මෙරට 10 වෙනි කොරෝනා මරණය සමග රෝගීන් ගණන 1162 දක්වා ඉහළට

මෙරට කොරෝනා වෛරසය නිසා මියගිය 10 වැනි කොරෝනා ආසාධිත මරණය වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 ක් හැවිරිදි කාන්තාවක් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේයකොරෝනා .මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.ඒ අනුව කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1162 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 444 ක් වේ. 695 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *