නව වන සංරක්ෂණ ජෙනරාල් අධිකරණයේ වග උත්තර කරුවෙක්

 සමස්ථ වන සංරක්ෂණ සේවක සංගමය චෝදනා කරයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වශයෙන් පත්කිරීමට සුදුසුකම් ඇති නිලධාරියෙකු වෙනුවට ඉන් පරිභාහිරව අධිකරණයේ වග උත්තර කරුවෙකු වන නිලධාරියෙකු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්තනතුර සදහා පත්කර ගැනීමට වනසංරක්ෂණ විෂය භාර අමාත්‍ය සී බී රත්නායක මහතා කටයුතු කරන බව සමස්ථ වන සංරක්ෂණ සේවක සංගමය චෝදනා කරයි මේ සම්බන්ධයෙන් සේවක සංගමය නව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීමට එරෙහිව කරුණු සොයා බලන ලෙස නීති පතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා සිටී

තම දෙපාර්තමේන්තුවේ මෙම තනතුර සදහා සිටින සුදුසු නිලධාරියා වෙනුවට ඉන් පරිභාහිර පුද්ගලයෙකු පත්කිරීම හරහා සමස්ථ සේවකයන්ගේ විරෝධය පලකරන බවද සංගමය කියා සිටී

ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ

දැනට ශේෂ්ඨාධිකරණයේ විභාගවන SC/FR /286/2017 නඩු අංකය දරණ නඩුවේ වග උත්තර කරුවෙකු වන කේ .එම .ඒ බණ්ඩාර මහතා ගේ පත්කිරීම ස්වභාවික යුක්ති මුලධර්මයට සහ නීත්‍යනුකුල බාවයට පටහැනි බවත් නඩුවේ 51 වන වග උත්තර කරුවෙකු වන කේ .එම .ඒ බණ්ඩාර මහතා කැබිනට් මණ්ඩලය නොමග යවමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් දූරය ලබා දීමට අමාත්‍ය සීබී රත්නායක මහතා කටයුතු කරමින් සිටින බවට වාර්තා වන අතර මෙම නීතිමය කරුණු හිතා මතාම වසන්කරමින් අදාල නිලධාරියා සහ අමාත්‍ය වරයා කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජ වාදී ජනරජයේ ව්‍යවස්ථාව ට සහ මෙරට නීතියට හා අධිකරණයට අපහාස කිරීමක් බවත් පෙන්වා දෙති

කරුණු මෙසේ හෙයින් අදාල නඩුවේ වග උත්තර කරුවෙකු වන කේ .එම .ඒ බණ්ඩාර මහතා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් පත්කිරීම නොකරන ලෙස ඉල්ලා සිටී මේ සම්බන්ධයෙන් කරුණු සහිත සවිස්තරාත්මක ලිපියක් නීතිපති වරයාට ,අමාත්‍ය වරයාට සහ අමාත්‍යංශ ලේකම් වරයට ද කැබිනට් ලේකම් වරයාටද යොමු කර ඇත.

මෙරට ස්වභාවික පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ මුඛයට පත්වන අවධියක නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු පත්කිරීමේදී පවතින නීතිමය තත්වය සලකිලට ගැනීම වැදගත් නොවේද?? එවැනි තනතුරක් සදහා පත්කිරීමේ බධරියා වන අමාත්‍යවරයා වගකීමෙන් කටයුතු කල යුතු නොවේද ?? මෙවැනි පසුම්බිමක ආයතනයේ සමස්ත සේවකයන්ගේ විරෝධය හමුවේ සිදුකරණ පත්කිරීමක් හරහා බලාපොරොත්තු වන ආයතනයේ පැවැත්ම කෙබදු වෙයිද ??රටක සමස්ත වන සම්පත සුරකින ප්‍රධානතම ආයතනය තුල සිදුවන මෙවන් නීතිවිරෝධී පත්කිරීම් හරහා ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාශය පළුදු නොවන්නේද ??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *