රණවිරුවෝ දංගෙඩියට යවන ආරක්ෂක ලේකම් වහා ඉවත්වනු // තුන් හෙළයේ ජන පවුර ව්‍යාපාරය

ආරක්ෂක ලේකම් වරයා දෙමළ ඩයස්පොරවත් සමග

රණවිරුවන් පාවාදෙන ආරක්ෂක ලේකම් වහා ඉල්ලා අස්වෙනු නැතිනම් වහාම ඔහුව තනතුරෙන් ඉවත් කරන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බවත් රට ජාතිය ආරක්ෂා කල රණවිරුවන් දංගෙඩියට යැවීමට වත්මන් ආරක්ෂක ලේකම් වරයා දෙමළ ඩයස්පොරවත් සමග දියත් කරතිබෙන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තම විරෝධය පළකරමින් තුන් හෙළයේ ජන පවුර සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අද දින ගම්පහදී පැවැත්විණ. මෙහිදී අදහස් දැක්වූ තුන් හෙළයේ ජන පවුර ව්‍යාපාරයේ ජාතික සංවිධායක ලලිත් ගුණවර්ධන මහතා

පසුගිය යුධ සමයේදී LTTE සංවිධානය සිදුකල සිද්ධි කොපමණ තියෙනවාද අරන්තලාවේ භික්ෂු ඝාතනය ,දළදා මාළිගාවට බෝම්බ ගැසීම ,කබතිගොල්ලාවේ ප්‍රහාරය ,කොළඹ බෝම්බ පිපිරවීම් සහිත යුගය බොහෝ දෙනාට අමතකව ගොස් තියෙනවා මෙහෙම රටක් ඉස්සරහට යන්න බැහැ රට රැකපු රණවිරුවෝ අමතක කරන්න බැහැ ඔවුන් කරපු මෙහෙය මෙතකැයි කියා කියන්න බැහැ අද ඔවුන්ගේ දරුපවුල් බලන්න කවුරුත් නැහැ මේකට කවුද වග කියන්නේ.අපි පසුගිය කාලය පුරාම රණවිරුවන් වෙනුවෙන් කටයුතු කරපු සංවිධානයක් රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් සදහා අපි සංවිධානයක් විදියට උදව් උපකාර කරනවා.එහෙම උදව් කරන්න කැමති සංවේදී මිනිසුන් විශාල ප්‍රමාණයක් තුන් හෙලේ ජාතික ව්‍යාපාරය සතුව ඉන්නවා.

මෙහිදී අදහස් දැක්වූ තුන් හෙළයේ ජන පවුර ව්‍යාපාරයේ මහා ලේකම් සංජීව සමරසිංහ මහතා

ජාතික ආරක්ෂාව අනතුරේ දමන ප්‍රකාශ කරමින් තිස්වසරක් යුද්ධයේදී අපේරටේ රණ විරුවෝ ලේ මස් හිස් දන්දීලා යුද්ධ කලේ මේරට බේරගන්න එහෙම කරපු රණවිරුවෝ දංගෙඩියට යවන්න ආරක්ෂක ලේකම් කරන්නේ කාගේ වුවමනාවකට ද ඒ රණවිරුවන්ගේ අවශ්‍ය තාවයන් වෙනුවෙන් පෙනී ඉන්න ආරක්ෂක ලේකම්ට කැක්කුමක් නැහැ ඔවුන් දංගෙඩියට යවන්න මේ එන් ජී ඕ කාරයන්ට වුවමනා විදියට කටයුතු කරන්න නායකයන් අපිට අවශ්‍ය නැහැ ,දැන් බලන්න අන්තවාදීන් චෛච්‍ය වලට නැගලා ෆොටෝ ගහනවා තව ටික දවසකින් මේ අය රුවන්වැලි මහා සෑ යට නැගලා ෆොටෝ ගහවි ශ්‍රී මහා බෝධියේ අතුවල එල්ලිලා ෆොටෝ ගහවි එහෙම කරලා නැවතුනොත් ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *