සතියේ දකුණේ කේලම් මල්ල // ගාල්ලේ සුනෙත් අප්පුහාමි

හබරාදුවේ සාදය මාරයි! සමහර මන්ත්‍රිවරුන්ගේ බෙල්ල සාක්කුවේ හතර ඝාතේ අනේ කාලේ වනේ වාසේ කීවාලු…

ඇමති ගයන්ත කරුණාතිලක මහතා හබරාදුවට ආවේ පසුගිය 11වන දා හිමිදිරි පාන්දරයි. ඒ ඒ හබරාදුව සභාවේ මන්ත්‍රිවරයකුගේ හොටලයක් වීවෘත කරන්ටය. මෙම අවස්ථාවට හබරාදුව එජාප සංවිධායක තාරක නානායක්කාර මහතා ද එක් වු අතර පාර්ලිමේන්තුව අද 10.00ට තියනවා කියමින් ආරක්ෂකයන්ද කැටුව උදේ ආහාර හෝටලයෙන්ම අරගෙන ආගමික අශිර්වාදද ලබාගෙන කොළඹ ගියේ ය.

තාරක නානායක්කාර මහතා මහජන දිනයට හා තවත් උත්සව අවස්ථා රැසකටම  ගිය අතර, හබරාදුව සභා මන්ත්‍රිවරු පිරිසක් දහවල පැවති බෝජන සංග්‍රහයේ දී රතු කට්ට පනින්නට සප්පායම් වී සිටියෝ ය . මෙහිදි හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ (පොහොට්ටුව පක්ෂය) මහතා සියල්ලෝම පක්ෂ බේදයකින් තොරව ගෙවල්වල යවා සෝඩා පමණක් බොමින් සියල්ම ආරක්ෂා කළේ දුර යන තරුණ දේශපාලඥයෙකුගේ ගති ගුණ පෙන්වමිනි. පසුව සභාවේ නිල කැබ්එක ගෙන්වාගෙන සභාපතිවරයා හබරාදුව නගරය හරහා නිවෙස වෙත යනු දැකිය හැකි වුහ.

දකුණු පළාත් මහ ඇමති හිතුමතේට මිතුරන්ට ඥාතින්ට ඩෙණ්ඩර්වලින් තොරව ව්‍යාපෘති දෙයි මහා බරපතල අනාවරණයක් මෙන්න.

දකුණු පළාත් මහ ඇමති දකුණු පළාතේ ජනතාවගේ දේපල සම්පත් අයිතිවාසිකමි හා ගරුත්වය අවභාවිතා කරනවා. අයතු ආකාරයට ජනතාවගේ මුදල් සම්පත් ප්‍ර යෝජනයටගෙන ජනතාවට දැවැන්ත අසාධාරණයක් කිරනවා මේ නිසා මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන මෙන් එජනිස දකුණු පළාත් සභා මනත්‍රි චන්න ශ්‍රි සාලිය මහතා කීවේය.

අයියේ අයිට කියන්න මාර හොරකමක් මේක…මම මහ ඇමතිට ගේම දෙනවා….

පළාත් සභාවේ සියලුම කොන්ත්‍රාත් එකක් කිසිදු කිරි කිතයක් නොමැතිව ටෙණ්ඩර් පටිපාටියෙන් වෙනස්ව තම හිතවතුන්ට තම ඥාතින්ට ඩෙණ්ඩර් දමන්නේ නැතුව කැදවන්නේ නැතුව හිතුමතේට සංවර්ධන වැඩ කොන්ත්‍රාත් දෙනවා. මේය මහා අපරාධයක් විනාශයක් අසාධරනයක් පුවත්පත් දැන්වීම් හෝ දමන්නේ නෑ.මේ මහා හොරකම වැරදි වැඩේ කියන්න කෙනෙක් නෑ. පත්තරයක පුවත් පතක  ගුවන් විදුලියක රුපවහිනියක දමන්නේ නෑ. සියලුම දෙනාට මුදල් දිලා වසා තියනවා. එතුමාම පිලිගත්තා මම ටෙන්ඩර් පටිපිටියට උල්ලංඝනය කරමින් මේ ආකාරයට ඩෙණ්ඩර් දෙනවාය කියලා. පළාත් සභාවේ මම මේ ගැන විමසීමක් කළා. මහ ඇමතිතුමා කරන්න දෙයක් නැතව එය පිලි ගත්තා.

මේවා මාධ්‍ය වලින් පළ වෙන්නේ නෑ. ඇයි මාධ්‍යවේන්ට මුදල් අරක්කු පරිගණකලැප්ටෝප් දීලා

මේවා මාධ්‍ය වලින් පළ වෙන්නේ නෑ. ඇයි මාධ්‍යවේන්ට මුදල් අරක්කු , පරිගණක, ලැප්ටෝප් දීලා දකුණු පළාත් සභාවේ කිසිදු වැරුද්දක් මාධ්‍යවල පල වන්නේ නෑ. මාධ්‍යවේන්ට සංතෝශම් දීලා. තමාට හිතවත් මාධ්‍යවේදීන්  කොටසක් තොරාගෙන දකුණු පළාත් ජනතාවගේ බදු මුදලින් ලැප්ටෝප් 15ක් විතර දීලා තියනවා. හිතිවත් මාධ්‍යෙව්දින්ට  තමාගේ වැරදි ලියන්න එපා කීයලා අරක්කු පාටියක්ද දිලා. මේයා මේවා දෙන්නේ එයාගේ පොකැට්ටුවෙන් නෙවෙයි ජනතාවගේ සල්ලි බදු මුදල්වලින් මේ මහා අසාධාරණය කියන්න ලියන්න දකින්න කෙනෙක් නැ.  මාද්‍යයක් නෑ සියලුලම සල්ලි දීලා නතර කරගෙන කෝ මාධ්‍ය නිදහස ?

ඇමති කබීර් විසින් විවෘත්ත කරන ලද බටදුවේ සමරු ළුලකය පසුදා උදෑසන වන විටම කඩා දමා යි!

ඇමති කබීර් පසුගිය ඉරිදා ගාල්ලට පැමිණ තිබුණේ මහා මාර්ග හා මාර්ග සංවර්ධන අධිකාරියේ මඟ නැඟුම හා ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග පුනරුත්තාපනය කිරීමේ ජාතික වැඩ සටහනේ රුපියල් ලක්ෂ 2400ක වියදමින් අක්මීමන ආසනයේ ඉදිරිකරන ලද මාර්ග හා පාලම් කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම සඳහාය. මන්ත්‍රී විජේපාල ගේ ආරාධනාවක් අනුව පැමිණි ඇමති කබීර් ස්ථාන කිහිපයක දීම මෙම විවෘර්ත කිරීම් සදහා එක්විය. මෙහි බටදුව ප්‍ර දේශයේ විවෘර්ත කිරීම් සංවිධානය කර තිබුණේ පළාත් පාලන මන්ත්‍රී ප්‍රභාත්ය කහදුවආරච්චිය. ප්‍රභාත් මන්ත්‍රීදුරයට අමතරව වර්තමාන රජයේ ආයතනයක විශේෂ තනතුරක් දරන්නෙකි. ඒ නිසාම ඇමති කබීර් ප්‍රභාත් ගේ කතා ශෛල්‍යය සම්බන්ධයෙන් මීට පෙර ද දනී. බටදුව උත්සවයේ කතාව අවසන් කර ප්‍රභාත් ට ඇමති කබීර් ආරාධනාවක් ද කළේය. මේ ප්‍රභාත් එන්න මගේ රැස්වීම් කීපයකුත් තියනවා කතා කරන්න. ඔයා හොඳට අපි කරන සංවර්ධනය ගැන මිනිස්සුන්ට දැනෙන්න කිව්වා. ඇමති කබීර් එසේ කියමින් ප්‍රභාත්ට හොද චරිත සහතිකයක් දුන්නේය. මේ කතාව අසලට මන්ත්‍රී විජේපාල ද සම්බන්ධ විය. නෑ මම මේ ප්‍රභාත්ට කිව්වේ මේවා කෙහොමත් වාමාංශික ආසනනේ. අපේ ඒ අයට අපේ සංවර්ධන වැඩ කටයුතු ගැන ටිකක් වැඩිය කියන්න ඕන. සමෘද්ධි හා වැඩිහිටි ආධාර දෙද්දී උනත් හැමෝනටම දෙන්න බලන්න. කබීර් එසේ කියද්දී මන්ත්‍රී විජේපාල ද එය අනුමත කලේය. විවෘර්ත කිරීම් කිහිපය සදහා ම එක් වු ඇමති කබීර් නැවත පිටත් වන විට සවස් වී තිබිණි. කෙසේ නමුත් ඇමති කබීර් විසින් විවෘත්ත කරන ලද බටදුවේ සමරු ළුලකය පසුදා උදෑසන වන විටම කඩා දමා තිබිණි.

සම්පත් සුබසිංහආරච්චි පත්වුයේ ඇමති ගයන්තගේ ආශීර්වාදයෙනි.

ඇමති ගයන්ත යටතේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස සම්පත් සුබසිංහආරච්චි පත්වුයේ ඇමති ගයන්තගේ ආශීර්වාදයෙනි. ඒ මීට වසර එකහමාරකට පමණ පෙරදීය. සම්පත් ද එජාප යේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙකි. ගාල්ල මහින්දයේ ආදි සිසුවෙකු වන ඔහු විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙකි. ආයතනයේ වැඩ ආරම්භ කර සම්පත් මෙහි කටයුතු හොදින් කර ගෙන ගිය අතර තුර මෙහි අධ්‍යක්ෂ ජනරාල් දුරය සදහා ඔහු විසින්ම ඇමති ගයන්තට යෝජනා කරන ලද නමක් අනුව පුද්ගලයෙකු සම්බන්ධ විය. අදාල පුද්ගලයා ද ගාල්ල ට සම්බන්ධ කමක් ඇති පරිපාලන ශේස් ත්‍ර යේ පුද්ගලයෙකි. කෙසේ නමුත් මොවුන් දෙදෙනාගේ දීගය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව තුල වැඩි කලක් තිබුණේ නැත. ටික කාලයක් යන විට තමා විසින් ම අධ්‍යක්ෂ ජනරාල් දුරය සදහා රැගෙන ආ පුද්ගලයාගේ කෙරුම් කියුම් සම්පත්ට ඉවසුම් නොදෙන්නට වු අතර සම්පත් ගේ කෙරුම් අදාළ පුද්ගලයාට ඉවසුම් නොදෙන්නට විය. මේ සම්බන්ධයෙන් ඇමති ගයන්ත ද දැනුවත් වී තිබු අතර ඔහු මොවුන් දෙදෙනා සමඟි කරවීම සදහා නොගත් උත්සාහයක් නැත.

ඇමති ගයන්න කරුණාතිලක දුග්ගන්නා රාල වෙයි.අමුඩය! රාල මීගමුවේ ඇමති ගයන්ත ඇල්පිටියේ ය.

කෙසේ නමුත් අවසානයේ සම්පත් තීරණයක් ගත්තේය. ඒ ඉල්ලා අස්වීමටයි. ඒ අනුව පසුගිය සතියේ ඔහුගේ ඉල්ලා අස්වීම ඇමති ගයන්ත වෙත ලබා දී තිබිණි. මේ අතර අධ්‍යපක්ෂ ජනරාල් දුරයේ කටයුතු කර පුද්ගලයා ද මේ සමඟම ඉල්ලා අස් වී තිබිණි. ඒ අනුව ඇමති ගයන්ත මේ දෙදෙනාගේ ම ඉල්ලා අස්වීම භාරගෙන ඇති බව අළු යට ගිණි වෙත වාර්තා වෙයි. කෙසේ නමුත් මෙසේ ඉල්ලා අස් වු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරියේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පැවැත්වීම සම්බන්ධ ආයතනයක ප්‍රධාන තනතුරකට පැමිණීමට නියමිත බව ද අළු යට ගිණි වෙත වාර් තා වෙයි. මේ අතර පසුගිය කාලය මැතිවරණයේ දී තම කොට්ඨාශය පරාජයට පත් වු බෝපේ පෝද්දල ප්‍රා දේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයෙකු වන අමිල නුවන් ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂකවරයෙකු බවට පත් කර තිබිණි. අදාල පත්වීම් ලිපිය ඇමති ගයන්තගේ අතින් ලබා ගෙන තිබිණි.

ජනපති මෛත්‍රිගෙන් ආරාධනාවකි….

දකුණේ අධ්‍යාපන ඇමති චන්දිමා ට ලමා දිනය යෙදුනු පසුගිය සදුදා වැඩ අධික දිනයක් විය. ජනපති මෛත්‍රී බලපිටියට පැමිණෙන නිසා ඒ සදහා ද ඔහුට ආරාධනා කර තිබු අතර වැලිගම පැවති අල්ලස් හෝ දුෂණ විමර්ශන සභාව මඟින් පැවැත් වු උත්සවයක ද ප්‍රධාන ආරාධිතයා වුයේ ඇමති චන්දිමාය. ජනපති පැමිණෙන උත්සවයට යා යුතුම නිසා උදෑසන එහි ගොස් යලි පැමිණෙන බව වැලිගම ට දැන් වු ඇමති චන්දිමා බලපිටිය සදහා යාමට පිටත් විය. යන අතර තුර ජනපති ඇමතූ ඇමති චන්දිමා කියා සිටියේ තමාට මේ උත්සවයේ වැඩි වේලාවක් සිටීමට නොහැකි බවත් වෙනත් උත්සවයක් ඇති බවත්ය. නෑ නෑ ඔයා චන්දිමා ඒ උත්සවයට යන්න. මෙතන ඉතින් කට්ටිය ඉන්නවා නේ. එතන එන දරුවන් රස්තියාදු කරන්න එපා. අද ළමා දිනය නේ. කී ජනපති ඇමති චන්දිමා ගේ ගම නැවැත්වීය. ඒ අනුව නැවත හැරුණු ඇමති චන්දිමා වැලිගම උත්සවට වේලාවටත් කලින්ම ගියේය.

ඇමති අකිල ගාලට ආවේය. විදුහල් පතිවරු 300කට උසස් වීම්!

මන්ත්‍රිවරු 23 ගලවන බව ඇමති ගයන්ත හා දොස්තර රමේස් අතර ගණිත කතාව් මකුකැයි ? ආණ්ඩුව අල්ලයි ද? පෙරලයිද මල්ලි පතොල මස්සක්ද පෙරලන්න….

මේ අතර අධ්‍යාපන ඇමති අකිල පසුගිය සතියේ ගාල්ලට පැමිණියේ ගාල්ල මීපාවල අමරසුරිය විද්‍යාලයේ විවෘත කිරීම් කිහිපයක් සදහා සහභාගී වීම සදහාය. පසුගිය රජය සමයේ ආරම්භ කරන ලද ආචාර්ය රිඩච් පතිරණ අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ද විවෘර්ත කිරීම ද මෙහි දී සිදුවිය. ඒ නිසා ම ගාල්ලේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු ඇමති රිචඩ් පතිරණ මහතා ගේ පුත් මන්ත්‍රී රමේෂ්ට ද මේ සදහා විදුහල්පතිවරයා විසින් ආරාධනා කර තිබිණි. උත්සවයට දින කිහිපයක් තිබියදී මන්ත්‍රී විජේපාල ද රමේෂ්ව ඇමතීය. උත්සවයට එනවා නේද? අනිවාර්යයෙන්ම එන්න. විජේපාල කියද්දී රමේෂ් කීවේ අනිවාර්යෙන් ම සහභාගී වන බවයි. ඒ අනුව ඇමති අකිලගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සදහා ඇමති ගයන්ත ඇතුව පිරිසක් ද එක්ව සිටියහ. ඇමති ගයන්ත සමඟින් මන්ත්‍රී රමේෂ් කතාවට වැටුනේ ඇමති අකිල උත්සව සභාව අමතද්දීය.

යහපාලන ආණ්ඩුව පෙරලයි! අලුත් ආණ්ඩුව හදයි! මෙන්න කතාව

මොනවද? මන්ත්‍රීතුමා විස්තර ඇමති ගයන්ත කතාව ආරම්භ කළේ එසේය. වරදක් නෑ. ඉදිරියේ දී අපි ආණ්ඩුවේ ඉන්න ඉතිරි 23 දෙනා ගලවා ගන්නවා. රමේෂ් කියද්දී ඇමති ගයන්ත කීවේ එයින් අවම වශයෙන් 12 ක් වත් එජාපයට එකතු වෙන බවයි. දැන් 16 දනොටත් අමාරුයිනේ ඒක නිසා 12 ක් හෝ ඊට වැඩි ගානක් අපේ පැත්තට එනවා. ඇමති ගයන්ත කියද්දී රමේෂ් කීවේ ඒ කොහොම වුනත් එජාපයෙනුත් පිරිසක් අරගෙන අපි ආණ්ඩුව පිහිටුවන බවයි.

ජපන් ලඳන් ලස්සනයි. සකුරා මල් වාගේ මචං…….අයියේ…

පසුගිය සතිය දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්නට විශේෂ විය. ඒ ඔහුගේ ජපාන මිත්‍ර යෙකු වන ටකී ටකාශී ශ්‍රී ලංකා සංචාරයක් සදහා පැමිණ තිබීමයි. මීට පෙර අරුණ ජපානයට ගිය අවස්ථාවේ කර අරාධනායට අනුව ඔහු මේ සංචාරය සදහා පැමිණ තිබිණි. ටකාශි ලෝක ජුඩෝ ශුරයෙකි. ජපානයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යණු ලබන ඔහුගේ ප්‍රියතම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂයි. ඒ නිසාම ඔහු එම ව්‍යාපාරික ස්ථානයේ මහින්දගේ අඩි හයක පමණ ඡායාරූපයක් තබා ගෙන ඇත. ජපාන සංචාරයේ දී අරුණ ටකාශි ට පොරොන්දු වුයේ හිටපු ජනපති මහින්ද ඔහුට මුණගස්සන බවයි. ඒ අනුව අරුණ ටකාශි හා මහින්ද හමුවක් පසුගිය සතියේ දී පැවැත්විණි. සර් මේ ටකාශි. මෙයා ජුඩෝ ශුරයෙක්. ජපානයේ හොද ව්‍යාපාරිකයෙක්. මම ගියා එතනට මෙතුමාගේ ව්‍යාපාරික ස්ථානයේ ඔබතුමාගේ ලොකු කටවුට් එකක් තියනවා. මෙයාගේ ප්‍රියතම නායකයා ඔබතුමා. මේ සංචාරය ආවෙම ඔබතුමා බලලා යන්න. අරුණ එසේ විස්තර කරද්දී හිටපු ජනපති මහින්ද ද ටකාශිට දුන්නේ උණුසුම් පිළිගැනීමකි.

හිටපු ඇමති චන්දිම රහසිගත රුස්වීමක් ආණ්ඩුව ගන්න ද?

මේ අතර 16 කණ්ඩායම ලෙස එලියට පැමිණි ගාල්ලේ හිටපු ඇමති චන්දිම පසුගිය සතියේ හදිසි රැස්වීමක් කැදවා තිබිණී. මෙය බෙහෝ රහසිගත රැස්වීමක් ලෙස පැවැත්විණි. කෙසේ නමුත් මෙහි දී ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සද චන්දිම ගේ සම්බන්ධීකරණ නියෝජිතියින් ද පත් කර ඇත. මේ රැස්වීම සදහා පොදුජන පෙරමුණේ මේ වන විට මන්ත්‍රීදුරය දරණ මන්ත්‍රීවරුන් ද පළාත් පාලන ආයතන වල තනතුරු දරණ මන්ත්‍රීවරුන්ට පැමිණ සිටීම විශේෂත්වයක් විය. මෙහි දී තවත් තීරණයක් ගෙන තිබිණි. දැන් මේ සම්බන්ධිකරණ කමිටු නිකන් යන්නේ කතා පෙට්ටි වගේ . මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට හෝ ඉදිරියේ දී අපේ ජනතා ප්‍රශ්න ටික විසදා ගන්න සම්බන්ධීකරණ කමිටු වලට සහභාගී වන ලෙස පැමිණ සිටි පිරිස චන්දිම ගෙන් ඉල්ලීමක් කළේය. ඔව් එහෙම නම් මම ඉදිරි සම්බන්ධීකරණ රැස්වීම වලට එනවා. හබරාදුව, ඉමදුව. හැබැයි විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදියට. අපි බලමු මොක ද වෙන්නේ කියලා. චන්දිම අවසානයේ එසේ තීරණය කළේය.

දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රී සන්සද රැස්වීම සදුදා පැවතියේ ගාල්ලේ දීය.

දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රී සන්සද රැස්වීම සදුදා පැවතියේ ගාල්ලේ දීය. මේ සදහා මෙවර අනුග්‍රහය ලබා දී තිබුණේ ඉසුරු දොඩංගොඩ විසිනි. මෙවර ද සන්සදය තරමක් උණුසුම් විය. විශේෂයෙන්ම මන්ත්‍රී චන්න මාධ්‍ය යට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අජිත් රාජපක්ෂ එලිපිටම විරුද්ධත්වය පල කර අතර මන්ත්‍රී පියසිරි ද එයට සහය විය. අපි කාරණාවක් තියේ නම් ඒක ගැන හිරියටම තොරතුරු ඇතිව මාධ්‍ය යට කියන්න ඕන එහෙම නැතිව කියලා පස්සේ නිකන් ප්‍රශ්න වෙනවා. විශේෂයෙන්ම ඉදිරි අයවැය ගැන නම් ප්‍රකාශ දෙන්න එපා. අජිත් එසේ කී විට චන්න කට ඇරියේය. එහෙම කොහොම ද මම හැම තැනම ශාඛා සමිති පිහිටුවනවා. එතකොට කතා කරනවා. එතන මාධ්‍ය ඉන්නවා. මිනිස්සු අපෙන් අහනවා පළාත් සභාව ගැන. ඉතින් ඒවට පිළිතුරු දෙනවා. දන්න කී විට පියසිරි කීවේ එහෙම කියනවා නම් ඔයාගේ පෞද්ගලික අදහසක් විදියට කියන්න. කියාය. ඔව් මම දැනටමත් ඉදිරි අයවැය පරාජයට පත් කරනවා කියලා කීප තැනක ප්‍රකාශ කරා. ඔව් ඔව් මමත් අයවැයට විරුද්ධව ඡන්දේ දෙනවා එවර චන්න ගේ සහයට පැමිණියේ මාදුගොඩයි. ඊට පසුව කතා කලේ සම්පත්ය. මම මේ ටෙන්ඩර් නොකර ව්‍යාපෘති ගැන කියන්න කියලා මහ ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරා. නමුත් මේකට කල් ගන්නවා. විතරයි. මේ පිළිතුරු දෙන්නේ නෑ. අපි මේකට පිළිතුරු කෙහොම හරි ගන්න ඕන. මේ සදහා මන්තීවරුන් කිහිප දෙනෙකුම සිය අදහස ප්‍රකාශ කරන්නට විය. ඔව් අපි මේ පිළිතුර දුන්නේ නැත්නම් සභාව මැදට යමු. සභාවේ මැද වාඩි වෙලා පිළිතුරු දෙනකම් ඉදිමු.

මුරුංගා හොද්ද ? කාපියව්…..පළාත් සභාවේ…

කතිකාව එසේ සිදුකර ගනිමින් සභාවට පැමිණිය ද සභාව ආරම්භ කර අවස්ථාවේ දී චන්න මන්ත්‍රීවරයාගේ මුරුංගා මාලය නිසා සභාව උණුසුම් වීම නිසා එයම ක්‍රියා මාර්ගය හකුලා ගන්නට සම්පත් ඇතුළු මන්ත්‍රීවරුන්ට සිදුවිය.

දකුණේ අධ්‍යාපන ඇමති චන්දිමාට පසුගිය සතිය කාර්ය බහුල විය. ඒ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිළුල පැමිණ තිබීම නිසාය. පසුගිය වසර 03ක්ම පිට පිටම දකුණු පළාත් ශිෂ්‍යත්වයෙන් ප්‍රථම ස්ථානයට පැමිණ තිබිණි. මෙවර ද ඔහු එය ලබා ගැනීම සදහා විශාල උත්සාහයක් දැරීය. ප්‍රතිළුල පිට වු දින කිහිප දෙනෙකුම ඇමති චන්දිමා ට කතා කර ඇසුවේ මෙවර ප්‍රතිළුල ගැනය. ඔව් ඔව් හතර වෙනකි වතාවටත් දකුණ එකට ඇවිල්ලා තියනවා. ඇමති චන්දිමාගේ පිළිතුර විය.

මහ ඇමති ෂාන් පසුගිය සඳුදා

මහ ඇමති ෂාන් පසුගිය සඳුදා දකුණු පළාතේ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් පාලන ආයතනවල ලේකම්වරු, හා කාර්මික නිලධාරින් ලබුදුව දක්ෂිණපාය ශ්‍රවණාගාරය වෙත කැඳවා තිබිණි. ඒ පසුගිය දිනවල එම පළාත් පාලන ප්‍රධානීන් දිගින් දිගටම ප්‍රධාන අමාත්‍යවරයාගේ චක්‍ර ලේඛන නිසා තමන්ට වැඩ කිරීමට නොහැකි බව පැවසීමට පිළිතුරු සැපයීමටයි. එම කැඳවීමට අනුව දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමා , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) පළාත් පාලන කොමසාරිස්තුමා ඇතුළු පළාත් පාලන ක්ෂේත්‍රයට සෘජුවම වගකියන අදාල බලධාරින් සියල්ල ද මේ සදහා පැමිණ තිබිණි. පසුගිය කාලේ මෙතන ඉන්න සමහරක් සභාපතිවරුන් මට චෝදනා එල්ල කරල තිබුනා. මම නිකුත් කරපු චක්‍රලේඛයක් මත තමන්ට වැඩකරගෙන යන්න බෑ කියල, යක්කලමුල්ල සභාපතිතුමා අක්මීමන සභාපතිතුමා වගේ සභාපතිවරු මට කෙලින්ම චෝදනා කරලා තිබුනා. හැබැයි මම එකක් කියන්න ඕන. වැඩ කරන පුද්ගලයින්ට ඔය චක්‍රලේඛය බාධාවක් නොවෙයි. වැඩ බැරි අය තමයි එහෙම කියනව නම් කියන්නේ. ඔබ තමුන්නාන්සේලා ඔක්කෝම නායකයෝ. නායකයෝ වුනාම කාරනා දෙකක් පිළිබඳව වගකියන්න ඕන ඒ තමයි වගකීම හා වගවිම යන කරුණු දෙක අපි හැමෝම වැඩකරගෙන යනකොට අධික්ෂණයක් කරගෙන යනව ඒක තමයි සම්ප්‍රදාය මගේ අමාත්‍යාංශයෙත් එහෙමයි. එහෙම වුනා කියලා වැඩ නොකර ඉන්න වැඩ මග හරින්න බෑ. හොඳට මතක තියාගන්න. මහඇමතිවරයා සියලුම දෙනාට සුහදව කරුණු පැහැදිලි කල අතර, අක්මීමන සභාපති සේන කලහේවත්ත මහ ඇමති ෂාන් කල එම චෝදනාවට පිළිතුරු දෙන්නට විය. මට චෝදනාවක් කලා ඕක වුනේ රමේෂ් මහත්තයගේ ගෙදර තිබුන බලමණ්ඩල රැස්වීමේදී ඔය සිද්ධිය.

ඒ මොන කොළමකින්වත් නෙවෙයි මම දැනගත්තේ ඔබතුමා කථා කරල වාඩිවෙනකොටම ළග ඉදපු කෙනෙක් මට කථා කරල කිව්වේ. මහ ඇමති ෂාන් කීවේ අක්මීමන සභාපතිවරයාට කිසිවක් නොකියන්නට ඉඩතබමිනි. එසේම අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස මහතා කථාකරමින් මහඇමතිවරයාට දැඩි ප්‍රශංසාවක් හිමි කිරිම විශේෂ සිද්ධියක් වුනා.

එජාපයේ පෙරලිකාර මන්ත්‍රීවරයෙකු වන මන්ත්‍රී ගාමිණී පසුගිය සතියේ හදිසියේ අසනීප විය.

මේ අතර හම්බන්තොට එජාපයේ පෙරලිකාර මන්ත්‍රීවරයෙකු වන මන්ත්‍රී ගාමිණී පසුගිය සතියේ හදිසියේ අසනීප විය. ඔහු ඇතුලත් කලේ ගාල්ලේ පෞද්ගලික රෝහලකටය. දින දෙකක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව රෝහලින් පිටත් වීමට සුදානම් වු ඔහු තමාට පළාත් සභාවෙන් ලබාදුන් රක්ෂණ හිමිකම් පත ලබා දුන්නේ මුදල් ගෙවීම සදහාය. ඕක දැන් භාවිතා කරන්න බෑ. රෝහලෙන් කී විට ගාමිණී උඩ ගියේය. රෝහලේ බංකුවක් මත වාඩි වු ගාමිණී හැම තැනටම ඇමතුම් දෙමින් ප්‍රශ්නය විසදන්නට උත්සාහ ගත්තේය. අවසානයේ රක්ෂණ සමාගාම ගාමිණීට කීවේ දැනට මුදල් ගෙවා පැමිණ පසුව බිල් ඉදිරිපත් කර මුදල් ලබා ගන්නා ලෙසයි. ඒ අනුව මුදල් රැගෙන පැමිණෙන ලෙස හම්බන්තොට තම නිවසට පනිඩියක් යැවු ගාමිණී පැය ගානක් රෝහලේ බංකුවක් මතට වී සිටියේ නිවසින් පැමිණ මුදල් ගෙවා ඔහුව නිදහස් කර ගන්නා තුරුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *