කොරෝනා ආසාධිත බවට සැක මරණයක් මත්තේගොඩින් සොයාගනී

අද පස්වරුවේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවත් අදාල මරණය කොරොනා ආසාදිතව මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවද කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස මියගිය පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 20 වනදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර අද (1) අලුයම මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිදුකල පරීක්ෂණ යන්ට අනුව මෙම පුද්ගලයාගේ මරණය කොරොනා වැලදී මිය යන්නට ඇති බව ට සැක කරන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පද්මරාජ මතා මහතා සදහන් කන ලදී.

හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණා ජයසූරිය මහත්මිය එම ස්ථානයට පැමිණ මෘත දේහය මුද්‍රා තැබීමට පියවර ගත් අතර දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කොට දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කිරීමට පියවර ගන්නා ලදී එහිදී මරණය සම්බන්ධයෙන් ලැබෙන වාර්තාව වලට අනුව මෘත දේහය පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

වෛද්‍ය පර්යේෂණායතනයෙන් මරණය සම්බන්ධයෙන් වාර්තාව ලැබෙන තෙක් නිවසේ රැඳී සිට සියලු දෙනාට ස්වයං නිරෝධායන යෙදෙන ලෙස උපදෙස් ලබා දෙන ලදී . මරණය සිදුවූ නිවස හා අවට විෂබීජ හරණය ලක් කිරීමට ද පියවර ගන්නා ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *