බසයේ දමා ගිය රන් භාණ්ඩ හිමිකාරිය අතටම දුන් CTB කොන්දොස්තර

කෑගල්ල සමන් විජය බණ්ඩාර
ලක්ෂ දෙකහමාරක පමණ වටිනාකමක් ඇති රන් භාණ්ඩ කිහිපයක් ලංගම බස් රථයක ආසනයක් යට තිබි එම බස්රථ කොන්දොස්තර විසින් අදාල තරුණ යුවතියට හෙම්මාතගම බස්නැවතුමේදි අද 02 භාර දිමට කටයුතු කර අතර එය බොහෝ දෙනෙකුගේ පැසසුමට මෙන්ම කතා බහට ලක් විය.
හෙම්මාතගම හරංකව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක් වන අයි.එච්. ධනුෂ්කා සංජීවනි අවිවාහක තරුණියගේ මව විදේශ ගතව සේවය කරන අතර ඇය විසින් දියණියගේ රන්භාණ්ඩ බේරා ගැනිමට මුදල් ඒවා ඇත. පසුව ඇය විසින් ජනවාරි 01 වැනිදා එම රන්භාණ්ඩ බැංකුවෙන් නිදහස් කර ගෙන තමන්ගේ යෙහෙළියක හමුවිමට සවස හෙම්මාතගම නගරයේ සිට ගම්පොළ නගරයට ගමන් කරන බස් රථයකින් යමින් සිටියදි ඇය සතුව තිබු රන් භාණ්ඩ අතුරුදහන් වි තිබුණි.
පසුව ඇය ගමන් කරන ලද ගම්පොළ ඩිපෝවට අයත් ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා වන ජි.ජි. අනුර ප්‍රියන්ත කුමාර යන අයට දුරකථන ඇමැතුමක් ලබා දිමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ සවස බස් රථය අතුගා පිරිසිදු කරන විට රන්භාණ්ඩ වැටි තිබුණහොත් දුරකථන ඇමැතුමක් ඇයට ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දි ඇත.


බස් රථයේ අවසන් ගමනාන්තයෙන් පසුව සුපුරුදු ලෙසින් බස්රථය පිරිසිදු කටයුතු කරමින් සිටියදි කොන්දොස්තරවරයාට පොලිතින් කවරයක ඇතුලත දැමු රන්භාණ්ඩ හමුවි ඇති අතර එම රන්භාණ්ඩ හමුවු විගස ඔහු විසින් නැති වු තරුණියට ඒ බව දැනුම් දි ඇත. ඒවා අද දින හෙම්මාතගම බස් නැවතුමේදි 02 වැනි දින උදෑසන තරුණියට ලබා දිමට බස් කොන්දොස්තර අනුර ප්‍රියන්ත මහතා කටයුතු කරන ලදි.


වර්තමානයේ සමාජයෙන් මෙවැනි කටයුතු අසන්නට නොලැඛෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපට අදහස් දැක්වු ගම්පොළ ඩිපෝවේ ලංගම බස් රථ කොන්දොස්තරවර ජි.ජි. අනුර ප්‍රියන්ත කුමාර යන පැවසුයේ තමන් දැනට වසර 13 වැඩි කාලයක් ගම්පොළ හෙම්මාතගම බස් රථයේ කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කරන බවත් මෙලෙස නැති වු භාණ්ඩ සහ මුදල් යනආදිය රැසක් බස් රථයේ තිබි අදාල පුද්ගලයන්ට භාර දිමට කටයුතු කර ඇති බවයි.
රන්භාණ්ඩ නැති වු හෙම්මාතගම හරංකව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක් වන අයි.එච්. ධනුෂ්කා සංජීවනි මෙනවිය අදහස් දක්වමින් පැවසුයේ. අද කාලයේ මෙවැනි දේවල් අසන්න දකින්න නොලැඛෙන බවත් තමන් බැංකුවෙන් බේරා ගත් ලක්ෂ දෙකහමාරකට ආසන්න රන් භාණ්ඩ නැති විමෙන් දැඩි මාන්සික පීඩනයකින් පසු වි සිටි නිසා බස් රථයේ කොන්දොස්තර මාමාගේ ක්‍රියාකලාපය අගය කරන බවද අප වෙත පැවසිය.


කෙසේ වෙතත් එම දිනයේ බස් රථයේ රියදුරා ලෙස ගම්පොළ ඩිපෝවෙහි නිහාල් කැකුලන්දර මහතා කටයුතු කර ඇති බවද අප කර විමසිමකදි කොන්දොස්කර අනුර මහතා පැවසිය. කෙසේ වෙතත් මේ සිදු කරන ලද පුණ්‍ය කටයුත්ත කාගෙත් කතා බහට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *