ පදනම් විරහිතභාවය මෙයින් පැහැදිලි වේ. නමුත් ප්‍රභාකරන්ගේ මරණය සඳහා නව අර්ථකථන අවශ්‍යවන දෙමළ බෙදුම්වාදීන් පිරිසක්‌තවමත් නොසිටිනවා නොවේ. “ඔබට පියාඹන්න නො හැකි නම් දුවන්න. ඔබට දුවන්න නො හැකි නම් ඇවිදින්න. ඔබට ඇවිදින්න නො හැකි නම් බඩගාන්න. කවරක්‌කළත් ඔබ පවත්වා ගත යුත්තේ ඔබේ ඉදිරියට යාමයි.” යන මාටින් ලුතර් කිං ගේ ප්‍රකාශය අනුව, දන ගාමින් හෝ බඩ ගාමින් ඊළාම්වාදයේ දිසාව සඳහා යන පිරිසගේ වුවමනාව සඳහා මෙවැනි සාවද්‍ය අනුමාන මගින් ප්‍රවේශය සපයන බව කිව හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *