ඇදිරි නීතිය පනවා ඇති මොහොතක දහම් සිරිසේන රට දුන් ආදර්ශය ප්‍රශනයක් // මාධ්‍යවේදිනියක් කියයි!!

රට පුරා කොරෝනා වෛරසය පැතිර යාම වැලක්වීමේ අරමුණින් රජය මගින් ජනතාවගේ දුරස්ථ භාවය ඇතිකිරීමේ සදහා ක්‍රියාත්මකඇදිරි නීතිය පනවා ඇති ‌‌අවස්ථාවක හිටපු ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සිය ‌කොළඹ, ‌ක්‍මේබ්‍රිජ් ප්ලේස්හි පිහිටි සුවිසල් නිවෙසේ ඉහළම විවෘත මහලෙහි සාදයක් (Pool Party) පවත්වා ඇති බව වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් ‘සන්‌‌ඩේ ටයිම්ස්’ පුවත්පතේ ‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිනී විජේදාස ‌පොලිසිය ‌වෙත පැමිණිලි ‌කොට තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාල මාධ්‍යවේදිනිය විසින් තම මුහුණු පොත මගින් අදාල සිදුවීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ලබා දී ඇත .තමන් මේ මොහොතේ සිදුකරන්නේ රටේ පොදු ජනතා යහපත වෙනුවෙන් කරන අරගලයක් බවත් ඇදිරි නීතිය පනවා ඇති මොහොතක පොලිස් නිලධාරීන් මාර්ගයේ සිටි මොහොතක සිදුකල අදාල කාර්ය සම්බන්ධයෙන් රජය මගින් නිසි නීතිමය පියවරක් ගතයුතු බව ඇය වැඩි දුරටත් පෙන්වා දෙයි

ඊ‌‌යේ (28) රාත්‍රී ඇරැඹි ‌මෙම සාදය අද අලුයම 2.30 දක්වා පැවැති බව ‌පෙන්වා ‌දෙන මාධ්‍යවේදිනිය, ඇදිරි නීතිය පනවා තිබෙන ‌මෙවන් අවස්ථාවකදී ‌මෙවැනි සාදයක් පැවැත්වීම ප්‍රශ්නාර්ථයක් බවත්, ‌පොලිස් නිලධාරීන් පවා කිසිවක් ‌නොකොට ඒ අවස්ථාවේ මාර්ගයේ රැදී සිටි බවත් සදහන් කරනවා.

මේ සම්බන්ධයෙන් නාමිනී විජේදාස මාධ්‍යවේදිනිය ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් ‌නියෝජ්‍ය පොලිස්පති අජිත් ‌රෝහණ මහතාට දැනුම් දුන් බවත්, එම පණිවුඩය අජිත් ‌රෝහණ මහතා දැක තිබුණද තමන් ලබා දුන් කිසිදු ඇමතුමකට ඒ මහතා පිළීතුරු ‌නොදුන් බවත් ඇය සදහන් ‌කොට ඇත

app-facebook

Namini Wijedasaon Sunday

How did #DahamSirisena have a rooftop pool party at Cambridge Place last night (till past 2.30am today) in the middle of a Covid-19 curfew? Why were police standing in the street below and doing nothing? Why does #AjithRohana Ajith Rohana see my message about this on whatsapp and not anwer me or take my calls? As a journalist, I have a right to ask and get an answer to convey to the public.

Ps: Entrance on Marcus Fernando Mw.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *