රටපුරා කොරෝනා බියෙන් වෙළදසැල් හිස්වෙයි!! පාරිභෝගිකයින් අතර ගැටුම්!!

රටපුරා කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම මත අද දිනයේ තොග වෙළද සැල් සහ සිල්ලර වෙළදසැල් තුල දැඩි තදබදයක් හටගත් බව අප වාර්තාකරුවන් සදහන් කරයි ඇතැම් සුපිරි වෙළදසැල් වල දිගු පෝලිම් පවා ඇතිවූ බව සදහන්ය ජනතාව අහාර හිගයක් ඇතිවෙතැයි අපේක්ෂාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැස්කර තබාගැනීම සදහා මෙම පියවර ගත බව ජනතාව සදහන් කරයි.

රට තුල වෛරසය පැතිරී ගියහොත් භාණ්ඩ ලබාගැනීමේ ගැටළුවක් ඇතිවීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කරගනීම සදහා ජනතාව උනන්දු වී ඇත කොරෝනා ආසාධිත ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු හමුවීම හා දින 40ක කාලයකට පාසැල් වසා දැමීම හේතුවෙන් රට පුරා ජනතාව මහත් කලබලයට පත්ව සිටිති .

සුපිරි වෙළඳ සැල්වල රාක්ක හිස්ව ගොස් ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිගයක් ඇතිව තිබේ.ඇතැම් වෙලදසැල්වලදී පාරිභෝගිකයන් අතර ගැටුම් ද ඇති වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *