ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය 7 සහ 8 දිනවල // ඉල්ලීම ජවිපෙන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කථාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී නව ඉදිරි දැක්ම සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනවාරී 07සහ 08 යන දිනවලදී සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව ලබන 07 වනදා දහවල් 1.00 සිට සවස 6.30 දක්වාත්, ඉන්පසු දිනයේ (08) දහවල් 1.00 සිට සවස 6.30 දක්වාත් විවාදය පැවැත්වෙනු ඇත.

ඊයේ දහවල් 12.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා, ආණ්ඩුව නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එජාපය නියෝජනය කරමින් ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අජිත් පී.පෙරේරා යන මන්ත්‍රීවරුද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයාද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයාද ඊට එක්වී ඇත.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා තිබූ අතර ඒ අනුව අදාළ විවාදය පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *