ගුවන් තොටුපලේ සේවය කල හමුදා නිළධාරියකුට කොරෝනා අසාධනය වෙයි!!

කටුනායක ගුවන් තොටුපලේ විදෙස් ගතව මෙරටට පැමිණෙන පුදගලයන් නිරෝධායන කටයුතු සදහා යොදවා සිටි යුධ හමුදා නිළධාරියෙකු කොරෝනා අසාධනය වීම ඇත අදාල නිලධාරියා නිවාඩුවට නිවසට පැමිණ හොරණ නගරයේ වෙළද සල් කිහිපයකට ගොස් ඇත මේ නිසා අදාල හමුදා නිලධාරියා සමග ගනුදෙනු කළ හොරණ නගරයේ වෙළදසැල් 04ක සේවය කරනු ලබන සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අද (30) පියවර ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපලේ රාජකාරි සඳහා අනියුක්ත කර සිටි මෙම යුධ හමුදා නිලධාරියා හට කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහු මේ වනවිට IDH රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත.

ඔහුගේ බිරිඳ, දරුවා ඇතුළු පවුලේ අය නිරෝදායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

මෙම හමුදා නිලධාරියා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුගිය 26 වෙනිදා අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සිදුකර ගැනීම සඳහා හොරණ නගරයේ වෙළදසැල් 04 කට ගොස් ඇත. මෙම හමුදා නිලධාරියා එම වෙළදසැල් වෙත යාමේදී පුර්ණ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියා මාර්ග අනුගමණය කර සිට ඇති බව හොරණ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ශානක මල්ලිකාරච්චි මහතා පවසයි.

කෙසේ වුවත් අදාළ වෙළදසැල්වල සේවය කරනු ලැබූ සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් ලබන සතියේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ශානක මල්ලිකාරච්චි ප්‍රකාශ කයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *