එජාපයේ ඩීල් කාරයෝ ජනතා හූ හඩ මැද එදා ජනපති දිවුරුමට අනුරාධපුරයට ගියා

සජිත් ඇමරිකාව එංගලන්තය කරන වැඩ ලංකාවේ කරන්න යයි!

සමගි ජන බලවේගයේ වැඩ කිඩ අපි කරන්නේ ඇමරිකාව එංගලන්තය වාගේ රටවල් කරන විදියටයි. ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව එහෙම කරන්නේ නෑ යැයි  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ අද 18 දින දහවල් ඉමදුව නගරයේ පැවැති රැස්වීමක දීය.මෙම රැස්වීම හබරාදුව සමඟි ජන බලවේගයේ සංවිධායක නීතීඥ තාරක නානායක්කාර මහතා විසින් සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ  ද කීය.

අපේ දේශපාලන බලවේගය ලංකාවේ දැනට තිබෙන කිසිදු පක්ෂ හෝ බලවේගවලට වෙනස් වු ජනතාවාදි බලවේගයක්.සමගි ජන බලවේගය හදන්න උපදෙස් දුන්නේ රනිල් වික්‍රමසිංහයි.මට මේ සියල්ල කරගෙන යන්න අවසරය දුන්නා. එහෙම කරලා කඩාකප්පලා කරා. ලංකාව පුරාවටම සෑම ගම්මානයක්ම ආවරණය වන පරිදි සමගි ජන බල වේගයෙන් දැවැන්ත සංවර්ධන සැලැස්මක් මේවන විට සකස්කර ඇති බවත් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ආකාරයට මෙම සංවර්ධන බල වේගය දියත් කරනවා. අපේ සමගි ජන බලවේගයේ ඩීල් එක ආණ්ඩුව සමඟ අපි ගහන්නේ නෑ. අපිත් ඩීල් එකක් ගහලා තියනවා. ඒ ඩීල් එක ගහන්නේ ජනතාව සමගින් මිස රාජපක්ෂ ආණ්ඩුව එක්ක නොවෙයි. එජාප දැනටමත් ඩීල් ගහගා ආණ්ඩුව එක්ක.

රනිල් එක්ක සිටින පිරිස් කිහිප දෙනෙක් වැරදිලාවත් පත් වුව හොත් ඒ දෙන්නා තුන්දෙනා රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිකම් ගන්න දිවිරුම් දෙනවා.ආණ්ඩුවට එක්වෙනවා.

මේ සජිත් හෝ සමගි ජන බලවේගයේ කිවෙක් රනිල් එක්ක හෝ ආණ්ඩුවේ රාජපක්ෂ නන්දසේන එක්ක අපි කිසි විටකත් ඩීල් ගහන්නේ නෑ. මහා ඩිල් කාරයා රනිල් වික්‍රමසිංහයි. ගාල්ලේ ද ඩීල් කාරයෙක් සිටිනවා. ඒ තමයි වජිර අබේවර්ධන.මේ අය ආණ්ඩුව එක්ක ඩීල් ගහලා. ජනතාව පාවා දෙනවා. එජාපක්ෂයේ සියලුම සාමාජික පිරිස්  සිටින්නේ අපි සමඟයි. අපි ආණ්ඩුව පිහිටුවනවා. එය ජනතාවාදි ජනහිතකාමි මානවවාදී ජනතා යුගයක් ඇති කරන්නට සකස් කරන ආණ්ඩුක් වශයෙන් අගෝස්තු පස්වෙනිදා ( 05) අපි ලංකාවේ බලය පිහිටුවනවා.බලය සමගි ජන බලවේගය තුලින් අල්ලනවා.එය ලංකාවේ ජනතාවගේ යුගයයි. ජනතා සංවර්ධනයේ යුගය ඇරබෙන්නේ මේ වසරේ අගෝස්තු පස් වෙනිදායින් පසුවයි.

අපි ලඟ හොරු නෑ සියලුම හොරු සිටින්නේ ආණ්ඩුව සමඟයි.එජාප ඩීල් කාර හොරු ද දැනට ආණ්ඩුව එක්ක ඩීල් ගහලා සමගි ජන බලවේගය තුළ කිසිදු හොරෙක් නෑ. අපි පිරිසිදු ජනතා බලවේගයක් පිරිසිදු ජනතා වාදී බල වේගයක් සහිත ආණ්ඩුවක් පිහිටුවනවා.

එංගලන්තයේ සහ ඇමරිකාවේ ජනතාවට එම රටවල් වල රජයන් විසින් කොරෝනා වෙනුවෙන් සහන ලබා දී තිබුණ ද ලංකාවේ ආණ්ඩුවට එසේ කිරීමට උවමනාවක් නෑ.

අපේ රටේ ආණ්ඩුවේ තක්සේරුව අනුව මේ රටේ පවුලක වටිනාකම රුපියල් 5000.00 යි. ඒක ලබා දුන්නෙත් අපි කර සටනේ ප්‍රතිළුලයක් හැටියට. නමුත් මම කියන්න කැමතියි අගෝස්තු 05 වෙනිදා සමඟි ජන බලවේගයේ රජයක් යටතේ ලංකාවේ සෑම පවුලකටම ආර්ථිකය නැවත සැකසෙන තුරු රුපියල් 20000.00 ක මුදලක් ලබා දෙනවා. ඒ වගේම ඒක ලබා දෙන්නේ පෝලින් වල ඉදලා නොවේ. එංගලන්තයේ ,ඇමරිකාවේ එම  රටවල් වල ජනතාව මුදල් ලබා දුන්නා වගේ ඒ අදාළ චෙක් පත තැපෑලෙන් ලැබීමට සලස්වනවා. අපි එහෙමයි ජනතාවට සහන සලසන්නේ. බංගලිදේශයේ පෞදිගලික ආයතන වල සේවකයින්ට පඩි ගෙව්වේ රජයෙන් මේ කොරෝනා අවස්ථාවේ. නමුත් අපේ පාලකයින්ට ඒ රටවල පාලකයින්ට වගේ ජනතාව ගැන සීතීමට වෙලාවක් නෑ. දැන් මම රුපියල් 20000 දෙනවා කිව්වාම අහවි කොහෙන්ද මේවට සල්ලි කියලා.

අපේ මේ ආණ්ඩුවට ජනතාවට සහන සලසන්න තමයි මුදල් නැත්තේ ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා ක්‍රීඩා පිටි හදන්න, ගල්කිස්ස වෙරලට වැලි පුරවන්න, වැඩි පොලියට අරගෙන අධීවේගී මාර්ග හදන්න සල්ලි තියනවා. අපි අගෝස්තු 05 බලයට පත් වු විගස මේ අනවශ්‍ය ව්‍යාපෘති මදකට නතර කර ජනතාවගේ යහපත ගැන සිතා කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේ දී මට මැතිවරණ දෙකක් තිබුණා. එකක් අපේක්ෂකත්වය ගන්න. අපේක්ෂකත්වය මට ලැබුණේ අවසාන මොහොතේ. දින 31 ක් වගේ තිබුණේ ඒ කාලය තුල රැස්වීම් 154 ක් තැබුවා. ඒ ජනාධිපතිවරණය ක්‍රියාත්මක වුන ආකාරය අද වර්තමාන තත්වයටත් බලපානවා. මම ප්‍රධාන අපේක්ෂකයා වුනත් මට සිරිකොතේ සහය ලැබුණේ නෑ. මට වෙනම කාර්යාලයත් විවෘත්ත කරන්න වුනා මැතිවරණ කටයුතු සදහා. අපිට දුක් කම්කටළු රාශියකට මුහුණ දෙන්න වුනා. එක් පැත්තකින් පොහොට්ටුව ප්‍රතිවාදියා වෙන කොට අපේම අයත් මගේ කකුලෙන් ඇද්දා. අවම වශයෙන් මට දින 60 ක් තිබුණා නම් ප්‍රතිළුලය වෙනස් වෙනවා. ඒ වගේම ඇතුලෙන් කකුලෙන් ඇද්දේ නැතිනම් ප්‍රතිළුලය වෙනස් වෙනවා. මේ සමඟි ජන බලවේගයේ ඩීල් කාරයන් නෑ. ඒකයි අපේ පක්ෂයේ වෙනස. මේ ගාල්ලෙත් ඉන්නවා ඔය ඩීල් කාරයෙක්. වැදිලාවත් ඔය ඩීල් කාරයෙක් ජනග්‍රහණය කලහොත් පස්සෙන්දා පොහොට්ටු ආණ්ඩුවකට එකතු වෙනවා.  ඔය ඩීල් කැප්ටන් ලා ජනාධිපතිවරණය පැරදිලා හු හඩ මැද්දේ අනුරාධපුරයේ දිවුරුම් දෙන්න ගියා. සමඟි ජන බලවේගයේ ඩීල් නෑ. අපිට ඇති එකම ඩීල් එක පොදු ජනතාව සමඟ පමණයි. අපේ කණ්ඩායමේ මහ බැංකු හොරු නෑ, දුෂිතයෝ නෑ, හොරු නෑ. අපි සතුව ඉන්නේ හොද පිරිසිදු කණ්ඩායමක්. අපි අගොස්තු 05 ඒ ජයග්‍රහණය ලබලා සිරිකොතේ වගකීමත් ගන්නවා. ඊට පස්සේ සිරිකොතෝ කුණු ටිකත් ඉවත් කරනවා.

පසුගිය නොවැම්බර් මාසේ වෙනසක් ඇති වුනා. දැන් මම අහන්න කැමතියි වර්තමාන අගමැති තුමා ඉස්සර ඇහුවා වගේ දැන් සනීපද? දැන් කොහොමද කියලා. මේ ආණ්ඩුව මහා ලොකුවට ආවට සහල් මාෆියාවට යට වුනා,මිල පාලනයක් තියා ගන්න බැරි වුනා. හතර දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට ජීවත් වෙන්න අවම වශයෙන් 20000 ක් යනවා. නමුත් අපේ පන්දාහයි. ඒක ගන්නත් වදින්න වෙනවා.

නමුත් ඇමරිකාවේ ඩොනල් ට්‍රම්ප් සහ විපක්ෂය ජනතාවට තෑපෑලෙන් සල්ලි යැව්වා. නමුත් අපේ රටේ පාලකයින්ට එහෙම වුවමනාවක් නෑ. බොරුවට කෑගහනවා 4% ට ණය දෙනවා කියලා. නමුත් ලැබුණ කෙනෙක් නෑ. නමුත් එංගලන්තයේ ජනතාවට එංගලන්තයේ රජය ණය දුන්නා. ඇප වුනේ එංගලන්තයේ රජය.එංගලන්තයේ කෙරෙනවා නම්,බංගලිදේශයේ කෙරෙනවා නම් ඇයි   අපේ අයට එහෙම කරන්න සිතිවිල්ක් නෑ. එහෙම කරන්න කැක්කුමක් නෑ. ඇයි මේක අදක්ෂ ආණ්ඩුවක්. වැඩ බැරි ආණ්ඩුවක්. කයිය ගහන ආණ්ඩුවක් විතරයි. මේක යැයිද සජිත් ප්‍රේමදාස මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *