මාවනැල්ලේ බුදු පිළිම විනාශ කරුවන් ඇල්ලු තරුණයන්ට උපහාර

මාවනැල්ල ප්‍රාදේශිය සංඝ සභාව හා බෞද්ධ ජනතාව

මාවනැල්ල ඇතුලූ ප්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කරන ලද පුද්ගලයන් පොලිසියට කොටු කර දුන් සිංහල තරුණයන් තිදෙනාට උපහාර පිදිමේ උත්සවයක් හා විශෙෂ අධිෂ්ඨාන පූජාවක් ඊයේ පස්වරුවේ බෞද්ධ ස්වාමින් වහන්සේලා, රාජ්‍ය නිලධාරින්, දේශපාලඥයින් මෙන්ම ජනතාව සහභාගි කරගෙන මාවනැල්ල ඛෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේදි ඊයේ 05 පස්වරුවේ පැවැත්විය.

මෙම අවස්ථාවේ පැවැති අධිෂ්ඨාන පුජාවෙන් පසුව පසුගිය දෙසැම්බර් 26 වැනිදා අලූයම මාවනැල්ල දිදුලවත්ත බුදු පිළිමයට හානි කරන ලද මුස්ලිම් අන්තවාදි යැයි පවසන පුද්ගයන් දෙදෙනාගෙන් එක් අයෙක් අල්ලා ගත් තරුණයන් තිදෙනා වන ඒ.එම්. සෙනරත් බණ්ඩාර, යු.ජි චානක ජයරත්න, කේ.ඒ ගාමිණි සෙනෙරත් බණ්ඩාර යන අයට මෙහිදි උපහාර තිලිණයක් සහ සමරු තිලණයක් ප්‍රධානය සිදු විය. ඒවා ප්‍රධාන කිරිමේ අවස්ථාවේදි මහා සංඝරත්නය විසින් මෙම තරුණයන්ට සමරු තිලිණ ප්‍රධානය කර අතර මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය හා දේශපාලන අධිකාරියේ මහත්වරුන් විසින් තෑගි ප්‍රධාන කිරිම මෙහිදි සිදු විය. එම සමරු තිලිණ හා තෑගි සකස් කර ඒ සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දි තිබුණෙ මාවනැල්ල ප්‍රාදේශිය සංඝ සභාව හා බෞද්ධ ජනතාව විසිනි.

මෙම පිංකම සඳහා මාවනැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුලූ නිලධාරින්ද එක්ව සිටි අතර පිංකම අවසන් වන තෙක් පොලිස් කණ්ඩායමක්ද අදාල ස්ථානයේ ආරක්ෂාවට රඳවා තිඛෙනු දැක ගත හැකි විය. මෙම පිංකමට සහභාගි වු මහා සංඝරත්නයට හා ජනතාවට මෙහිදි සංවිධායක මණ්ඩලය විසින් බෞද්ධයන්ට වැදගත් වන ලිය කියවිල්ලක්ද ඛෙදා දිම සිදු විය. මෙම පිංකම අවසානයේ උපහාර සමරු ඵලක ප්‍රධානය හා තෑගි ප්‍රධානයෙන් පසුව කෙටි අනුශාසනාවන් කිහිපයක් මහා සංඝරත්නය විසින් පැවැත්විය.

එහිදි මහා සංඝරත්නය විසින් බෞද්ධ විරෝධි ආගමික කල්ලි මැඩ පැවැත්විම සඳහා රජයට බල කරන සටහනක්ද නායක ස්වාමින් වහන්සේ හිමිනමක් විසින් මෙහිදි කියවන ලදි. කෙටි අනුශාසනාවක් කරන ලද මාවනැල්ල උතුවන්කන්ද ධර්මදූත විහාරස්ථානයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පුජ්‍ය රන්නේ ඉන්ද්‍රසාර හිමියන් මෙසේ පැවසීය. අපේ ජනාධිපතිතුමා ඇතුලූ රාජ්‍ය නිලධාරින් අද දවසේ විශෙෂ කටයුත්තක් කලා අපේ අති උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිම. අපි එය ඉතා අගය කර යුතුයි. 75 ස් වසරක් අපිට ලැබුණු නිදහසින් පසුව වෙච්ච සුවිශෙෂි සිදු විමක් තමයි මෙ සිදු විම. නමුත් එතනින් එහාට ජාතික උරුමය රැක ගැනිමට අද කතා කරන අපි සිංහලයා අද යාන්තම් හරි අවදි වෙද්දි අන්‍ය ජාතිකයින් සිංහල උරුමයත් සිංහල කමත් ජාතිකත්වයත් බෞද්ධකමත් වනසමින් ඉතා සුක්ෂමසීලිව කටයුතු කරනවා.

සිංහලයාගේ ගහන්න තියෙන හොඳම තැනට දැන් ගහලා අවසන්. සිංහල බෞද්ධකම ගැන කතා කරන්න බයේ හිටපු වේලාවේ ඉහළම තැන එකාගේ ඉදන් පල්ලහයාම තැන ඉන්න එකා දක්වා ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේ තමයි සිංහල බෞද්ධයා අවදි කලේ. උන් වහන්සේ ඝාතනය කලා. ඉන් එහා මෑත කාලයේ ලොකු උත්සායක් ගත්තා මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ උන් වහන්සේට කරන්න ඔනෑ ඉහළම අපහාසයත් වර්තමානයෙත් ඊට පෙරත් හිටපු නායකයන් සිදු කලා. සංඝයා හිනහවට පත් කලා. සිංහලකමට සිංහල ලේ වලට දැනෙන් ඔනෑ මේවා.

ඒවාගේම ගලගොඩවත්තේ ඥාණසාර හාමුසුරුවෝ සම්බන්ධයෙන් විවිධ අදහස් මතභේද අපේ ස්වාමින් වහන්සේලාට හා ඔබටත් මටත් තියෙනවා. නමුත් උන් වහන්සේගේ සමස්ත ජිවිතයම කැප කලේ සිවුර රකින්න ශාසනය රකින්න. සිංහලයා වෙනුවෙන් හඩ නගන්න රට බේරා ගත් විරෝධාර රණ විරුවන් රකින්න ලැබුණු ත්‍යාගය තමයි ස්වාමින් වහන්සේලා සිය ගණනක් හිර කුඩුවේ දමලා ඥාණසාර හාමුදුරුවන් වහන්සේට ඇපත් නැති වෙන්න හිරේ යවපු එක. රාජ්‍ය පාලකයන්ට අපි කියන්නේ මෙක සෙල්ලම් වැඩක් නොවෙයි.

මාවනැල්ලේ දිදුලවත්තේ බුදු පිළිමයට පහර දුන්න ක්‍රම වේදය තුල තිඛෙනවා අති දැවැන්ත කුමන්ත්‍රණයක්. එකට සම්බන්ධයි මෙ රටේ ඉහළ පෙළේ ආගමික නායකයන් කියන එකේ විශ්වාසය අපිට තියෙනවා. දේශපාලඥයින් උත්සාහ කරනවා නම් මෙ සිංහලයාට දැනුනු සිංහලයාගේ හදවත කාවද්දන මෙ අපරාධය සාපරාධි ක්‍රියාව මැඩ ලන්න අපි ඒ ගැන බොහෝම කණගාටු වෙනවා.

ජනාධිපති මැදුරේ ඉදන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය දක්වා ඉන්න පුටු වල හැමෝම යැපෙන්නේ බහුතරයක් සිංහල බෞද්ධයාගේ වත්කමින් කියන එක ඔවුන් අමතක කරන්න හොඳ නැහැ. අන්‍ය ජාතිකයින්ට වෙනම වරප්ප්‍රසාද ඔවුන් ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් පෙනි සිටිනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ අනේ සුළු ජාතිකයින්ට ඒ වරප්ප්‍රසාද ලැඛෙන්න ඔනෑ කියලා.

මහ ජාතිය අමු අමුවේ ඝාතනය කරනවා. මහ ජාතියේ භාෂාව විනාශ කරනවා. මහ ජාතියට අයිති මෙ සම්බුද්ධ ශාසනය අරහත් ධජය කෙලසනවා. එතකොට අපි හැමෝම ජාතිවාදින් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ව්‍යස්ථාවේ තිඛෙන හය වන වගන්තිය නැවත නැවත කියව කියවා රිපිට් කර කර ඉන්න එකද අපේ වැඩේ මෙහෙම ගියොත් අපේ අහිසංක පුංචි දරුවන්ට මේ පුංචි හාමුදුරුවරුන්ට අනාගතයක් නම් නැහැ.

එදා මියන්මාරයේ හාමුදුරුවරුන් කපා කොටා කපද්දි බංගලාදේශයේ හාමුදුරුවන්ට පහර දෙද්දි බුදු පිළිම කඩද්දි අනේ අපොයි කියපු අපි බොහෝම අමාරුවෙන් ඉවසා ගත්තා. හැබැයි අපේ එඩිතර බුද්ධිමත් තරුණයෝ සහ නායකයෝ කිවා උඹලා බලා ගනිල්ලා ස්වාමින් වහන්සේලා කිවා උඹලා බලා ගනින් හෙට අනිද්දාම උඹලාගේ බුද්ධ ප්‍රතිමා ටිකත් විනාශ කරනවා. උඹලාගේ ඛෙල්ලටත් කඩුව තියෙනවා ස්වාමින් වහන්සේගේ සිවුර ගලවලා දමලා කැලි කැලි වලට කපලා දාලා අනාගතය නුදුරේම එනවා කියලා කිවා. කවුරුත් නිහඩයි. පාලයකයොත් නිහඩයි ස්වාමින් වහන්සෙත් නිහඩයි බහුතරයක්.

මෙ භික්ෂුවත් මෙ අරහත් ධජයත් දැන් විවිධ වර්ණ පැහැ ගැන්විලා කොළ පාටයි, නිල් පාටයි, රතු පාටයි බුදු හාමුදුරුවන්ට අපහස කරද්දි නිග්ග්‍රකරද්දි ඒවා දැනෙන්නේ නැති චිවරධාරීන් ඉන්නවා මෙ රටේ කණගාටුවක් මාවනැල්ලේ සිදු විම අපිට ලොකු අනතුරක් කැදවන්නේ. අනතුරක් සිහිපත් කරන්නේ සමාජ දේහයේ තිඛෙනවා විශාල පිළිකාවක් උඹලා ඒ පිළිකාවේ කෙටි සංඥාව හදුනා ගත්තේ නැතිනම් සිදු වන අපරාධය කුමක්ද කියලා අපිටත් හිතා ගන්න අමාරු වෙයි.

ඉතින් මේ වේලාවේ බෞද්ධ ජනයාට දැනුනු මෙ සාපරාධි ක්‍රියාව උත්සාහ කරා යට ගස්සන්න. උත්සාහ කලා ඒ පක්ෂය මෙ පක්ෂය ආදි වශයෙන් තෝරා බේරා යම් ගොඩකට දානAන. ඒ ක්‍රියාව එතනින් නවතින්නට ඉඩ නොදි අපේ සිංහලකමත් බෞද්ධ කමත් ශබ්යත්වයත් සාධාචාරයත් ගෞරවනීය භාවයත් රැකපු උතුම් ශ්‍රේෂ්ඨ මනුෂයන් තුන් දෙනෙක් අද මෙ බෝ මළුවේ සිටිනවා.

ඒ.එම්. සෙනරත් බණ්ඩාර අපිට වීරයෙක්, යු.ජි චානක ජයරත්න අපේ කාලයේ වීරයෙක්, කේ.ඒ ගාමිණි සෙනෙරත් බණ්ඩාර සිංහල බෞදAධ කමේ සංකේතයේ උතුම් වීරයෙක්. මේ තිදෙනා නොසිටින්න අද අපිට මෙ පිළිම විනාශ කරපු තව ඉදිරියට මහ විනාශයක් වෙන්න ගියපු දැවැන්ත ආගමික ත්‍රස්තවාදයක් ගොඩනගන්නට ඇති කරන්නට සංවිධානය කරන්නට ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර අත හිතත් අරගෙන මේ කරන ක්‍රියාව හොයා ගන්නට හැකි වෙන්නේ නැහැ.

ඒ තරුණයෝ මහ රෑ මැද්දේ නිදා ගන්න තියෙන වේලාවේ ශබ්දයක් ඇහෙනකොට අනේ අපේ බුදුහාමුදුරුවන් වහන්සේට අත තියෙනවාද දන්නේ නැහැ කියලා එළියට බැහැපු වේලාවේ ඇස් දෙකෙන් දුටුවා. කරපු සාපරාදි ක්‍රියාව නියම බුද්ධ පුත්‍රයෙක් විදිහට ලැජ්ජා වුනේ නැහැ නිවට වුනේ නැහැ මුහුණ දිලා පපුව ඉදිරියට ගෙනත් ඉදිරිපත් වුනා ඒ සාපරාදි අමනයින් කොටු කරගන්න. අපි දන්නවා ඔවුන්ට විශාල වශයෙන් හානි වුනා කායික වේදනාවන් විදින්නට වුනා නමුත් සොයුරනි අපි ඔබට සපත වෙනවා. ඔබ කලා වු කෘත වේදි උපහාරය බුදු හාමුදුරුවෝ වෙනුවෙන් කරපු කිසි දිනක අපි අමතක කරන්නේ නැහැ කියලා.

ඔබ මේ උත්තරීතර කැප කිරිම නොකරන්නට තවත් එක් දේශපාලන කයිවාරුක් තුළින් විශාල කුමන්ත්‍රණයක් යට ගැසෙන්නට තිබුණා. ඒ නිසා සෙනරත් ගාමින්, චානක, ගාමිණි යන තිදෙනාට මෙ කෘත වේදිතාවය පල කරන්නේ මාවනැල්ලේ විතරක් නොවෙයි. සමස්ත සිංහල බෞද්ධ ජනවාගේ උපහාරය ඔබ පිදුම් ලැබිය යුතුයි. පනස් වසර හතලිස් වසරක් පාර්ලිමේන්තුවේ ඉදන් කකා සිංහල බෞද්ධයන්ගේ සල්ලි ටික සුරා කමින් අරහයට මෙහාට පනිමින් නිවට නියාලූ දේශපාලනය කරන මේ දේශපාලඥයන්ට වඩා ඔබ සිය දහස් ලක්ෂ ගණනකටත් වඩා රටට වැඩක් කරපු ජාතික වීරයන්. ඒ නිසා ජනාධිපතිතුමන්ට අපි අවධාරණයෙන් මතක් කරනවා. ජනාධිපතිතුමනි ඔබ අපි අගය කරනවා බුදු හාමුදුරුවන්ගේ ත්‍රිපිටකය සුරක්ෂා කිරිමට ඉදිරිපත් විම නමුත් ඛෙහෝ අය තම ජාතීන්ට, තම ජාතීයට තමන්ගේ මෙ උතුම් සිංහල මාතෘ භූමියට කොටස් සින්නකරව ලියාගෙන හමාරයි.

ඇතැම් ආගමික කල්ලි වලට අක්කර ගණනින් මෙ බිම කොටු වේලා අවසන්. දිඝවාපීය, සේරුවාවිල, කූරගල, දෙවනගල නිහඩයි ඔවුන්ගේ සංකේත සිද්ධස්ථාන පාට වර්ණ හැම දේම ස්ථාපිත වේලා සිංහලයාට බෞද්ධයාට අද එතනට යන්න බැහැ. දෙවනගල ගැන අපේ ප්‍රදේශයේ තියෙනවා අපි හැමෝම කතා කරනවා අපි හැමෝම ඉදිරිපත් කරනවා පුංචි දේට උද්ඝෝෂණ කරන මේ මෝඩ සිංහලයන් තමන්ට දැනුනේ නැහැ මෙ තමන්ගේ බඩට නොවෙයි යකෝ ගහලා තියෙන්නේ ඔළුට බඩ ගින්නේ හිටියොත් සතියක්වත් ඉන්න හැකියි. ඔළු අප්සට් වුනොත් ජිවිත කාලයම හිටියොත් වැඩක් නැහැ. ඒ නිසා ඔළුට ගහලා තියෙන්නේ අපේ ප්‍රඥණාව ගහලා තියෙන්නේ අපි කාතෘවේදි වෙනවා අපිට මේක මතක් කරලා දිම සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවට.

මුස්ලිම් සහෝදරයන්ටත් කියන්න එක කතාවක් තියෙනවා. අපි පුංචි කාලේ කළු ඇඳගෙන හිටපු කාන්තාවෝ මම දැකලා තිබුණේ නැහැ. මෙ කතාව කියන්න ඔනෑ කවුරුත් කියන්නේ නැහැ. අද විශ්ව විද්‍යාලයක් රෝහලක් බැංකුවක් ගත්තොත් හැම තැනම කළු පාට දැඩිව ගැවසෙනවා එක ලොකු ප්‍රශ්නයක් අපිට ඇයි මෙතෙක් අපි සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකට හිටියා ඔවුන් අතර වෙනසත් තිබුණේ නැහැ. හීනා වේලා කතා කරලා සුහඳව හිටියා.

දැන් පාසල් ජාතික පාසල් වෙනම හැරිලා තියෙනවා. බැංකු හැරිලා තියෙනවා වෙන වෙනම ජාතින්ට ආගමික සිද්ධස්ථාන වෙන් වෙන් වශයෙන් තියෙනවා. මෙවැනි තත්වය ඇති වෙනකෙතාට සහජීවනයක් ගොඩ නගා ගන්න පුළුවන් වෙයිද ?
එක් රටක් නම් එක් ශ්‍රී ලාකීය ජාතියක් නම් එක් නිතීයක් තිබිය යුතුයි. විවාහය සම්බන්ධ වෙනම නිතී, අධිකරණය වෙනම, එතකොට සිංහලයාට හා දෙමළාට මුස්ලිම් අයටත් බෞද්ධයාටත් ක්‍රීස්තියානි අයටත් වෙන් වෙන් නිතී හැදුවොත් මොකද්ද මෙ රටට වෙන්නේ.

සහජීවනය තියෙවිද ? එකමුතුකම තියෙවිද ? ජාතියක් වශයෙන් ගොඩ නැගෙයිද ? ජාත්‍යන්තර විවිධ කුමන්ත්‍රණකාරයින් විශේෂයෙන්ම ඇබ්බලිස්ථානය, පකිස්ථානය, ඉරානය, ඉරාකය, නේපාලය, බංගලාදේශය කියන මේ සියලූ රටවල් බෞද්ධ රටවල් සියට සියක් අද සිවුරක් හෝ සිවුරක පැහැයවත් පෙන්න දෙන්නේ නැහැ. ඒ රටවල් වල බුදු හාමුදුරුවන් වහන්සේගේ වෙසක් කාඩ් එකක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ. තැපැලෙන්වත් යවන්න දෙන්නේ නැහැ. අපේ සිංහල බෞද්ධ අසරණ අම්මලා. ඒ රටට යද්දි කළු පාටින් වහගෙන යන්න ඔනෑ. අනන්ත දුක් විදින්න ඔනෑ ඒ තරම් නිදහසක් තියෙන බෞද්ධ මව් කෙනෙක් වෙලත්.

බුුදු හාමුදුරුවන්ට වැන්දැයි කියන කතාවට එකසිය අටවාරයක් කසාය පහර ගසා දමපු පිරිමි හා කාන්තාවන් මෙ රටට ඇවිත් තියෙනවා. ස්වාමින් වහන්සේලාට මැද පෙරදිග යෑම සිහිනයක් ඇතැම් ස්වාමින් වහන්සේලා අපි අහලා තියෙනවා මහාචාර්ය ස්වාමින්වහන්සේලා ඇතැම් මුස්ලිම් රට වලට ගිහින් ධර්ම දේශණා කරන්නේ කන්ටේනර් පෙට්ටි ඇතුලේ කියලා. ඒ තරම් බයයි. අපි දකින්න.ඔය තත්වය සෝම හාමුදුරුවෝ කියපු විදිහට තව අවුරුදු 15 ක් 20 යද්දි මුස්ලිම් ජාතිකයෙක් මේ රටේ ජනාධිපති අගමැති වෙයි එතකොට උඹලාට හොඳට තේරෙයි දැනුත් උඹලා යන්නේ පක්ෂ පාට බදා ගෙන රට ජාතිය ආගම ගැන උඹලා හිතන්නේ නැහැ. සෝම හාමුදුරුවෝ කියපු දේ අද සැබෑ වෙමින් යනවා. ඒ නිසා පින්වත් අම්මේ තාත්තේ ඔබට අපට හිතන්න ඔනෑ කාරණාවක් තියෙනවා.

අපේ මුස්ලිම් සහෝදර ජනතාවගෙන් අපි කරන එකම ඉල්ලීම තමයි ශ්‍රී ලාකීය මුස්ලිම් ප්‍රජාවත් මේ වේලාවේ නැගිටින් ඔනෑ. ඒ අපිත් එක්ක ගහ ගන්න නොවෙයි. ඔබගේ තිඛෙන සද්ධාවන්ත භක්තිමත් මුස්ලිම් ආගමත් විනාශ කරන ඇතැම් කල්ලි කණ්ඩායම් සමාජයේ ජිවත් වෙනවා. එකට හොඳ සංකේතය මාවනැල්ල බුදු පිළිම වලට සිදු වෙච්ච සිද්ධින්. අපි මුස්ලිම් ජනතාව සමග සුහඳව ඉන්නවා ඇතැම් බඩු බාහිර ආදිය ගන්නෙත් ඔවුන්ගේ කඩ වලින් මෙහෙම ඉන්න අපිට අන්තවාදින් මෙ කටයුත්ත කරානම් ඔබ ඉදිරිපත් වෙන්නට එපා ඔබගේ ජාතීයේ නාමයෙන් ඔවුන් සුදනෝ කරන්න. ඔවුන් සුද්ධ කරන්න ඔවුන් අපේ ජාතියේ නිසා හොරෙක් වුනත් කමක් නැහැ රැකෙයි කියලා හිතන ආකල්පයට එන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *