යාපනයේ දේව මෙහෙයට සහභාගී වූ අයෙකුට කොරෝනා වැළදිලා

අදාල දේව මෙහෙයට සහභාගී වූ කණ්ඩයම තුල සිටි පුදගලයන් කිහිප දෙනෙකු උණ රෝගය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල අතර එම රෝගීන් අතරින් එක් අයෙකුට සිදුකරන ලද පරික්ෂණ වලදී කොරෝනා වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීම පසු එම රෝගයා අයි.ඩී.එච්. රෝහලට යවා තිබේ.

අරියාලේ ෆිලඩෙල්පියා දෙවු මැදුරේ පසුගිය මාර්තු 15 වැනිදා පැවැති දේව මෙහෙයට සහභාගී වූ සියලුම බැතිමතුන්ට ස්වයං නිරෝධානයට ලක්වන ලෙස යාපනේ සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරයි. ස්වීඩන් ජාතික පූජකයකු විසින් මෙම දේව මෙහෙය පවත්වා ඇති අතර පසුව වාර්තා වුනේ ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි.උතුරු පළාත් භාර සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ කේතීෂ්වරන් සඳහාන් කළේ මෙම දේව මෙහෙයට 200ත් 250ත් අතර බැතිමතුන් පිරිසක් සහභාගී විී ඇති බවයි. පූජකවරයාගේ බිරිය ඔහුවෙනුවෙන් යාඥා කරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා ඇති බව ආණ්ඩුකාරවරයා තහවුරු කර ඇත.නාවාට්කුලි, යාපනය,නල්ලූරුව හා මානිපායි යන ප්‍රෙද්ශවලින් මේ දේවමෙහෙය සඳහා බැතිමතුන් සහභාගී වී ඇති අතර මේ පිරිස සිටින තැන් සොයා ඔවුන් නිරෝධායනයට පත් කිරීමට සොඛ්‍ය දෙපාර්තමේන්තුව මෙහෙයුම් දියත් කර ඇත.

මේ වන විට අදාල පූජාවට සහභාගී වූ පිරිසෙන් 40 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඉන් යාපනය ශික්ෂණ රෝහලට තිදෙනෙක් ද වව්නියාව මහරෝහලට 09 දෙනෙක්ද සිරුරේ ඇති වූ අසනීප හා උණ තත්වයන් හේතුවෙන් ඇතුළත් වි තිබේ.එසේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් වූ රෝගීන් තිදෙනාගෙන් එක් අයෙකුට සිදුකරන ලද පරික්ෂණ වලදී කොරෝනා වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීම පසු එම රෝගයා අයි.ඩී.එච්. රෝහලට යවා තිබේ.අනෙක් රෝගීන්ට වයිරසය ආසාදනය වී ඇත්දැයි යන්න පරික්ෂණ කටයුතු තවමත් සිදු කෙරෙන බවටද වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *