ඔටුනු අහිමි ඔටුනු පල නෙලනා තෙත් බිම වල සරණා කිරල කිරිල්ලියෝ

ඔටුනු අහිමි ඔටුනු පල නෙලනා තෙත් බිම වල සරණා කිරල කිරිල්ලියෝ සොයා ගිය ගමන අගනේය.කිරල ගහේ හෙවනට වීලා..,ගලන දොලෙන් ඇග සෝදාලා,කිරල ගහේ හෙවනට වීලා ,නෙළුම් කොලේ එතන තියාලා…ටිකිරි මැනිකෙ ඇඹුල බෙදනවා යන ගීතය හදවතේ නින්නාද කරවන්නට සමත් වු මේ කිරල කතාව සත්තකින්ම අගනේය.

පල ගෙඩි පිළිබඳව කතා කිරීමේ දී පලතුරු ලෝකයේ ඔටුනු හිස මත දරා ඇති ගෙඩිය වන්නේ කිරලය. ඒ නිසා ඔටුනු පලන් නැතහොත් කිරුල දරාසිටින පලතුර කිරල බව පතපොතෙහි හා ජනසාහිත්‍යයේ සඳහන් වේ.

වගුරු බිම්වල වැවෙන කිරල ශාකය පලතුරක් වශයෙන් ඉතා රසවත් මිහිරි පෝෂණයෙන් හෙබ් පලතුරකි.අමුවෙන් ද ආහාරයට ගතහැකි මෙම කිරල පලතුරු රසවත් ආකාරයට සකස් කරගත් විට රසමරස පානයකි.මේ රසවත් ගුදායි පෝෂණිය කිරල විවිධ රෝග සඳහා ඔසුවක් වශයෙන්ද ප‍්‍රයෝජනවත්ය දේශිය වෙදහෙදකමටද ගැමියනගේ මිහිරි රසවත් ආහාරයක් වශයෙන්ද අගනා ආහාරයකි.

නමුත් කිරල රසවත් වුවත්,ගුණවත් වුද කිරල ළුල නෙලනා අපේ කාලයේ කිරල කිරිලියනගේ කතාන්දරය එතරම් සුන්දර නොවේ.මෙම කිරල කිරිල්ලියනගේ කරල පැහෙන්ට නම් කිරල වගාව ආරක්ෂා කරගත යුතුය.

නමුත් අද මහා පරිමානයෙන් වගුරු බිම් ගොඩ කිරීම හා විනාශ කිරීම් නිසා කිරල කිරිල්ලියනටද කිරුල හිස මත දරාසිටින කිරල වලටද සිදුව අත්තේ කිරුල බිම තබා පල්ලම් බසින්නටය.මේ නිසා ලංකාවේ පහත්බිමවල පිහිට වගුරුබිම් ආරක්ෂා කරන්නට වගකිව යුත් ඇත්තෝ කටයුතු කරන්නේ නම් වැදගත්ය.

කිරල  ශාකය වෙරලබඩ තීරයේ කඩොලාන පරිසරයේ දකින්න හැකි ශාකයකි.කිරල රසවත් පලතුරක් ද වේ.මෙය රැක ගිනිම සත්තකින්ම තවත් නිහඩව රජකම් කරන රජකම නොයිල්ලන රජකමට යැවිය හැකි ජනතාවක් ජීවත් කරවන පලතුරක් සේ දැක්විය හැකිය.

පිටත පොත්ත ඉවත් කරල මදය සූරා  එයට පොල් කිරි කෝප්පයක් ලුනු සීනි රස පදමට දමා බ්ලෙන්ඩර් කරල බීමක් ලෙස සකස් ගතහැකි බීම වර්ගයකි.ගාල්ල මාතර හික්කඩුව ප්‍රදේශ වල සංචාරය කරන අයටනම් නම් කිරල වැල් වගේ හදල පාර අයිනේ තියල විකුනනව දැකිය හැකිය.

කිරල රසවත් පලතුරකි.හැබැයි ටිකක් උශනයි.රසය දිවුල් කිරි රසයට සමානවේ.කිරල උශ්න නිසා බීම හදද්දි පොල් කිරි යොදා ගන්නා බැව් දකුනු පලාතේ කිරල නිෂ්පාදන නිපැයුම් කරන කරල කිරිල්ලියෝ කුරුල්ලෝ පෙන්වා දෙති.කිරල හරිම ගුණදායී පලතුරකි.විටමින් C අධික පලතුරක් වේ.හම ලස්සනට නිරෝගී ව තියාගන්න,හිස කෙස් වල නිරෝගී බවට ,වකුගඩු රෝග වලට ත් ගුණදායකය.ඒ වගේම කිරල මුල් වේලල ඒ මුල් වලින් කිරල ඇබ නිෂ්පාදනය කරනව වීදුරු බෝතල් වලට සවි කරන්න හැකිය. එය අතිතයේ ජාඩියට මූඩිය මෙන් ලංකාවේ සකස් කල ගැමි කර්මාන්තයක් විය.එහෙනම් දකුණු පලාතෙ සංචාරය කරොත් කිරල වීදුරුවක් බොන්න අමතක කරන්න නැතව මේ කිරල ගෙඩි එක්ක ජීවත්වන මිනිසුන්ගේ කතාන්දරය දැනගගතහොත් වටනේය.

ගාලු පාරේ බලපිටිය,අම්බලන්ගොඩ පාස් කරල ගිංතොට ඉඳන් ගාල්ල පැත්තට එනකොට දකින සුලභ දසුනක් කිරල බොමු, කිරල ජූස් විකුණන තැන් වගේම කිරල වැල් දැකිය හැකිය.කිරල වැලක් 100.00 ක් පමණ වෙන බව කියන්නට කැමැතියි.ඉදුණු කිරල ගෙඩි 10ක් -12ක් මෙහි දැකිය හැකිය.

මෙයට අමතරව, කිරල ඇබය යොදාගෙන කළ,විවිධ නිර්මාණ මේ වන විට ලෝකයේ ම ප්‍රචලිත වී තිබෙනවා. මේ මල් බඳුන ඉන් එකක්.මේ සඳහා,කිරල ඇබ 15 කට වැඩි සංඛ්‍යාවක් අවශ්‍යයි. මේ සඳහා මුලින්ම,අපි කැමැති හැඩයකින් යුතු වතුර වීදුරුවක් හෝ ඒ හා ආසන්න බඳුනක් යොදා ගත හැකියි. එය වීදුරු බඳුනක් වුව‍හොත්, නිර්මාණය වඩාත් අලංකාර කර ගන්තත් හැකියි.

මුලින්ම කරන්න තියෙන්නේ,තෝරාගත් බඳුන වටා හොඳින් ඇලවෙන ගම් වර්ගයක් යොදාගෙන,කිරල ඇබ එකින් එක අලවා ගැනීමයි. දැන් ඔබ කැමැති මල් හෝ ගෙඩි වර්ගයක් පුරවලා,මල් බඳුන අලංකාරවත් කර ගන් හැකියාවක් ඇත.මේ නිර්මාණය ආකර්ෂණීය පෙනුමක් තිබෙන නිර්මාණයක් නිසා, ඕනෑම‍ කෙනෙක් කැමැත්ක් දැක්වන බව පෙන්වා දිය හැකිය.

සත්තකින්ම කිරල කියන්නේ කඩොලාන පරිසරයේ දැකිය හැකි වැදගත් ශාක අතරින් එකක්. ගං මෝය කලපු ආශ්‍රිත මිරිදිය හා කරදිය මිශ්‍ර කිවුල් දිය පරිසරයක් තුළ කිරල ගස් වැඩෙන්නේ. කිරල ගසක් 5 – 15m විතර උසට වැඩෙන අතර කඳ බැලුම් සහිතයි. කඳෙන් පොතු ගැලවී ඉවත් වීම සිදු වනු දැකිය හැකිය. මේවායේ මුල් මගින් පොළවෙන් උඩට කේතු හැඩයට වැඩෙන වායුධර මුල් ඇතිවේ.කිරල ඇබ සෑදීම සඳහා භාවිතා වන්නේ මෙම සවිවර මුල්ය. කිරලා පත්‍ර රවුම් හැඩයේ සිට ඕවලාකාර හැඩය දක්වා විවිධාකාරයි සමහරක් පත්‍ර අග මදක් දෙකට බෙදී ඇත.ලපටි පත්‍රවල අග රතු පැහැති පැල්ලමක් දැකිය හැකියි. ශාක පත්‍රය ඝනකම් වන අතර ඉටි ස්තරයකින් ආවරණය වී තිබේ.එමගින් පත්‍ර තුළ ජලය සංචිත කර ගැනීමට පහසු වේ.ජලය පිට වීම ද අඩු කරනවා. කිරල මල් ඇති වන්නේ තනිවම හෝ පොකුරක් ආකාරයටයි. මල ප්‍රමාණයෙන් විශාලයි. මලේ විෂ්කම්භය 10cm දක්වා විය හැකි අතර මළ කොළ පැහැති මනිපත්‍ර 4 – 7ක් දැකිය හැකි‍යි. පෙති ප්‍රමාණයෙන් කුඩා වන අතර රතු පැහැතිය. රේණු ප්‍රමාණයක් තිබේ.සන්ධ්‍යා කාලයේදී මල් පිපෙන අතර මල් වල තිබෙන්නේ පරණ වූ කිරිවලින් ඇතිවන ගන්ධයට සමාන ගන්ධයකි. සවස පිපෙන මල් උදේ වනවිට පරවී යයි.

කිරල ගෙඩිය මුදුනේ මනිපත්‍ර හතරක් හතක් දැකිය හැකි අතර ඒවා තරුවක ආකාරයට ගෙඩිය උඩින් මුදුනෙහි ඉතිරිවී තිබේ.මෙම කිරල ගෙඩි ඉදුණු පසු ගසින් වැටීම සිදු වේ. අමු කාලයේදී කොළ පාට තද ගතියකින් යුතු මෙම ගෙඩි ඉදුණු පසු ලා කොළ පැහැති වන අතර මොළොක් ද වනවා එයට ආවේනික සුවඳක් තිබේ. කිරල ගෙඩි ඉදුණු පසු දවසක් පවා එළිමහනේ තියා ගැනීම අපහසුයි. පලතුරු මැසි කීටයන්ගෙන් පහසුවෙන් හානි පැමිණෙන නිසා ගෙඩි වැටුණු පසු ඉක්මනින් අහුලා ගත යුතුයි. ගෙඩි ආහාරයට ගැනීමට පෙර අලුත් ගෙඩි දැයි විපරම් කර ආහාරයට ගත යුතුයි. අමු කිරල ගෙඩි එළවළුවක් ලෙස යොදාගත හැකි අතර ඉදුණු ගෙඩි පලතුරක් ලෙස යොදා ගත හැකි ලංකාවේ වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ කිරල බීම වුවත් ඉදුණු ගෙඩි පලතුරු ලෙස ආහාරයට ගනී.

කිරල දලු පලාවක් ලෙස යොදාගත හැකි අතර කොළ කැඳ සෑදීමට කිරල පත්‍ර යොදාගත හැකිය. කිරල පොතු,කොළ,ගෙඩි ආයුර්වේදයේදී හා දේශීය වෛද්‍ය විද්‍යාවේදී ඖෂධ සඳහා යොදා ගැනෙනවා.පැසුණු ගෙඩි ඉස්ම ලේ ගැලීම නැවැත්වීමට ගන්නා අතර බාගයට ඉදුණු ගෙඩි කැස්සට ඖෂධ ලෙස යොදා ගත හැකිය. මුත්‍රා රෝග හා මුත්‍රා සමඟ ලේ පිට වීමට කිරල මල් මගින් ප්‍රතිකාර කරයි.අතීසාරය හමේ රෝග හා සන්ධි රෝග සඳහාද කිරල ගුණදායකයි කිරලා සතුව ප්‍රතික්ෂුද්‍රජීවී හා ප්‍රතිඔක්සිකාරක ගුණයන් ද තිබෙන බව කිරල කඩන ඒ කර්මාන්තයෙන් ජීවත්වන ගැමියෝ අපට පැවසුහ.

කෙසේ නමුත්,සමහරු නිදි කිරනවාය.අනුන්ට සීනි කිරන්න යනවා කියා ගැමියෝ කියන කතාන්දරයක්ද තිබේ.කිරා බුදිද බන්,කිරුම් මිනුම් ගැන අපි දනිමු. හොරට කිරන මනින අයට කිරුම් මිනිම් අධිකාරයෙන් නඩුවරනු ඇත.කිරලා යනු රාත‍්‍රීයේ පියාසර කරන නිශාචර පක්ෂියෙකි. මෙම පක්ෂියා රාත‍්‍රීයේ මුරකරුවා යැයි ද,ගම්හු කියති. කිරල ගස් අතර,වගුරු බිමවල වාසය කරන කිරලා,රාත‍්‍රීයේ යම් අවදානමක් ඇතිවන අවස්ථාවක ඒ අයට යම් සංඥාවක් ලැබේ. ක්ෂණිකව,ඒ අයට මනා සංවේදී සත්වයෙකි. පොළවේ සිදුවන ගහකොල අතරේ සිදුවන දෑ රාත‍්‍රීයේ දකින්ට හැති ඉතා තියුණු කන් හා ඇස් සහිත පක්ෂියෙකි.හොරකමේ යන පිරිසටනම් කරලා හතුරෙකි.නමුත් කරලා අහිංසක සත්වයෙකි.නමුත් කිරලා නිතරම හිතන්නේ දැන් අනතුරක් සිදු වෙතැයි යන්න හිතමිණි.මහත් සැකයෙනි.නිරතුරුවම පරික්ෂාවෙන් සිටින ආරක්ෂිත කරුල්ලෙකි කිරලා.

නමුත්. අහස කඩා වැටේ යැයි සිතා කිරලා ගස්වල හා මහපොලවේ සිටන විට නිදියන විට දෙපා අහසට දිගුකරගෙන නිදියන බව කිරල කඩන ජනතාව කියති. එය ගැමියනගේ මතයකි.

කිරල කුරුල්ලෝ මෙන්ම කිරල කිරිල්ලියෝද අපේ රටේ දැකිය හැකිය. වගුරුබිම් ආශ‍්‍රිතව ජිවත් මිනිසුන් තම ප‍්‍රධාන රැකියාවක් වශයෙන් සිදුකරන්නේ කිරල කඩා වෙළෙඳ පොළට රැගෙන ගොස් විකුණා මුදල් සරකර ගැනීමයි.සෙවිමයි.සමහරු නිවෙස්වලට හා නගරයේ කාර්යාලවලටද ගොස් විකුණුම් කරති. පිරිසිදු ඉරටුවක අමුනන ලද කිරල ගෙඩි පහක හයක මිල රුපියල් පනහක් වේ. රසට සකස් කළ පිරිසිදු කිරල කෝප්පයක් රුපියල් විස්ය විසිපහට තිහටද දැකිය හැකිය.

ලක්වැසියේ මෙන්ම විදේශිකයෝද කිරල පානයට කැමැත්තක් දක්වති. මෙම කිරල පානය යම් නව වෙළෙඳ සැලකමෙන් තේ කඩමෙන් භාවිතාවන ආකාරය ගාල්ල, හබරාදුව,අහංගම ගාල්ල,හික්කඩුව ආදි ප‍්‍රදේශවල ගාල්ල මාතර මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුට දැකිය හැකිය.

මේ සඳහා සුන්දර කිරල කිරිලියන් සේවයේ යොදවා තේ බොමු, කිරි බොමු, රා බොමු ආකාරය ඇති වෙළෙද සැල් මෙන් යම් කාසි ආකාරයට මේ කිරල පානය කරන ස්ථානවලට යම් වෙනසක් රිද්මයක් නවමු ආකාරයට පවත්වාගෙන යනනට හැකිනම්, කිරල කඩන කිරල පානය පවත්වාගෙන යන වෙළෙන්දන්ගේ කරල පැහෙනු ඇත.දේහිය දේ අගයන ආන්ඩුවක් පත් කල ජනතාව ඒ සඳහා සවියක් ආන්ඩුවෙන් දෙන්නේ නම් කිරල නිසා ඒ ජනකොටස්වල කරල පැසෙනු ඇත.නමුත් අපගේ අවාසනාවට මේ ආකාරයේ නවමු කටයුත්තකට දිරියක් ශක්තියක් දෙන්නට ගමෙන් රටෙත් කෙනෙක් නැති බව කිරල පලතුරු කඩන ජනතාවගේ කතාන්දරයයි.

ගම් මට්ටමින් ද නගරයේ පදික වේදිකාවල සිටින ගමේ එළවලූ පලතුරු විකුණන ස්ථානවලි දැකිය හැකි කිරල වෙළෙන්දියන් කිරල කඩා සොදා පිරිසිදු කරගත් ඉරටුවල අමුනා කිරල වෙළෙඳ පොලට ගෙනියති. එවිට එය කිරල කරවල් වනු ඇති. පහ, හත දහය වශයෙන් කිරල ගෙඩි ඉරටුවල අමුණා වෙළෙඳ සැලට යැවෙන ඇන.

කිරල කිරිලියන් කී විගසම අපට මතකයට එන්නේ රුවැති මුහුණු සහිත.රුවැත්තියන්ය. අපේ කාතාවේ එන මේ කිරල කිරිල්ලියෝ මිනිසුනට නොදෙවනි වැඩ කිඩ ශිල්ප දක්වන සම්මතයෙන් එහා හිතන පතන ජිවත්වනන්ට වෙර වීරිය දරණ දිරිය කිරල කිරිල්ලියෝමය.කැත්ත,පිහිය,වලල්ල,නිය වලල්ල ඇතුව නැතුව කිරල ගස් අතු පතර ඇවිදින කිරල කිරිල්ලියෝ ගස් වලබඩ ගාන්නේ කල පුරුද්ද,දැකපුරුද,පලපුරුද්ද නැතිනම්, සංසාරගත පුරුද්දැයි හිතේ. ඒ තරමට මේ කිරල කිරිල්යෝ තටු නොමැති වුවද ගස් අතර ගසින් ගසට පනිමින් කිරල කඩන දසුන අපට නම් සුන්දරය. පය ලිස්සා ගියහොත් ඔවුනගේ ජිවිත අවදානමේය. ඒ සඳහා කිසිදු රක්ෂණයක් නැත.ගොඩබිමි මෙන්ම ගස්වලද කස්තිරම් ගසන අපේ කාලයේ කිරල කිරිල්ලියෝ ජලයේද ගැඹුරු දියෙහිද ඔරු,පාරු,බෝට්ටු පදවාගෙන කිරල කඩන්නට දියඹට තම යාත‍්‍රාවෝ පදවති.

දියෙහි කරක්වට දියේ බැස මළුවලට කඩා ගත් ගෝනිවලට දමා ගත් කිරල දියබේ කර තියාගෙන එන්නේ දිය කිඳුරියන් මෙන්ය. කිරල කැලෑවේ ඇවිදින මේ කිරල කිරිල්ලියෝ මහ වනාන්තරයේ ඇවිද පලතුරු නෙලන්නට ගිය සම්බුලා කුමරිය සිහිපත් කරනේය. ඇය ද පලවැල කඩන්නට යන දසුන අප මතකයට එක් කරන්නේ මේ අපේ කාලයේ කිරල කිරිල්ලියන් ගැන අසනා දැකිනා විටකදීය.

හම්බන්තොට,ගාල්ලේ,හබරාදුව,පොල්හේන.උනවටුන, එරමුදු ගහහංදිය,තිත්තගල්ල, කොග්ගල , මාදුගංගාව, ගොවියාපාන, අම්බලන්ගොඩ,හික්කුඩුවද ආදි ප‍්‍රදේශවල ජිවත්වන මේ කිරල කිරිල්ලියෝ කුරුල්ලෝද ඉතාම අසරණව ජිවත් වේ.

යු.එස් සිසිල් නෝනා, ඞී. ජයවති. කුමාරරත්න කොග්ගල , ගොවියාපාන සිරිමල්,ගාල්ලේ එස් සිරියලතා, වතවනගේ කුසුමාවතී, සිරිපාල ද සිල්වා,ඞී.ඒ අමරලතා ආදි පිරිස් මේ ආකාරයට පවසන්නේ තම ව්‍යාපාරය දියුණු කර ගන්නට යම් සහයෝගයක් ලබාදෙනු මෙන්ය. සත්තකිම් මේ කර්මාන්තය ආරක්ෂා කිරීම යනු සිරිලක දේ සිරිපැප දෙන ලංකාදීපයේම දියුණු කළ හැකි පානයකි.

මතට තිත තබා කුඩු ගංජා කේරල දක්වාම පාතාලය ද සුද්ධ කරන බලධාරින් මේ වගුරුබිමි ආරක්සා කරන්නට පියවර ගත යුතුය. එවිට කිරල ආදි ජලජ ශාඛයෝද ආරක්සාවේ. එහි පලගෙඩි කරල්, ද ජීවි අජීවි පරිසරයද ආරක්සා වේ. මතට තිත තබන අතරේ කිරල පලතුරට වලට අත තැබුව හොත් කිරල පලතුරු කඩන මිනිසුනගේ කරල පැහෙනු ඇත.සෞභ්‍යාගයේ  ඇත්තම කතාන්දරය සමාජයේ ලංකා ආර්ථිකයේ ජනගත කර ගත හැක්කේ අන්න ඒ දිනයට බව නම් කිරල පානයක් රස විදිමින්  සඳහන් කරන්නට කැමැතිය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *