ශ්‍රීලනිපයේ මහලේකම් දයාසිරි ,නව සංවිධයකයන් සතියකින් පත්කෙරේ

ශ්‍රීලනිප මූලස්ථානය තමාට විරුද්ධව වැඩකරන ප්‍රධාන තැන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අළුයට ගිණි නමින් අප ඉදිරිපත් කල ලිපිය ලිය දිනක් ගතවීමට මත්තෙන් තවත් පුර්ණ වෙනසක් පක්ෂය තුල සිදු කිරෙමට ජනාධිපති වරයාගේ උපදෙසින් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කිරීමයි ඒ මෙතෙක් තාවකාලික මහලේකම් දුරය වෙනුවට ඇතුගල් පුරයට දෙවන වතාවටත් ශ්‍රී ලංකා නෙදහස් පක්ෂයේ මහ ලේකම් දුරය හිමිවීමයි එහි විශේෂත්වය නම් එකම දේශපාලන ප්‍රවහයකින් එකම මැතිවරණයකින් එකම පක්ෂයකින් එකම දිස්ත්‍රික්කයකින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්තීවරුන් දෙදෙනෙකු මෙරට ප්‍රධාන පක්ෂ දෙකෙහි මහ ලේකම් වරුන් වශයෙන් පත්වීම සිදුව ඇත .

ඒ ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වශයෙන් තේරීපත්වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ය.මොවුන් දෙදෙනාම දේශපාලනයේ සමකාලීනයන් වීම සහ එකම පළාතක දේශපාලනය කිරීම තුලින් මෙරට දේශපාලනයේ හැරුම් ලක්ෂය ලෙස වයඹ පළාත පත්වෙනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුධය එසේ විසදුනද ඉදිරියේදී එය තවත් වර්ධනය වීමේ අවධානමකට ලක්ව ඇත.

ඒ අනුව මෙතෙක් පක්‍ෂයේ තාවකාලික මහ ලේකම් ලෙස කටයුතු කරන ලද මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා එම ධුරයෙන් ඉවත් වනු ඇති.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සතියක් ඇතුළත අලුතින් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රීලනිප මූලස්ථානය තමාට විරුද්ධව වැඩකරන ප්‍රධාන තැන බවට පත්ව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා පක්ෂ මූලස්ථානය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන බව සඳහන් කර තිබේ.හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *