ලෝක වෙළද පොලේ බොරතෙල් මිළ අඩු වුනාට සහන දෙන්න බැහැ ඇමති බන්දුල කියයි!!

ලෝක වෙළද පොළේ බොරතෙල් මිළ විශාල වශයෙන් අඩුවී ඇති සමයක වත්මන් රජය එම සහනය ජනතාවට ලබා නොදීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය චෝදනා කරන අතර ඉන්ධන මිළ අඩු කිරීම මෙම අවස්ථාවේ සිදු කල නොහැකි බවත් ඉන්ධන මිල අඩුකිරීම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

වත්මන් රජය බලයට ආ පසු ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකළ බැවින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල අලාභයක් සිදුව ඇතැයි කී ඇමතිවරයා එම අලාභය ආවරණය වන තුරු ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට දිය නොහැකි බව ද සඳහන් කළේය.

තෙල් මිල අඩුවීම තුළින් එම අලාභය ආවරණය කරගැනීමට බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා එය ආවරණය වූ පසු මිල අඩුවීමේ පූර්ණ ලාභය ජනතාවට ලබාදෙන බව ද කියා සිටියේය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවය ලැබෙන්නේ කවදාද? යනුවෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *