රුපියලේ වටිනාකම වාර්තාගත ලෙස කඩා වැටීමකට
ශ්රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයක
ශ්රි ලංකා රුපියලේ වටිනාකම වාර්තාගත ලෙස කඩා වැටීමකට පත් වෙමින් එක්සත් ජනපද ඩොලර් එකක් සඳහා විකුණුම් මිල රුපියල් 158.69 ක්ද ගැනුම් මිල් රුපියල් 154.91ක් ලෙසද අද දින වාර්තා විය.එ් ඉතිහාසයේ ප්රථම වතාවට සිදුවවක් බවයි ශ්රි ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.
ශ්රී ලංකාවේ දැවැන්ත ආර්ථික අර්බුදය විසින් වසර ගණනාවක සිට කඩා වැටෙමින් පැවති රුපියලේ අගය නිසා භාණ්ඩ ආනයනයේදී හා ණය ගෙවීමේදී පුළුල්ව පැතිර යමින් තවත් අර්බුද ගණනාවක් ඇති කිරීමට නියමිත බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් ආනයනික භාණ්ඩ කෙරෙහි මේ තත්වය අහිතකර ලෙස බලපාන බවත් එම භාණ්ඩ මිළ ඉහළයාම නිසා ජීවන බර තවදුරටත් ඉහළ නගින බව ආර්ථික විශේෂක්න්යින් පෙන්වාදෙයි.