ඇඳ ඇතිරිලි වලින්  ඔතා රෝගින් ලෙස ගවයන් ප්‍රවාහනය කරලා

 

නවතම ජාවාරමක් ගාල්ලෙන් අනාවරණය වේ.

අසාධ්‍ය රෝගින් රෝහල් ගත කරන මුවාවෙන් මස් පිණිස ගවයන් ප්‍රවාහනය කරන අමුතුම ආකාරයේ ජාවාරමක් ගාල්ල කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරිහු විසින් සොයාගෙන ඇත.

මේ ජාවාරම අල්ලා ගනු ලැබුවේ 13 වන දින හිමිදිරි පාන්දර ගාල්ල ගිංතොට ප්‍ර දේශයේ දීය.තිරෝද රථයක ගව දෙනක හා පැටවුකු මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටියේ එම සතුන් ඇඳ ඇතිරිලි වලින් මේ ගවයන් ව ඔතා රෝගි පුද්ගලයන් රෝහලට ගෙනි යන මුවාවෙනි. ත්‍රිරෝද රථය පිළිබදව සැක සිතු පොලිස් නිලධාරිහු රථය පරික්ෂා කිරීමේ දී  අසාධ්‍ය රෝගින් නොව  ගවයන් මේ ආකාරයට ඇඳ රෙදි වලින් ඔතා රැගෙන යන ආකාරය කොටුකර ගන්නට පොලිසිට හැකි වුහ.

ත්‍රිරෝද රථයේ  රියදුරු මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන 13 වන දින ගාල්ල අධිකරණයට  ඉදිරිපත් කිරින්ට නියමිතව තිබේ.

13වන දින රාත්‍රියේ  තිරෝද රථයේ ගවයන්ගේ කකුල් බැඳ ප්‍රවාහනය කළ නිසා එළ දෙන හා වසු පැටවා රෝගි තත්ත්වයට පත්ව ඇත. මේ වන විට ගාල්ල දුෂණ මර්දන අංශයේ නිලධාරිහු පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි මේ ගව දෙනට හා පැටවාට ප්‍රතිකාර කරමින් සිටිති.

ගාල්ල කොට්ඨාස භාර පොලිස් අධිකරි අනුරුද්ධ බණ්ඩාර හක්මන  මහතාගේ උපදෙස් මත,ගාල්ල සහකාර පොලිස් අධිකාරි ශතිෂ් ගමගේ මහතාගේ අධික්ෂණය යටතේ,ගාල්ල දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පො.ප .ඩී.ජී ආනන්ද,පො.සැ.58987 හසන්ත,පො.සැ 32108 කිර්ති, පො.කො.58940 ප්‍රියදර්ශන යන නිලදාරිහු මෙම මෙම වැටලිම් සිදුකළහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *